අකුරැස්ස සමූපකාරයේ බලය ජවිපෙට

අකුරැස්ස සමූපකාරයේ බලය ජවිපෙට .====2004 දී එජාප පාලනයට එරෙහි පළමු වෙඩි මුරය====2005 ට පෙර අ .බෝ.සි.පැ කියලා චෙක් ලියලා

අකුරැස්ස විවිධ සේවා සමුපකාරයේ බලය හිමිකරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුක කණ්ඩායම සමත්ව ඇත මෙවර නිල වරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගන්නා ලදී ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම සමුපකාර බලය ලබාගැනීම වෙනුවෙන් විශාල උත්සහයක් ගන්නා ලදී

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුක කණ්ඩායම වසර 15 ක් පුරාවට සිදුකල ජනතා මෙහෙවර ඇගයීමක් වශයෙන් මෙම ජයග්‍රහණය ලැබී ඇති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කරන ලදී මේ ජයග්‍රහණය බලපාපු එකම හේතුව පසුගිය වසර 15 තුල අකුරැස්ස විවිධ සේවා සමූපාකාරය සීග්‍ර සංවර්ධනය සහ ජනතා වාදී ආයතනයක් විදියට අකුරැස්සේ ජනතාවට නොයෙක් විදියට දීපු සහන සහ සමූපකාරය සතු දේපල කූඨ ලෙස අත්පත් කරගෙන ඉන්න තුඡ්ච ව්‍යාපාරික් පිරිස සමග නොබියව සටන් වදිමින් එම දේපල නැවත එකින් එක සමූපකාරයේ වත්කම් බවට පත් කරමින් ලංකාවේ විශිෂ්ඨම සමූපකාරයක් බවට ගෙනයන වැඩ පිළිවෙලට පක්ෂ බේදයකින් තොරව ලැබුනු ජනතා ආශිර්වාදයක් විදියට හදුන්වන බව සදහන් කරන ලදී.

ආයතනයක දියුණුව වගේම රටේ දියුණුව වෙනුවෙන් කලයුතු පළමු කාරණය නාස්තිය දුෂණය වැලැක්වීම එක කරන්න පුළුවන් ආණ්ඩුවක් මේරට පාලනය කරන්න අවශ්‍ය බව ඉතිහාසයේ සිට කියන කරුණක් මේ අකුරැස්සේ ජනතාව තෝරාගෙන තියෙන්නේ තමන්ට තිබෙන හොදම විකල්පය ගමේ මිනිස්සුන්ට තේරෙන මේ නාස්තිය දුෂණය රටේ බොහෝ මිනිසුන්ට නොතේරෙන එක පුදුමයක් වරක් ගම්පහ සමූපකාර සමිතියේ බලය ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම අත්පත් කරගත් අතර එහි දියුණුව ගැන අදත් ගම්පහ මිනිසුන් දන්නවා එදා කඩා වැටී තිබුණු ගම්පහ සමුපකාර සමිතිය ලාබ ලබන තැනට ගෙනාවේ ජවිපෙ ප්‍රමුඛ පාලන අධිකාරිය අද ගම්පහ සමුපකාරයේ තත්වය සෝචනීයයි ඒ ක තේරුම් ගැනීමට තරම් මනසක් ජනතාවට නොතිබීම රටේම අවාසනාවක් නොවේද

ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමක් මෙම කාලසීමාවේ පරදා විපක්ෂය බලය හිමිකරගත් පළමු අවස්ථාව ලෙස මෙය සදහන් කල හැකිය

කරුණු මෙසේ දිගහැරෙන අකුරැස්ස සමුපකාරයේ බලය ජවිපෙ ඇතුළු විපක්ෂ කණ්ඩායම දිනාගැනීම සහ එවැනි තවත් ඉතිහාසගත කථාවකට අකුරැස්සේ ජනතාව උරුම කම් කියනවා

2004 දී unp ආණ්ඩුව පෙරලන පළමු වෙඩි මුරය පත්තු කලේ අකුරැස්ස ප්‍රාදේශීය සභා මැතිවරණය තුලිනි එවකට රට පාලනය කලේ එක්සත් ජාතික පක්ෂය විසිනි පළාත් පාලන මැතිවරණය පවත්වා තිබුනද නීතිමය කරුණක් නිසා එදා අකුරැස්ස ප්‍රාදේශීය සභා මැතිවරණය කල් යන ලදී විපක්ෂයේ පක්ෂ එකමුතුව ගොඩනැගෙමින් පැවති එම කාලසීමාවේ අකුරැස්සේ පුංචි මැතිවරණය රටම බලා සිටින ලදී

එම මැතිවරණයෙන් ආණ්ඩු බලය හිමි එජාපය පරදා විපක්ෂය විසින් සභාවේ බලය හිමි කරගන්නා ලදී එවකට කොළඹ නගර සභා පිටියේ පැවති විපක්ෂයේ රැලියට දින තුනකට පෙර මෙම සිදුවීම සිදුවන ලදී එදා විපක්ෂය නියෝජනය කරමින් ශීලනිපය සහ ජනතා විමුක්ති පෙරමුණ එකම පෙරමුණක් වෙත ගෙන ඒමේ පළමු රැලිය ලෙස මෙය පවත්වන ලදී රටේ සෑම මැතිවරණ කොට්ඨාශයක් ම නියෝජනය කරමින් අති විශාල ජනතාවක් මෙම රැලියට සහභාගී වන ලදී

අනුර බණ්ඩාරනායක මහතා ඇතුළු සියලු කථිකයන් එය වේදිකාවේ මෙම ජයග්‍රහණය ගැන අකුරැස්සේ ජනතාවට ප්‍රණාමය පුදකළ අතර ජනතා ජයග්‍රහණය අතලග බවද සදහන් කරන ලදී ඉන් මාස කිහිපයක් ගියතැන එවකට ජනපතිනිය වශයෙන් කටයුතු කල චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් එජාප ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍ය දුරයන් තුනක් පවරා ගත් අතර අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී ඉන් අනතුරුව පැවති මහා මැතිවරණයෙන් විපක්ෂයේ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී

මැතිවරණ ඉතිහාසයේ ජයග්‍රාහකයා තේරීමේදී සමූපකාර මැතිවරණයක් සිදුකල පෙරලියක් වන ලදී

තවත් රසවත් සිදුවීමක් සත්‍ය කතාවක් තියෙනවා 2005 පෙර පැවති සමුපකාර පාලක කන්ඩායම විසින් එම කලයතුල සමුපකාර දෙපාර්තුවට ඉදිරිපත් කල චෙක් එකක මෙන්න මෙහෙම තිබිල තියන්වා. අ. බෝ.. සි… පැ.. වියදම් කියල එවැනි චෙක් කොල වැඩි ප්‍රමානයක් දකින්නට ලැබුනු නිසා 2005 න් පසුව ජවිපෙ ප්‍රමුක කන්ඩායම බලයට පැමිණියායින් පසුව මේ අ. බෝ.. සි… පැ.. කියන්නෙ මොකද්ද කියල හොයල තිබෙනවා පසුව පසුව එම චෙක් එවකට පාලකයන්ගේ උවමනාවන් වෙනුවෙන් ලියපු ලිපිකාරිනිය කියා තිබෙනවා අ. බෝ.. සි… පැ.. කියන්නෙ…. (අරක්කු බෝතල් සිගරට් පැකට්) සඳහාවූ වියදම් බවත් එලෙස සඟවා සමූපකාරය සතු මුදල් අයතා ලෙස පරිහරණය කල බවත් ඇය පවසා තිබෙනවා … ඉතින් 2005 පෙර සමූපකාරයේ පාලනය කොහොම ද කියලා අමුතුවෙන් කිව යුතුද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *