රටම කතා කරන ඓතිහාසික දෙවනගල පුදබිමේ වර්තමානය

ජායාරූප හා සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර වාර්තාව

පුරා විද්‍යා ස්මාරක සහ පුරා විද්‍යා රක්ෂිත කියලා දෙයාකාරයක ගැසට් කිරිමක් තිඛෙනවා. මේ ස්ථානය ගැසට් වි ඇත්තේ පුරා විද්‍යා ස්මාරක ලෙස නමුත් දෙවනගල අපි යෝජනාවක් කරනවා මෙම ස්ථානය මෙම ප්‍රදේශය පුරා විද්‍යා ස්මාරකයක් ලෙස නොව පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කරන්න කියලා. පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කිරිම මගින් මෙම අනවසර අයට විකල්ප ඉඩම් සකස් කරලා දිලා මේ අය අයින් කිරිමේ හැකියාව තිඛෙනවා යැයි මාවනැල්ල ඓතිහාසික දෙවනගල රජමහ විහාරයේ නිරික්ෂණ චාරිකාවක නිරත වු උතුර නැගෙනහිර නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පනාමුරේ තිලකවංශ නාහිමිපාණන් වහන්සේ පසුගිය 27 වැනි දින පැවසිය.
උන්වහන්සේ සහ මොණරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත මහතා ඇතුලූ පිරිසක් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රි දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම වන අතරතුර එක් දිනක් සමවත් සුවයෙන් වැඩසිටි උතුම් පින්බිමක් වන බව ශාසන ඉතිහාසයේ සඳහන් ඓතිහාසික දෙවනගල රජමහ විහාරයේ පුරා වසර ගණනාවක් තිස්සේ අන්තවාදින් අතින් සිදු වි ඇති විනාශයට පත් වන පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථාන මෙන්ම පූජා භූමියේ ඉදි කර ඇති අනවසර ගොඩනැගිලි නිවාස යනආදිය පරික්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව දෙවනගල රජමහ විහාරයේ පහත මළුවේ ඇති ධර්ම ශාලාවේදි පැවැති විශෙAෂ මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහස්සේ මෙසේද පැවසිය.
පසුගිය 24 වැනි දින ඇඳිරි නිතීය අවස්ථාවේ පිරිසක් එකතු වේලා මේ ස්ථානය පූජා භූමියක් නොවෙයි. මැනුම් කටයුතු වලදි පුරා විද්‍යා එකට වැරදිමක් සිදු වි ඇති බව පෙන්වා දුන්නා. ඒ වාගේම මේ ස්ථානය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයිත් නැහැ කියලා මතයක් ගොඩනගන්න උත්සාහ ගනිමින් සිටියා.
ඇත්තෙන්ම මට කියන්න කණගාටුයි 2009 වසරේ මෙම ස්ථානය රැක ගැනිමට අවශ්‍ය නිතීමය කටයුතු සිදු කරලා තිඛෙනවා මෙම ස්ථානයේ මැනුම් කටයුතු සිදු කරලා තිඛෙනවා. මෙහි පිඹුරුපත් සකස් කර තිඛෙනවා නමුත් මෙම දෙවනගල පුදබිම රැකගන්න මායිම් කණු ටික දා ගන්න අද වෙන කොට බැරි වේලා තියෙනවා එක පැත්තකින් මේක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක්.
ලංකාවේ තිඛෙන සියලූ පණත් වලින් පුරාවිද්‍ය පණත බලවත් මේ පණතේ බලවත් බව තේරුම් අරන් මෙහි මායිම් ලකුණු කරලා එය නියමිතව පිඹුරකට අරන් කටයුතු කලානම් අද මෙම දෙවනගල මෙච්චර පරිහානියකට ලක් වෙන්නේ නැහැ.
2009 වසරේ මෙහි ආණ්ඩුකාරධුරය දැරු ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා මැදිහත් වේලා මෙම ඓතිහාසික දෙවනගල පුදබිම රැක ගැනිම සඳහා වැටක් ඉදිකිරිමට යෝජනා කරලා එය පුරා විද්‍යා ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වෙන් කරන ලද මුදල් මදි නිසා ආණ්ඩුකාරතුමාගේ මුදල් වෙන් කරලා ඉතුරු වැටමායිම් දැම්ම සඳහා කටයුතු සුදානම් කරන්න කියලා තිඛෙනවා. ඒ වෙනකොටත් මේ කටයුතු සිදු වේලා නැහැ.
ඒ වාගේම මතක් කරන්න ඔනෑ උඩමළුවට විතරයි අපි දැක්කා දෙවනගල ගල වටේම මුස්ලිම් අන්තවාදීන් අල්ලාගෙන ඉන්නවා. මේ පුරා විද්‍යා නටඹුන් උඩ දැන් ගෙවල් හදා ගෙන තිඛෙනවා. සඳකඩ පහන කැලි කැලි වලට කඩලා තිඛෙනවා. එතන තිබු අම්බලම විනාශ කරලා තිඛෙනවා අන්තවාදි දේශපාලඥයින්ගේ මැදිහත් විම මත. මේ උඩමළුව සහ පුරා විද්‍යා රක්ෂිතය රැක ගැනිම සඳහා 2009 මේ ස්ථානයට පොලිස් මුර පොළක් දැම්මට යෝජනා කර තිඛෙනවා ආණ්ඩුකාරතුමා විසින් මේ වෙනකම් එය වැටිලා නැහැ. ඒ වාගේම මසක් ඇතුලත ස්වාමින් වහන්සේලා නැවැත්විමට ආවාස ගෙයක් සකස් කිරිමටත් තීරණය වි තිඛෙනවා.
ඒ වාගේම අපි විහාරාධිකාරි ස්වාමින් වහන්සේගෙන් දැන ගත්තා දැනට අවුරුදු තුනක් වන මෑත කාලයකදි තමයි මේ ස්ථානයේ සංඝා වහන්සේලා වැඩ වාසය කිරිමට පෙළඛෙන්නේ කියලා. 2009 වන විට සංඝා වහන්සේලා නැවැත්විම සිද්ධ කලා නම් මේ වන විට මේ ප්‍රශ්න මෙච්චර උඩු දුවන්නේ නැහැ. එදා ගත්ත තීන්දු තීරණ සම්බන්ධයෙන් නැවත සමාලෝචන සාකජ්ජාවක් කරලා තිඛෙනවා 2009 ඔක්තොම්බර් 23 වැනිදා හවස දෙකට මෙම ස්ථානයේ පිහිටා ඇති ධර්ම ශාලාවේදි ආණ්ඩුකාරතුමාගේ මුලිඛත්වයෙන් එම සාකජ්ජාවේදිවත් මෙ වෙනුවෙන් ඉදිරියට ගත්ත වැඩ පිළිවෙල ක්‍රියාත්ම වේලා නැහැ. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවිමට හේතු වේලා තිඛෙන්නේ මුස්ලිම් අන්තවාදින්ගේ දේශපාලන ප්‍රාදේශිය නායකයින්ගේ සහ පාර්ලිමේන්තු අන්තවාදි දේශාපාලන නායකයින්ගේ නායකයින්ගේ ක්‍රියා කලාපය කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර යුතු වෙනවා.
අපි දැක්කා උතුරු නැගෙනහිර වාගේම මේ පළාතෙත් මේ ගැටලූව නිසා දකිනවා. එදා අපේ රජදරුවන් හදපු දෙවනගල පිවිසුමේ ඇති සඳකඩ පහන විනාශ කරපු එකට රුපියල් 50000 ක මුදලක් දඩ ගහලා ඒ මිනිස්සු එළියට දැම්මා. එම නිසා ඒ විනාශ කරපු එක අපි රැක ගන්නේ කොහොමද ? අපි කර යුත්තේ විනාශ කරාට පස්සේ ඒ අයට නිතීය ක්‍රියාත්මක කරන්න කලින් විනාශ වෙන්නේ නැතිව මේක පරිස්සම් කර ගන්නේ කොහාමද කියන එකයි.
අද වන විටත් දෙවනගල පුදබිමට රැකවල් භාරකරුවෙක් නැහැ. තාමත් පුරා විද්‍යා නිලධාරියෙක් නැහැ මෙම ස්ථානයට පත් කරලා මෙම ස්ථානයේ ආරක්ෂාවට මේක හරි ශෝදනියයි හෙට දවසේ ඉතුරු ටිකත් විනාශ වුනාට පස්සේ, සෙල්ලිපියටත් ඇසිට් වත් කරලා විනාශ වුනාට පස්සේ, අද අපි දැක්කා එම ස්ථානය නිරික්ෂණය කරන්න යනකොට සිරිපතුල උඩ බල්ලෝ ලැගලා ඉන්නවා.
එම නිසා මෙම ස්ථානය ආරක්ෂා කිරිමට ස්වාමින් වහන්සේට ඉදිරිපත් වෙන්න බැහැ ඒ වෙනුවෙන් මොනවාවත් කරන්න බැහැ මෙම ස්ථානය පුරා විද්‍යා වටිනාකමක් තිඛෙනවා නිසා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරලා මෙම ස්ථානය රැක ගන්න අවශ්‍ය කටයුතු සිදු කරන්නෙත් නැහැ. ඒ නිසා අද වන විට තිඛෙන ගැටලූව තමයි මේ ස්ථානය රකින්නේ කවුද කියන එක. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා අපිත් එක්ක බොහොම හිතවත් අපි එතුමාගෙන් මම ඉල්ලිමක් කරනවා එතුමා අපිට කිවා මෙම ස්ථානයේ තාමත් නිරවුල්තාවයක් නැහැ මෙහෙමයි කියලා.
මහත්තයෝ දැන් අපිට නම් දොඩවමින් ඉදගෙන සිටිමෙන් පලක් නැහැ මේ තියෙන ටික රැක ගන්න හරියට පිඹුරට අනුව මැනලා මේක ගැසට් කරලා මේක ඉදිරියට සුරක්ෂිත වෙන්න ආරක්ෂිත වැඩපිළිවෙලක් හදා ගන්න එක තමයි හොඳම වැඩේ.
පුරා විද්‍යා ස්මාරක සහ පුරා විද්‍යා රක්ෂිත කියලා දෙයාකාරයක ගැසට් කිරිමක් තිඛෙනවා. මේ ස්ථානය ගැසට් වි ඇත්තේ පුරා විද්‍යා ස්මාරක ලෙස නමුත් අපි යෝජනාවක් කරනවා මෙම ස්ථානය මෙම ප්‍රදේශය පුරා විද්‍යා ස්මාරකයක් ලෙස නොව පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කරන්න කියලා. පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කිරිම මගින් මෙම අනවසර අයට විකල්ප ඉඩම් සකස් කරලා දිලා මේ අය අයින් කිරිමේ හැකියාව තිඛෙනවා.
ඒ වාගේ පුරා විද්‍යා සාධක නැති විහාරස්ථාන සන්නසක් මගින් පවරපු භූමිය අපට පුළුවන් කමක් තිඛෙනවා පදිංචිකරුවන්ව අපිට පූජාභූමියකට යටත්ව පත් කිරිමක් සිදු කරලා ඒ පූජා භූමිය ඇතුලේ ඉන්න අයට යම් බද්ධක් විහාරස්ථානයට ගෙවිමට ක්‍රමවේදයක් සකස් කරන්න ඒ වාගේ නිතී අනපණත් තිබියදි අපේ බලධාරින්ගේ අඩුපාඩු ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේ අඩුපාඩු නිසාමයි මේ අපරාධය සිදු වන්නේ කියන එක මේ මොහොතේ මතක් කර යුතු වෙනවා.
මොණරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත මහතා.
රටේ මෙවැනි ආක්‍රමණ සිද්ධ වෙලා තියෙන්නෙ රාජ්‍ය නායකයන් දුර්වල වෙලා ඉන්න රාජ්‍ය අසමත් වෙලා තියන අවස්ථාවලදී. අපි දන්නවා 2015 පැවති රජයේ කාලයේ අපේ උරුමය පිළිබඳ කතා කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. යාපනය කදුරුගොඩ විහාරය ආක්‍රමණයට ලක් වෙලා ඉවරයි. මන්නාරම් වරාය අශ්වලාඩම් හැඩති වරාය භූමියේ මේ වන විට වෙනම ගම්මාන හදලා ඉවරයි. කුච්චවේලි පිච්චමල් විහාරය තමයි එක්සත් ජාතින්ගේ සංවිධානය රටවල් 192 ක් මැද්දේ තියෙන වෙරළ ආශ්‍රිතව කටාරම් ලෙන් සහිත එකම අරාමය. මේ වෙනවිට ඒවා ආක්‍රමණය වෙලා ඉවරයි.
මුලතිව් වල තියෙන වට්ටනාග පබ්බත විහාරය මේ වන විට මුලතිව් වල තියෙන කි්‍ර.පු දෙවන සියවසේ හදපු විහාරස්ථාන අද අපිට නැහැ. ඒවා විග්නේශ්වරන්ගේ බලපෑම් එක දෙමළ අන්තවාදීන් දෙමළ නිජබිම් අන්තවාදින් ඒවා ආක්‍රමණය කර විට මේ රටේ සංස්කෘතික ඇමතිවරු සංස්කෘතික කටයුතු ඇමතිවරු බුද්ධශාසන ඇමතිවරු රාජ්‍ය නායකයින් හිටපු අගමැතිවරු ජනාධිපතිවරු නිදියගෙන හිටියා.
ඔවුන් ගුරුකන්දේ පන්සලේ හාමුදුරුවෝ අපවත් වූ වෙලාවේ රාජ්‍ය නායකයා කතා කරන්නේ නෑනේ උන්වහන්සේගේ ආදාහනය කරන්න. බුද්ධ ශාසන ඇමතිගෙන් ඇසුවාම ඔහු පිලිතුරු නොදී බලන් හිටියා. මුහුදු මහා විහාරය ප්‍රශ්න තියෙද්දී සජිත් ප්‍රේමදාස මහත්තයා ආවා සංස්කෘතික ඇමති ඒ වෙනකොට ජනාධිපතිවරණය ලංවෙලා. ඔහු ඇවිල්ලා පොතුවිල් වල ලඟ පන්සලට ගියා කිලෝමිටර් එක හමාරක් දුර යන්න තිබුණු මුහුදු මහා විහාරයට ගියේ නැහැ.
මේ ප්‍රශ්න බොහෝ නායකයො මග ඇරියා එකම හේතුව තමා නායකයෙකුගේ වගකීම තමා මහාවංශය ප්‍රතිෂ්ඨාපනය මේ රටේ රාජ්‍ය නායකයෙක් වෙන්න නම් මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුණු රාජ්‍ය නායකයෙක් මේ රටට ඕන. එහෙම නායකයෙකු ආකල මේ සංස්කෘතික උරුමය රැකෙනවා. එහෙම නොවෙන තාක් මේ සංස්කෘතික උරුමයන් රැකෙන්නේ නෑැහැ නීති තිබුනට අණපනත් තිබුනට පොලිසි තිබුනට හමුදා තිබුනට අධිකරණ තිබුනට බන්ධනාගාර තිබුනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල් තිබුනට අණ දෙන්නට නායකයෙකු ඕන. අපි ඉල්ලනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ජනාධිපතිවරණයේදී ලබපු ජයග්‍රහණය තුළින් එතුමාගෙන් බලාපොරොත්තු වුන මේ රටේ සුවහසක් ජනතාවගේ රටේ අපේ තියන අනන්‍යතාවය රකින්න කියලා අපි ඉල්ලනවා.
මේ රටේ සංස්කෘතික උරුමයන් රකින්න කියලා අපි ඉල්ලනවා. රටේ ජාතික අනන්‍යතාවය අපි ඉල්ලනවා. ඒ නිසා ඔබතුමාට දෙන්න තියෙන එකම උත්තරේ මෙවැනි දේ රකින්න පෙළඹෙන්න මොන නීති අණපනත් තිබුණත් රජකුගේ විධිවිධාන තියෙන්න ඕන. උදාහරණයක් වශයෙන් 2009 මැයි 18 වැනිදා යුද්ධය අවුරුදු තිහක් යුද්ධය කරා මොන සේනාධිනායකයාද හරියට තීන්දු ගත්තේ සේනාධිනායකයෙකු ඒකට ඕන. රටකට නායකයෙක් ඕන නායකයෙක් නැතුව මේ රට යන්න පුළුවන් කමක් නෑ.
අනෙක් පැත්තෙන් අපේ රටේ අපේ නායක ස්වාමීන් වහන්සේ කිව්වා මේ ධර්මය ආරක්ෂා කරන්නන් ශාසනය ආරක්ෂා කරන්න රට ආරක්ෂා කරන්නන් රජුට විතරක් නෙවෙයි මේ රටේ ත්‍රෛනිකායික මහා සියලූ සංඝරත්නයට එකමුතුවක් අවශ්‍ය බව ඒක මේ රටේ සෑම තැනකින්ම අද කතා කරනවා. ධර්මයේ විකෘතියක් ඇති වෙන වෙලාවක ඒ ධර්මය හා ආරක්ෂා කරගන්න ශාසනය ආරක්ෂා කරගන්න හැඟීමකින් ප්‍රබෝධයක් ඇති වෙන වෙලාවක ඒ ධර්මය ආරක්ෂා කරගන්න ශාසනික හැඟීමකින්් වන ප්‍රබෝධයක් අවශයයි. ඒකට සංගායනාවක් අවශ්‍ය කාලයයි. ඒ නිසා නීති අණපනත් තිබුනත් අපේ එක්සත්කම තමයි එකමුතුකම තමයි මේ හැමදේම රැක ගැනීමට තිඛෙන එකම වගකීම අපි ඉල්ලනවා ජාතියේ සියලූ ජනතාවගෙන් මාවනැල්ල ප්‍රදේශයේ ජනතාවගෙන් එදා දෙසැම්බර් 25 මාවනැල්ල බුදුපිලිම කඩන වෙලාවේදී මාධ්‍ය සාකච්ඡාවක් කරන්න නායකයෙක් නැහැ.
දෙවනග රජමහ විහාරයේ භාරකාර ස්වාමින් වහන්සේ වන පුජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ අදහස් දක්වමින් මෙසේ පැවසිය.
මිට දින කිහිපයකට කලින් ඔබලා දකින්න ඇති මුද්‍රිත හා වි්‍යුත් මාධ්‍ය හරහා දෙවනගල පූජා භූමියේ ඉඩකඩම් අල්ලා ගැනිමේ උච්චම අවස්ථාව. මෙම ස්ථානය පූජා භූමියක් නොවෙයි මේක පුරා විද්‍යා එකට වැරදුනා කියලා කිවා නඩුවක් දාලා මාගේ ඇග බදින්න මට විරුද්ධව කටයුතු කරන අන්‍ය ආගමිකයන් සුදානම් වුනා. ඒ වෙනුවෙන් මෙ අපේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විසින් අකුරණ, කොළඹ වාගේ ඔවුන්ට හිතවත් නිතිඥ මහත්වරුන් ගෙන්වා තිබුණා. මේ වාගේ මහත් වු කම්කටුලූ මැද තමයි මේ පූජා භූමිය රකින අරගලයේ මම ජිවත් වන්නේ ඔළුවට කිසිම විවේකයක් නැහැ නිදහසේ පාරක බැහැලා යන්න බැහැ පසුගිය දිනකත් ගලක් උස්සාගෙන මාගේ වාහානයට ගහන්න ආවා මේ වාගේ සිදු විම් ගණනාවක්ම සිද්ධ වුනා. මුස්ලිම් අන්තවාදීන් මේ විදිහට මාගේ මළ කඳ උඩින් හරි කමක් නැහැ කියලා දෙවනගල පූජා භූමියක් නොවෙයි කියලා ඔප්පු කරන්න සංවිධානය වෙනවා. නමුත් සමස්ත මුස්ලිම් ජනතාව මේ අන්තවාදි ගොඩේ නැහැ. පිරිසක් මේවා විනාශ කිරිමේ මහ දැවැන්ත ක්‍රියාවලියක නිරත වේලා ඉන්නවා. මේ ලංකාවේ අන්වාදය මුලින්ම ක්‍රියාත්මක වුනේ මාවනැල්ලෙන් බුදු පිළිම කඩ බිඳ දමලා. ඒ බලවේගයේම කොටසක් තමයි මේ දෙවනගල විනාශ කිරිමේ කටයුත්තෙත් නිරත වේලා ඉන්නේ.
පුරා විද්‍යා ස්මාරක ස්ථාන වල නිවාස සකස් කරලා ක්‍රමයෙන් ගලේ පුද බිම දිසාවට ඉඩම් අක්‍රමණය සිද්ධ වෙනවා. සමහර නිවාස සුක්ෂව සකස් කිරිම සිදු වන්නේද පල්ලියේ සහායෙන් අපි දැක්කා බාගෙට හදපු නිවාස වල මිනිස්සු පදිංචි කරලා ඉන්නවා තවත් සමහර නිවාස දැක්කා පාගෙට සකස් කරලා තිඛෙනවා. ඒවායේ මිනිස්සු පදිංචි කරන්න මෑත කාලයේ සකස් කරපු දේවල් දේශාපනයේ මෙන්න වගකිව යුතු නිලධාරින්ගේ සාහායෙන් මේ දේවල් සිද්ධ වුනා පසුගිය ආණ්ඩුව කාලේ පූජා භූමිය ඇතුලත හානියක් සිදු වෙනවාද යන්නවත් පරික්ෂාවක් සිදු කිරිමට නොහැකි වුයේ ඒ දේවල් පොලිසිය මගින් අධීකරණ නියෝග කොට ජාතිවාදය ඇවිස්සෙයි යන්න මුලට දමා සිදු කරන ලද හෙළිදරව්ව නිසායි.
මේ ප්‍රදේශයේ බලය අතට අරන් කටයුතු කරපු කබිර් හෂිම් ඇතුලූ අතාවුද මෙන්ම ලලිත් දිසානායකලා හොඳ හැටි අන්තවාදීන්ට වැඩෙන්න දි බලා සිටියා. අපේ උරුමයට හෙන ගැහිලා ගියොත් කමක් නැහැ කියලා ඔවුන් විසින්ම පත් කර දැමු ඉහළ පොලිස් නිලධාරින්ගේද සහායෙන් මේ කටයුතු කලේ මේ උරුමට විනාශ කර දැම්ම හරහා දෙවනගල ගල මුදුනේ පල්ලියක් ගැසිම ඉලක්ක කරගෙනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *