පොල්පොට්ල, ඉඩිඅමීන්ල, හිට්ලර්ල රටට අවශ්‍ය නැහැ

බුදු දහමයි හිට්ලර්වයි කොහොමද ගලපන්නේ

අපිට අවශ්‍ය නැහැ පොල්පොට් කෙනෙක් ඉඩිඅමීන් කෙනෙක් හරි හිට්ලර් කෙනෙක් හරි සාමයෙන් රැස්වෙන්න සාමයෙන් විසිර යන්න කොහොමද බුදු දහමයි හිට්ලර්වයි එකටට තියන්නේ විද්‍යුත් මාධ්‍ය මේක ප්‍රචාරය කලා තමයි මම ඉන්න තැනක මේටික කිව්වනම් මාධ්‍ය උදේ ඉදලා හවස් වෙනකම් මට ගහනවා. මෙතන විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍යවේදීන් විශාල පිරිසක් හිටියා. මුද්‍රිත මාධ්‍ය ටික රහත් වුණා මේ ගැන සද්ධයක් නැතුවම ගියා කිසිම කර්තෘ සටහනක් ලීවේ නැහැ

මිනිසුන් මරණ හිට්ලර් කෙනෙක් වෙන්නැයි බුදුන් වහන්සේ කිසි දිනක දේශනා නොකළ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතරදි අද (23) පැවසීය.තමා ඉන්නා තැනක එවැනි කතාවක් කීවා නම් එවේලේම ඊට විරුද්ධ වන බව කී අග්‍රමාත්‍යවරයා හිට්ලර් සහ බුදු දහම එකට එකතු කරන්නේ කෙසේ දැයි තමාට නොතෙරෙන බවද පැවසීය.බුදුන් වහන්සේ සෑම විටම දේශනා කළේ සියලු මතයන්ට ගරු කිරීමේ අගය ගැන බවද අග්‍රමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.මාතර මහාමන්තින්ද පිරිවෙනේ 125වන සංවත්සර උත්සවයේ ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *