ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සේවයෙන් ඉවතට

සිද්ධිය සම්බන්ධයෙන් ජනපති දැඩි තීරණයක

මෙරටදී ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (03) පස්වරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි එම් කේ මහානාම මහතාගේ වැඩ තහනම් කළ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී

කොළඹ ගලධාරී හෝටලයේදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝටි 10ක අල්ලස් මුදලකින් කොටි 02ක් අත්තිකාරම් ලෙස ලබා ගනිද්දීය.මුලින් මොවුන් විසින් ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් කෝටි 56ක් යයිද වාර්තා වෙයි

මේ සම්බන්දයෙන් පරීක්‍ෂණ සිදු කරමින් යද්දී අල්ලස් කොමිසමේ ප‍්‍රධානියා විනින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ ඇතැමුන්ද අල්ලස් ගැනීමකට සම්බන්ධ බවට තොරතුරු ඇති බවයි.ඊට ප‍්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා අල්ලස් කොමිසමේ ප‍්‍රධානියාට දන්වා ඇත්තේ එවන් චෝදනා ඇති ඔ්නෑම පුද්ගලයෙක් සම්බන්ධයෙන් නීතිය උපරිමව ක‍්‍රියාත්මක කරන ලෙසත් ඒ සදහා තමන්ගේ කිසිදු විරෝධයක් නැති බවත් සේවයට විත් මාස දෙකක්වත් නැති බවත් ඒ කිසිත් නොතකා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත

මහානාම මහතා අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බැවින් අද රාත්‍රීයේ ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ජනාධිපති ලේකම්වරයා කීවේය.

අල්ලසට දුෂණයට එරෙහිව රජය කටයුතු කිරීමේදි පුද්ගලයකුගේ තරාතිරම නොබලා කටයුතු කරන බවට මෙය කදිම උදාහරණයක් බව කී ජනාධිපති ලේකම්වරයා ජනාධිපතිවරයාත් සිටින්නේ එම අදහසේම බව පැවැසීය.මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය දැව සංස්ථාවේ සභහපති පී.දිසානායක් මහතාගේද වැඩ තහනම් කිරීමට අදාළ අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *