රටම දන්න ගම්පහට විකල්පයක් නැති දේශපාලනය

නිමල් ලාන්සා ගැන නිමල් ලාන්සා කිව්වේ මෙහෙමයි!

මේ දවස් වල දේශපාලනඥයෝ හරිම කාර්ය බහුලයි. නිමල් ලාන්සා කියන්නෙත් හොඳ දේශපාලන මාතෘකාවක්. ඔහුටත් ඉවරයක් නැතුව වැඩ. දවස පුරාම රැස්වීම්. ඒ වුණත් පහුගිය දවසක අපට ඔහු හමු වුණා. මාධ්‍යවේදියෙකුට දේශපාලනඥයෙක් හම්බුනොත් ලේසියෙන් අරින්නෙ නෑ. 

හැමදාම අපිම පුශ්ණ අහනවා වෙනුවට, අපි නිමල් ලාන්සා මහත්තයාට කිව්වා “ඔබ ඔබ ගැනම කියන්න කියලා”.  කතාව ලස්සනට ගලාගෙන ගියා. ඒ මෙන්න මෙහෙමයි.

මගේ දේශපාලනය තුළ මම හැමදාම ඉන්නේ මිනිස්සු එක්කයි. මට චෝදනා කරන කවුරුත් හැමදාම මිනිස්සු හම්බ වෙන්නේ නෑනේ. මම උදේ හයට නැගිටලා පැය දහනමයක් විතර වැඩ කරන කෙනෙක්. ඒ නිසා ඡන්ද කාලයට අමුතුවෙන් සල්ලි වියදම් කරලා මට ප්‍රචාරක කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. 

මහින්ද ජනාධිපති තුමා අපට දෙනවා ඉලක්කයක්, එක එක පළාත් වල වැඩ කරන්න කියලා. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ඇමැතිවරයා විදිහට මම, පාරවල් අඩු වියදමින් සහ ඉක්මනින් ඉවර කරනවා. ඒ නිසාම අනිත් පළාත්වල මහ ඇමතිවරුත් අපේ මහ මහ ඇමතිතුමා ගෙන් ඉල්ලා සිටියා, අපටත් ලාන්සා මහත්තයා එවන්න කියලා. දැන් දීලා තියන ආයතන අපේ පාරවල් ටික හරියට කරන්නේ නෑ කියලා ඔවුන් කිව්වා. මුදලුත් අපතේ යනවා කියලා කිව්වා. ඊට පස්සේ මම රත්නපුරේ කෑගල්ලේ වයඹ සහ නැගෙනහිරත් පාරවල් හැදුවා. මම එහෙම කිලෝමීටර් කිලෝමීටර් හය දහසක පාරවල් ලංකාවේ සංවර්ධනය කරලා තියෙනවා. 

මග නැඟුම පොළවල් විතරක් නෙවෙයි මැසිල් මහත්තයා බස්නාහිරට මුදල් වෙන්කරලා වැඩක් කළා නම්, ඒවායින් සීයයට අනූවකට වඩා කෙරුනේ ඒ අධීක්ෂණය යටතේ යි.

රජයේ සේවකයෝ මම වැඩ කරන ස්ටයිල් එකට කැමතියි. මස් එයාලගෙන් වැඩ ගන්නෙ දොස් කියලා බැනලා නෙවෙයි. බොහොම හිතවත් කමින්. ඒ සමීප බව නිසා ම තමයි මට කාර්යක්ෂමව වැඩ ඉවර කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම එයාලත් එයාලා විසින් මමත් හරියට තේරුම් ගෙන තිබෙනවා.

නායකත්වයට ඕන වැඩ කරන මිනිස්සු. නිකම් බොරු බයිලා ගහන අය වැඩක් කියනවද?  නායකත්වය මට පවරපු සංවර්ධන වැඩ අකුරට ඉටු කරලා තියෙනවා. අරක්කු සංවිධාන වැඩ කටයුතු වැඩ කටයුතු මම හරියට කරලා තියෙනවා. අවුරුදු 56 කට පස්සේ පස්සෙ මම පස්සර ආසනය දිනවල දුන්නා. අපේ ප්‍රසන්න මහ ඇමැතිතුමත් එක්ක ගිහිල්ලා පුත්තලම දිනවලා දුන්නා. යාපනේටත් ගියා. පක්ෂයට දිනන්න බැරි ඒවා මම දිනවලා දීලා තියෙනවා. මම ඔය වෙන මන්ත්‍රීවරු වගේ නම් නෙවෙයි.

ධීවරයන්ගේ ප්‍රශ්නයක් ආවම මම ඒ වෙනුවෙන් අනිවාර්යයෙන් ම පෙනී ඉන්නවා. මොකද මම ධීවර ගමක ධීවර පියකුට දාව උපන් පුතෙක්. ඔවුන් වෙනුවෙන් කතා කරන්නට මට යුතුකමක් හා වගකීමක් තිබෙනවා.

විපක්ෂයෙ ඉන්නකොට විපක්ෂයේ කාර්යභාරයක් හරියට කරන්න මම දායක වෙලා තියෙනවා. පක්ෂය තමයි මට කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම රැඳී ඉන්න කියලා.  ඒ නිසා ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මගේ කොටසක් මම හරියටම කරනවා.

හා පාලන ආණ්ඩුව අනූනම පාරක් දැනුම් දීලා  පාස්කු ප්‍රහාරය වලක්වා ගන්නට කටයුතු කළේ නෑ. ප්‍රහාරය සිදු කරන වෙලාව පවා ආණ්ඩුව දැනගෙන හිටියා. හරීන් ඇමතිවරයා ඇමතිවරයා තමන්ගේ යුතුකම සහ වගකීම අමු අමුවේ පැහැර ඇරියා. ජනතාව මැරෙන්න ඇරලා ඔහු විතරක් බේරුණා. හරිනම් එතුමාට තිබුණා ඒ ගැන කාදිනල්තුමාටවත් දැනුම් දීලා අර ජීවිත සිය ගණන බේරා ගන්න. පාර්ලිමේන්තුවේ ඉන්න සමහර කතෝලික මන්ත්‍රීවරුන් තමන් කතෝලික කියලා නැගිටින්න බයයි. 

අනිවාර්යෙන්ම මේ සැරේ මගේ මනාප සංඛ්‍යාව වැඩි වෙනවා. ලියලා තියා ගන්න, ගිය වතාවට වඩා එක ඡන්දයක් හරි වැඩියෙන් මම ගන්නවා. මීගමුවෙන් වත්තලින් කටානෙන් මනාප වලින් එක හෝ දෙක ගන්නෙ මම. මොකද මම ඉන්නේ මිනිස්සු එක්ක. සමහර දේශපාලකයෝ ඡන්දය අරගෙන කොළඹ ගිහින් පදිංචි වෙනවා. මම ඉන්නෙ ගෙදරමයි.

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් බවට පත් වෙද්දී ඒක පාලනය කරගන්න කර ගන්න කාටවත් බැරි වුණා. මම ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහත්තයා, මට ලියුමක් එව්වා  ඩෙංගු වසංගතය පාලනය කරන්න බෑ දහස් වෙන්න කියලා. මට ඇවිල්ල සති තුනක් ඇතුළත ඩෙංගුය වැඩිවීමේ ප්‍රතිශතය අඩු කළා. ඕනෑම වෛද්‍යවරයෙක් ඒ ගැන දන්නවා. සිට පස්සෙ මම ඊට පස්සේ මම ඩෙංගු රෝහල හදන්න පටන් ගත්තා. ලක්කුමාර දොස්තර මහතා තමයි මට ඒ අදහස දුන්නේ. ඒකෙන් විශාල ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බේරාගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. 

ප්‍රසන්න මහ ඇමති තුමත ඇමති තුමත් එක්ක එකතු වෙලා බස්නාහිර පළාතේ ලොකුම ගොඩනැගිල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිරි කරන්න අපි පටන් ගත්තා. සුවතා මංතීරු ටික හදන්න මට බාර දුන්නා. මම ඒකත් හරියට කළා. හැමිලිටන් ඇල ව්‍යාපෘතියත් කළා. මීගමුවේ බස්නැවතුම් පල කොච්චර ලස්සනද? එකත් හදන්න බාර දුන්නේ මට. මම එහෙම තමයි වැඩ කළේ.

ආ.. පාස්කු ප්‍රහාරය වෙලාවේ වෙලාවේ තකතීරු විදියට හිනා වෙච්චි වෙච්චි ඇමතිවරයා තමයි අර ජොගින්ට්‍රැක් එකත් ගලවල දැම්මේ. එයාලට මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ගැනවත් ගමක නගරයක ලස්සන ගැනවත් හිම හැඟීමක් නෑ. සල්ලි ගැනම තමයි කල්පනාව තියෙන්නෙ.

මම හොඳ කතෝලිකයෙක්. ඒ වුනාට මේක සිංහල බෞද්ධ රටක්.  මම පල්ලි යනවා. දේවමෙහෙයන් වලට යනවා. ඒත් අනිත් ආගම් වලට උපරිමයෙන් ගරු කරනවා. සිංහල බෞද්ධ මිනිස්සු තමයි මේ රටේ සැබෑ උරුමක්කාරයෝ. කාදිනල් තුමා පවා ඒක පිළිගන්නවා. ඉතින් මම පන්සල් යනවා. හාමුදුරුවෝත් හම්බ වෙනවා. උන්වහන්සේලා මට පිරිත් නූලුත් බඳිනවා. ඒක මහා විශාල ආශිර්වාදයක් මට.

දවසක් වාහන එකලස් කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය ඇවිත් මගේ ගෙදර පරික්ෂා කරනවා.  එහෙම පරීක්ෂාකරන ගියාට පස්සේ මාධ්‍ය වල ගියේ වෙන කතාවක්. ඒකෙන් මට විශාල අපකීර්තියක් ඇති වුණා. පහුවෙනිදා මම තීරණය කළා දේශපාලනයෙන් ඉවත් වෙන්න. අන්න ඒ වෙලාවේ තමයි මහින්ද ජනාධිපතිතුමා අපේ ගෙදර ආවේ. ඒ උනාට මාධ්‍ය වල ගියේ මේ සේරම සිද්ධ වුණේ එකම දවසක කියලා. ඒ සේරම බංකොලොත් දේශපාලනඥයෝ මට විරුද්ධව ගොතාපු පට්ටපල් බොරු. 

ඔන්න ඔය ටික තමයි නිමල් ලාන්සා හිටපු ඇමතිවරයා අපට කිව්වේ. අපිත් ඉතින් ඒක ඒ විදිහටම ලිව්වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *