පාර්ලිමේන්තුවේ නමින් ඡන්දයක් ඉල්ලන්න // ජනපති කියයි

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව නැවත හෙට

රට තුල උද්ගතවී ඇති වාතාවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතානායක කරූ ජයසූරිය මහතා හා විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් අතර සාකච්චාක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද රාත්‍රී පවත්වන ලදී අදාල සාකච්චාව සදහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වන ලදී එම සාකච්චා සාර්ථකව පැවැත්වී තිබේ.

එම සාකච්චාව යම් එකගතාවයක් සහිතව අවසන් වී ඇත. මෙහිදී බහුතරය තමන් සතු බව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් පෙන්වා දෙන ලදී.එය එම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී තිබේ.ඒ අනුව, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව නැවත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමක් පවත්වන ලෙස ජනාධිපතිවරයා පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබේ.ඒ අනුව පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට දැනුම් දුන්නේ ය

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ අතර

ඊට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන්නේ ය.එසේම පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

මෙම හමුව සදහා එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ නායකයන් සහභාගි විය.රට තුල ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්වාව පැවැත්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *