පොහෝ දිනයේ මල් ආසන තනි නොකළ මිනුවන්ගොඩ කසාවත

ගම්පහ දිස්ත්‍රික්කයේ අද දිනය පෝය වුවද බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීතිය හේතුවෙන් මෙම පළාතේ සියලු වෙහෙර විහාරස්ථාන වල දැඩි පාළු ස්වභාවයක් දක්නට ලැබුණි මෙවර කොරෝනා දෙවැනි රැල්ල සැරටම වැදුණු මිනුවන්ගොඩ ප්‍රදේශයේ සියලු වෙහෙර විහාරස්ථාන නිහඩ වුවද එහි ස්වාමීන් වහන්සේලා විසින් දෛනිකව සිදුකරන වතාවත් සහ පොහෝ දින වතාවත් කිසිදු අඩුවක් නොකර සිදුකරනු දක්නට ලැබුණි මිනුවන්ගොඩ රජමහා විහාරයේ විහාරාධිපති හැවර තැන්නේ සීලරතන ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථ භික්ෂුන් වහන්සේලා සමග එක්ව පොහොය දින උදෑසන වතාවත් සිදුකරන ලදී.

ගිහි පාර්ශවයේ මැදිහත් වීමෙන් තොරව සියලු වතාවත් සිදුකරන බවත් කොරෝනා උවදුරෙන් වැඩිපුරම අසහනයට පත්ව සිටින මිනුවන්ගොඩ ජනතාවගේ සිත් සතන් ඉක්මනින් සුවපත් වේවායි ප්‍රාර්ථනය කරන බවත් දැනට රෝගීව සිටින සියලු දෙනාට ඉක්මන් සුවය පතන බවත් රටේ සමස්ථ සෞඛ්‍ය අංශයන් සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට කිසිදු උපද්‍රවයකින් තොරව කටයුතු කිරීමට හැකිවේවායි මහා සංඝරත්නය වශයෙන් ආශීර්වාද කරන බවත් මිනුවන්ගොඩ රජමහා විහාරාධි පති ශාස්ත්‍රපති හැවරතන්නේ සීලරතන නායක හිමියන් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *