වෘතීය සමිති දේශපාන සත්වයෙක් නොවෙයිද ???

වාරයේ නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය සම්පුර්නයෙන්ම ඉන්දියාවට ලබාදීමේ සංවාදය අද දවසේ මාතෘකාව වන ලදී මේකත් මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය සංධිස්ථානයක් බවට පත්වෙමින් ඇති මොහොතක මෙම වාරය සටන වෙනත් මගක් ගනීද ???කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමේ පියවර වෙනත් මගින් සපුරා දීමක් ද??? අද පැවති මාධ්‍ය හමු රැසකම මේ සම්බන්ධයෙන්වමතුවන ලදී. මෙරට වෘතීය සමිති සියලක්ම දේශපාලන පෙරමුණක කොටසකි මෙම සටන ආරම්භයේදීම මේ සම්බන්ධව අප සටහන් කරන ලදී සෑමා මිනිසෙකුම උපතින්ම දේශපාලනික සත්වයෙකි එමෙන්ම සෑම වෘතීය සමිතියක්ම දේශපාලන පෙරමුණක අත්කොලුය එය අපේ රටේ අතීතයේ සිට ඔප්පු කර ඇත. මෙතන දේශපාලන විග්‍රහය තේරුම් ගැනීමට ජනතාවට නොහැකිය එහෙත් මෙම සටනේ නිරත වෘතීය සමිති මෙය හොදින් අවබෝධ කරගැනීම සිදුව ඇතැයි අප විශ්වාස කරන්නෙමු මෙම සටනේ නිරත ඉදිරිපෙළ වෘතීය සමිති නායකයන්ගේ රාත්‍රී නවාතැන් පොළවල් ගැන සහ අතීත නවාතැන් ගැනත් අපට හොද අවබෝධයක් ඇත අද වාරය සටන දියාරු කිරීමේ හැකියාව මෙම තත්වය තුල ඇතිවෙයිද ??? ගැටළුවක් ඇත මෙම සටන තුලට අවතීර්ණ අවශේෂ කණ්ඩායම් හරහා වාරය සේවකයන්ට දෙන තෙරපුම ඉහළය වීරත්වය හෝ දනින් වැටීමේ අවධානම තෝරාගැනීම ඔවුන් සතු බව අද පවතී මාධ්‍ය හමුවලදී සදහන් වන ලදී

ඉන්දියාවේ අදානි සමාගමට වාරයේ නැගෙනහිර ජැටිය විකිණීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීම සඳහා සමස්ථ වරාය සේවකයන් වෘත්තීය සටන් බිමට අවතීර්ණව ඇති මොහොතේ එම සටන් ක්‍රියාමාර්ග ඇතුලතින්ම අල කර දැමීමේ උත්සාහයක් ආණ්ඩුව විසින් ගනිමින් සිටින බව වාර්තා වෙමින් ඇත
ඒ අනුව වරායේ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙකු හමුවී ඇති බැසිල් රාජපක්ෂ විසින් කොළඔ වරායේ නැගෙනහිර ජැටිය වෙනුවට සම්පූර්ණ බටහිර ජැටියම ඉන්දියාවට විකිණිමේ යෝජනාව ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.එම යෝජනාවට එකඟතාවයක් වරායේ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන්ගෙන් ලැබී ඇති අතර ඒ අනුව ඊයේ වරාය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදි ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන්ගේ පෙර පැවති මරාගෙන මැරෙන ටෝන් එක වෙනස් වී ඔවුන්ගේ විරෝධය ඇත්තේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පමණක් යන ස්ථාවරයට මාරු වී ඇති අයුරු නිරීක්ෂණය වූ බව වරාය සේවකයෝ පවසති.

බැසිල් රාජපක්ෂ හා ඇතිවූ එකඟතාවය මත වරායේ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන්ගේ අනුදැනුම අනුව ඊයේ උද්ඝෝෂණ භූමියට පැමිණි අමාත්‍ය නාලක ගොඩහේවාට සහ වාරයේ හිටපු සභාපති ප්‍රියත්බන්දු වික්‍රමට වරාය සේවකයන්ගේ බලවත් විරෝධය මත එම ස්ථානයෙන් නික්ම යාමට සිදුවිය.එම නික්ම යන අවස්ථාවේ අමාත්‍ය නාලක ගොඩහේවා සදහන් කලේ මෙම විරෝධය 3% ක විරෝධයක් බවත් ඉතිරි අති බහුතරය තමන් සතු බවත් සදහන් කරන ලදී මෙමගින් එක ඉගියක් සපයයි ඒ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා නිකන් උද්ගෝෂණය කරන ස්ථානයට පැමිණියේ නැත ඔහු කිසියම් පිළිතුරක් රැගෙන පැමිණ තම පාර්ශවයට පක්ෂපාතී වෘතීය සමිති නාකයන් අත තැබූ බව නොරහසකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *