ආරක්ෂාව තර කරණ ලෙස ජනපති උපදෙස් දෙයි

කිසිදු ප්‍රචණ්ඩ කාරී කටයුත්තක් රට තුළ ඇතිවීමට ඉඩ නොතබන ලෙස

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය සමග රටේ ආරක්ෂාව තර කරමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) රාත්‍රී ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

කිසිදු ප්‍රචණ්ඩ කාරී කටයුත්තක් රට තුළ ඇතිවීමට ඉඩ නොතබන ලෙසත් ජනතාවට සාමාන්‍ය පරිදි සාමකාමීව කටයුතු කිරීමේ පරිසරයක් ගොඩනැගීම සියලු දෙනාගේම වගකීම නිසා සියලු වගකිව යුතු අංශ ඒ පිළිබදව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවද ජනාධිපති තුමන් උපදෙස් ලබාදී ඇත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ අද රාත්‍රී 8.00 පමණ පැවැති විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *