ගම්පහ පොහොට්ටුවේ නායක ප්‍රසන්න..එජාපයේ නායක අර්ජුන

මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කණ්ඩායම් නායකත්වය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාමයෝජනා භාරදෙන ලදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි කණ්ඩායම් නායක දුරය සදහා හිටපු අමාත්‍ය අරජුන රණතුංග මහතා නම යෝජනා භාරදෙන ලදී මේ අනුව මින් පෙර ප්‍රධාන පක්ෂ දෙකක් නියෝජනය කරමින් අපේක්ෂකයන් ලෙස සහෝදරයන් ඉදිරිපත් වුවද කණ්ඩායම් නායකයන් වශයෙන් නාමයෝජනා භාදීම සිදුවුයේ පළමු වතාවටය

1993 දී බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි ප්‍රසන්න රණතුංග මහතා වසර තිහකට ආසන්න කාලයක් ගම්පහ දේශපාලනයේ නිරතව ඇත 2000 වසරේදී කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අර්ජුන රණතුංග මහතා දේශපාලනයට පිවිසෙන ලදී ප්‍රසන්න රණතුනාග මහතා වසර තිහ තුලම එකම දේශපාලන ව්‍යාපාරයක නිරතව සිටියද අර්ජුන රණතුනාග මහතා තම දේශපාලන කාලය පුඅර පක්ෂ සහ සංවිධාන රැසක් සමග එක්ව දිස්ත්‍රික්ක ගණනාවකින් තරග කර එම ලැයිස්තුවේ පළමු වෙනියා වෙමින් ජයග්‍රහණය කිරීමට සමත් වන ලදී

ගම්පහ දේශපාලනයේ බණ්ඩාරනායක දේශපාලන පවුලෙන් පසු වර්තමානයේ ක්‍රියාත්මක ප්‍රබලම දේශපාලන පවුල වශයෙන් රණතුංග පවුල හැදින්විය හැකිය. මෙවර පොදුජන පෙරමුණේ කණ්ඩායමේ නායකයා වශයෙන් ප්‍රසන්න රණතුනාග මහතා ඉහල මනාප ප්‍රමාණයක් ලබමින් ලැයිස්තුවේ ප්‍රථමයා වීමට සුදානමින් සිටින අතර ඒ සදහා ඔහුට ලොකු අවස්ථාවක් නිර්මාණය වී ඇත එහෙත් අරජුන රණතුනාග මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ බෙදීම තුල අර්ජුන රණතුංග මහතා වෙත මෙවර ලොකු සටනක් දීමට සිදුව ඇත

එහෙත් පසුගිය වර මහ මැතිවරණයේදී අර්ජුන රණතුංග මහතා මනාප 175000 පමණ ලබාගනිමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් එම කණඩායමේ දෙවෙනියා බවට පත්වන ලදී එම පරපුරේ තවත් නියෝජනයක් වශයෙන් කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුනාග මහතා ගමපහ මැතිවරණ සටනට ඉදිරිපත් නොවී ඇත එහෙත් පසුගිය 2015 මහ මැතිවරණයේදී මෙම සහෝදරයන් තිදෙනාම මහ මැතිවරණයට ඉදිරිපත් වන ලදී

එම අවස්ථාවේ ප්‍රසන්න රණතුනාග මහතා නියෝජනය කල පාර්ශවයෙන් තරග කල රුවන් රණතුනාග මහතා වෙත ප්‍රමාණවත් මනාප නොලැබීම සහ එම කණ්ඩායම නියෝජනය කල ප්‍රසන්න රණතුනාග මහතා මනාප 380000 දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් එහි ප්‍රථමයා බවට පත්වීම එවකට දැඩි කථා බහකට ලක්වන ලදී අනතුරුව රුවන් රණතුංග මහතා ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කල අතර පසුගිය ජන්ධිපතිවරන්යෙදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් කටයුතු කරන ලදී. කෙසේ වෙතත් 20150වසරේදී එකම පවුලකින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සහෝදරයන් තිදෙනෙකුට අවස්ථාව ලැබීමේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක වාර්තාව ද අහිමි වන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *