ප්‍රසන්න රණතුංගගේ අල්ලස් නඩුව නොවැම්බර්

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබාගැනීම

ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ යළි විභාගයට ගෙන තිබේ.

එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් වැඩිදුරටත් හරස් ප්‍රශ්න විමසීම සිදු කර ඇත.

වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම නොවැම්බර් මස 01 වනදාට සිදු කිරීමට නියමිතය.

විත්තිකාර ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරුබිම්ක් ගොඩකර එහි පදිංචි අනවසර පුද්ගලයින් ඉවත්කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන නරෙෂ් ෆාරික් නමැත්තා මේ වනවිට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද මහාධිකරණය තීරණය කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *