දකුණේ දේශපාලන ‍කොළම සහ කේලම

රටපුරා අලියා පක්ෂයෙන් විරෝධතා රැසක්….

දකුණේ එජාප සංවිධායකවරුන්ට ආසන මට්ටමින් විරෝධතා දක්වන ලෙස අරලියගහ මන්දිරයෙන් උපදෙස් ලැබී තිබිණි. ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද්දේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සදහා මේ සටනට එක්වන ලෙසත් කියමින් මෙම විරෝධතාවය පැවැත්විය යුතු බවට ද මෙහි දී දැනුම් දී තිබිණි. ඒ අනුව හික්කඩුවේ දී හා අම්බලන්තොට දී එවැනි විරෝධතා දෙකක් පැවැත්විණි. 09වන දින දහවල්වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ විරෝතා රැසක් පැවැත්විණි. ඒ ආසන මට්ටමිනි. පසුව ගාල්ල නගරයට සියල්ලෝම එක්ව දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුහ.

සිකුරාදා ට තිබුණු දේවකන්නලව්ව සෙනසුරාදාට යොදා ගැණිනි.

රත්ගම එජාප සංවිධායක සංජීව් සිකුරාදා සීනිගම දේවාලයේ දී දේව කන්නලව්වක් සිදුකරන බව ද මේ අතර සිරිකොතට දැනුම් දී තිබිණි. මේ ආරංචිය ලැබුණු විගසම සංජීව් කතා කරේ හිටපු ඇමති නවීන්ය. සංජීව් ඕක සිකුරාදා නැතිව සෙනසුරාදා කරන්න පුළුවන්ද?එහෙම වුනොත් මමත් එනවා. හිටපු ඇමති වීන් කියද්දී මන්ත්‍රී සංජීව් ඒ සදහා එක පයින් කැමති විය. ඒ අනුව සිකුරාදා ට තිබුණු දේවකන්නලව්ව සෙනසුරාදාට යොදා ගැණිනි. කෙසේ නමුත් මේ සදහා හිටපු ඇමති වජිරට පැමිණීමට නොහැකි වන බව කලින් ම සංජීව් ට දැනුම් දී තිබුණු අතර හිටපු ඇමති ගයන්ත ද අසනීප තත්වයක් නිසා නොපැමිණෙන බව දැනුම් දී තිබිණි. ඒ අනුව ගාල්ලේ එජාප ප්‍රබලයන් දෙදෙනාම නැතිව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වෙනස් කිරීමට විරෝධය පල කරමින් හා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස්කරන මෙන් ඉල්ලා පැවති දේවකන්නල්ල පැවැත්විණි. හිටපු ඇමති නවීන්ගේ ප්‍රධානත්වෙන් පැවති දේව කන්නලව්වෙන් පසුව සියළු දෙනා ගියේ හික්කඩුව නගර සභාවේ විපක්ෂ නායක නිමල් චන්දගේ නිවසටය. සියළු දෙනා සදහා තේ පානය ලෑස්ති කර තිබුණේ එහිය.

තාරක නානායක්කාර මහතා රැවුල වවයි. පාර්ලිමේන්තුව රැස්වන තෙක් රැවුල් කපන්නේ නෑ

සියළු දෙනා සමඟින් ඡායාරූප ගත් නවීන් ලඟට ආවේ හබරාදුව එජාප සංවිධායක තාරකයි. ආ කොහොම ද පොඩි එකා වැඩ කරගෙන යනවද? නවීන් ගේ ප්‍රශ්නය තාරකටයි. ඔව් ඇමතිතුමා. යැයි තාරක කියද්දීම නවීන් නැවත ඇසුවේ ඇයි මේ රැවුල වවාගෙන කියාය. ඔව් මම ආයිත් රැවුල කපන්නේ පාර්ලිමේන්තුව රැස් කරාට පස්සේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩේට මම මේ විදියටත් විරෝධය දක්වනවා. තාරක කියද්දී නවීන් කීවේ ඒක හොද බවයි. සීනිගම දේව කන්නලව්වෙන් පසු තාරක ඇතුළු පිරිස ගියේ කොග්ගල හිරුගල් පුජාභූමිය වෙතය. එහි දී පොල් ගසා ඉල්ලා සිටියේ ඉක්මනින් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙසයි. මේ අතර දකුණේ විපක්ෂ නායක නිලමේ ද කතරගම දී පොල් ගැසීමක් නිරත වී තිබුණි.

මේ අතර කෝරලේගම ඥානවිමල ස්වාමීන් වහන්සේගේ අදාහන උත්සවය පසුගිය 05 වෙනිදා අක්මීමන ගනේගොඩ දී පැවැත්විණි.05 වෙනිදා ජනමහිම උද්ඝෝෂණ සංවිධානය කර තිබු නිසාම සන්ධානයට හා පොදුජන පෙරමුණට සම්බන්ධ සියළු දෙනා එදින සිටියේ කොළඹය. මෙම විහාරස්ථානය ද පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු වලට සහයෝගයක් දැකු වු ස්ථානයක් වුව ද අක්මීමන එජාප සංවිධායක විජේපාලට ද මේ සදහා ආරාධනා කර තිබිණි. මන්ත්‍රී විජේපාල ද අරලිය ගහ මැදුරේ මේ දිනවල වැඩි වේලාවක් ගත කර ද මේ සදහා පැමිණීමට තීරණය කර තිබිණි. මන්ත්‍රී තුමා අදාහන උත්සවයට එනවද? ප්‍රා දේශීය මන්ත්‍රීවරයෙකු මන්ත්‍රී විජේපාලගෙන් අසද්දී විජේපාල කිව්වේ ඔව් එව් මම එනවා. මොකද 05 අද 05 වෙනිදානේ. අර කට්ටිය ඔක්කොම කොළඹ මම අගමැතිතුමාගේ ශෝකප්‍රකාශයකුත් හදාගෙන එනවා. විජේපාල ගේ පිළිතුර විය. ඒ අනුව විජේපාල එසේ සිතා අදාහන උත්සවයට පැමිණිය ද උදෑසන කොළඹ බලා ගිය මන්ත්‍රී මාදුගොඩ අගමැති මහින්දගේ ශෝකප්‍රකාශයක් ද සමඟින් අදාහන උත්සවය පැමිණ තිබිණි.

අගමැති දෙකයි. සෝක ප්‍රකාශන දෙකයි මල කෙලියන් මහරජ සාධු. ෂාදු ….ශාධූ

ආ කොහොමද මන්ත්‍රී තුමා කොළඹ ගියේ නැද්ද? මන්ත්‍රී විජේපාල , මාදුගොඩගෙන් ඇසුවේ වාඩිවෙන්නත් ප්‍රථමයෙන්ය. නෑනෑ මම ගිහින් ආවේ. මම මේ අගමැතිතුමාගේ ශෝක ප්‍රකාශයත් අරගෙන අවේ. මාදුගොඩ කියද්දී. විජේපාල කීවේ මමත් අගමැතිතුමාගේ ශෝක ප්‍රකාශයක් අරන් ආවේ කියමින් මාදුගොඩ අසලින්ම වාඩි විය. ඒ අසලම සිටි ජවිපෙ නලීන් ද එකතු කර ගනිමින් මන්ත්‍රී විජේපාල මාදුගොඩ ට ප්‍රශ්නයක් දැම්මේය. දැන් ඔයාලට මෛත්‍රීපාල හොදද? විජේපාල අසද්දී මාදු කීවේ පෞද්ගලිකව නම් මම නම් ඔහුට අකමැති බවයි. ඒ වුනාට පක්ෂයේ තීන්දුව එක්ක ඉන්නවා. අද මේ රටට මොකක්ද කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව කැදවලා මේ ප්‍රශ්නය විසදුවා නම් ඉවරයි. විජේපාල කියද්දී නලීන් ද එය අනුමත කලේය. මම කියන්නේ මේ වගේ තත්වයක දී හොදම දේ ඡන්දයට යන එක අපි කියන්නේ ඡන්දයකට යමු කියලයි. මාදුගොඩ ගේ ඒ කතාවට ද නලීන් අනුමැතිය ලැබුනත් විජේපාල ගේ කැමැත්තක් නොවීය. මේ අතර මන්ත්‍රී මාදුගොඩ විසින් අගමැති මහින්ද ගේ ශෝකප්‍රකාශය කිය වු අතර විජේපාල ගේ අතේ තිබුණේ ද අගමැති ලිපි ශිර්ෂය යටතේ තිබු ශෝක පනිවිඩයකි. මන්ත්‍රී විජේපාල ශෝක ප්‍රකාශය කියවා අවසන් කරේ රනිල් වික්‍රමසිංහ එජාප නායක කියාය. කෙසේ නමුත් පසුව ඔහු නැවත කීවේ මෙය නිල අගමැතිවරයාගේ ප්‍රකාශය කියාය.

දකුණු මහ ඇමති හොරගල් අවුලයි.

මේ අතර දකුණේ මහ ඇමති ෂාන් පසුගිය සතියේ අපුරු වැඩ සටහනක් කලේය. ඒ දකුණේ රථ වාහන පොලිස් නිළධාරීන් වෙනුවෙන් උපහාර උත්සවයක් සංවිධානය කර තිබීමයි. දකුණේ නෙවේ මහ ඇමති තුමා මේක මම හිතන්නේ ලංකාවෙම ප්‍රථම වතාවට තමයි තිබුනේ. ඇත්තටම හැම දේටම පොලිසියට බැන්නට ඒ මිනිස්සු කරන සේවය අගයන්න කවුරුත් හිටියේ නෑ. උත්සවය පැමිණි බෙහෝ දෙනෙකු මහ ඇමති ෂාන් ට කීවේ එසේය. පැමිණි බෙහෝ පොලිස් නිළධාරීන් ද මේ කටයුත්ත සම්බන්ධයෙන් මහ ඇමති ෂාන් ට ස්තූති කලේය. වෙනදා පළාත් සභාව සංවිධානය කරන උතක්සව සදහා එජාප මන්ත්‍රී ද සහභාගී වුව ද මෙම උත්සවය සදහා සහභාගී නොවීම විශේෂත්වයක් විය. කෙසේ නමුත් පොදුජන පෙරමුණ නියෝජනය කරන සරත් යාපා මේ සදහා සහභාගී වීම විශේෂත්වයකි.

අගමැති මහින්ද කතරගම පැමිණියේ පසුගිය සතියේය

අගමැති මහින්ද කතරගම පැමිණියේ පසුගිය සතියේය. මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර සමඟ කොළඹින් හෙලිකොප්ටරයට නැඟුණු අගමැති මහින්ද ආගිය තොරතුරු කතා කරමින් කතරගමට පැමිණි අතර කතරගමට පැමිණි අගමැති මහින්ද කිරි වෙහෙරටත් දේවාලයට ගොස් වැදපුදා ගත්තේය. අගමැති මහින්ද කතරගම පැමිණි බවට ලැබුණු ආරංචිය අනුව ප්‍රා දේශීය දේශපාලඥයින් ද එම ස්ථානයට පැමිණ තිබිණි.

ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරුව තංගල්ල නගර මධ්‍ය යේ දී පැවතියේ 06 වෙනිදාය.

ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරුව තංගල්ල නගර මධ්‍ය යේ දී පැවතියේ 06 වෙනිදාය. ජන මහිම විරෝධතාවයෙන් පසු ජනාධිපතිමන්දිරයේ තිබු දීපවාලී උත්සවය සහභාගී වු අගමැති මහින්ද උදෑසන ඩී. ඒ රාජපක්ෂ ගුණසමරුවට සහභාගී විය. මහින්ද යාපා, චමල්, පවිත්‍රා,චානක, නාමල් ඇතුළු පිරිස ද සමඟින් තංගල්ල නගර මධ්‍ය යේ තිබු ඩී.ඒ රාජපක්ෂ පිලිරුවට පුෂ්පෝපහාර දැක් වු අගමැති මහින්ද තංගල්ල නගර ශාලාවට ගියේ සමරුව සමගාමීව පැවති ශිෂ්‍යත්ව ප්‍රදානයන් සදහාය.

මේ අතර තුර අගමැති මහින්දට හිටපු ඇමති මනුෂ එජාපයට ගිය ආරංචිය කන වැකිණි. කෙසේ නමුත් එය එතරම් ගණනකය නොගත් අගමැති මහින්ද සුපුරුදු පරිදි සිය කාර්යයේ නිරත වන්නට විය. ඒ අතර තුර එහි සිටි මන්ත්‍රීවරුන් ද මේ සම්බන්ධ ආරංචිය අගමැති මහින්දට කියන්නට විය. ආ එයා ගියාට තව එන්න ඕන තරම් අය ඉන්නවා නේ. කී මහින්ද දිවා ආහාරය සදහා මැදමුලනේ නිවසට පැමිණියේ පැමිණ සිටි මන්ත්‍රීවරුන් ද සමඟිනි. දිවා ආහාරයේ දී මන්ත්‍රී අජිත් ට අගමැති මහින්ද හමුවිය. අන්න අජිත් ඔයා කියපු විදියටම වැඩේ වුනා. දැන් පෙහොර වැඩේ හරි නේ. ඇත්ත තමයි මේ දැන් තිබුන විදියට වඩා මේ අපි දාපු ක්‍රමය ලාභයි. අගමැති මහින්ද කීවේ පෙහොර රුපියල් 500 ලාබ දීම ගැන පසුගිය සතියේ අජිත් කී කතාවට පිලිතුරක් ලෙසයි.

මහින්ද මාතර ට පැමිණියේ වෙඩි ප්‍රහාරයකින් මියගිය හක්මන ප්‍රාදේශීය

ඉන් පසු අගමැති මහින්ද මාතර ට පැමිණියේ වෙඩි ප්‍රහාරයකින් මියගිය හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වු එල්.එච්. ශාන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහාය. මෙහි දී ද අගමැති මහින්ද හමුවීම සදහා පොදුජන පෙරමුණේ මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටීම විශේෂත්වයක් විය. ඩී. ඒ. රාජපක්ෂ ගුණසමරුවටත් පිං කමටත් පසුගිය කාලය තුල විරසක වී සිටි බොහෝ දෙනෙකු මැදමුලන නිවසට පැමිණ තිබිණි. දකුණේ ඇමති ගුණසේනත් හම්බනතොට නගරාධිපති එරාජ් ද ඒ අතර විය. සම්පත් ,චන්න, සිංහ සමන් ඇතුළු පිරිසක් මැදමුලන නිවස තුලට එද්දී ඇමති ගුණසේන හිටියේ මන්ත්‍රී අජිත් සමඟින් බර කතාවකය. ආ මේ පේ ඇමතිතුමත් ඇවිල්ලානේ. කියමින් චන්න ගුණසේනගේ කරට අතක් දමා ගත්තේ පරණ තරහ අමතක කරමිනි. දැන් ඉතින් අපි එකයි නේ මල්ලී කියමින් ඇමති ගුණසේන චන්නට පිළිතුරු බැන්දේය.

හිටපු ඇමති මනුෂ ගේ ඉල්ලා අස්වීම සිදුවුයේ 06 වෙනිදාය.

හිටපු ඇමති මනුෂ ගේ ඉල්ලා අස්වීම සිදුවුයේ 06 වෙනිදාය. ශ්‍රී ලනිපය තුල සිටිමින් ජනාධිපතිවරයාට ආරක්ෂාව ලබා දුන් 23දෙනාටම මේ එකතුවත් සමඟින් ආනරක්ෂිත තත්වයට පත්වන බවට ඒ කාලය තුල මනුෂ කිහිප දෙනෙකු සමඟින් ම සාකච්ඡා කර තිබිණි. ඒ අතර හිටපු ඇමති වජිරගෙන් එජාපයට එක්වන ලෙස ද මනුෂට අරයුමක් ලැබී තිබිණි. ඒ අනුව සිය නියෝජ්‍ය අමාත්‍යදුරයෙන් ඉල්ලා අස් වු මනුෂ අරලියගහ මන්දිරයට ගොස් හිටපු අගමැති රනිල් ද හමු වී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කොට එම අවස්ථාවේ දීම විදේශ ගත විය.

කොළඹ විරෝධතා රැළියට ඇතුලේ කතාව. ලොක්කෝ එකට මගුල් කයි. ගම්වල සොක්කෝ තවමත් බෙදිලාය කියහං කෝ….

ජනමහිම විරෝධතා ව්‍යාපාරය සදහා දකුණෙන් ද විශාල පිරිසක් සහභාගී වී තිබිණි. කලකට පසුව පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙපිරිසම මේ සදහා සහභාගී වී තිබිණි.කෙසේ නමුත් ඉහල තලයේ දේශපාලන ගැටළු විසදී තිබුණ ද පහල තලයේ එවැනි තත්ත්වයක් තිබුණේ නැත. මේ විරෝධතාවය සදහා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙනමත් ශ්‍රීලනිපයේ අය වෙනමත් සහභාගී වී විශේෂයත්වයක් විය. කෙසේ නමුත් දෙපිරිසම එකම අරමුණක් වෙනුවෙන් සහභාගි විය. දකුණේ මහ ඇමති නියෝජනය කරන අම්බලන්ගොඩ ආසනයේ ද මේ තත්වයේ වෙනසක් තිබුණේ නැත. පොදුජන පෙරමුණ නියෝජනය කරන අම්ලන්ගොඩ ආසනයේ නගරාධිපති හා සභාපති පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනතාව මේ සදහා සහභාගී කරවු අතර මහ ඇමති ෂාන් සිය පිරිස් වෙනම මේ සදහා සහභාගී කර තිබිණි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන්  මහ ඇමති ෂාන්ගෙන් විමසීමේ දී ඔහු කීවේ දැන් ඉතින් ඉදිරියේ දී අමතක කරනෙමු පැරණි කතා – එකවෙමු පක්ෂයේ දියුන පතා කියාය. හබරාදුව චන්දිම ද වෙනම පිරිසක් සමඟින් මේ සදහා සහභාගී වෙද්දී මාතර හක්මන ලක්ෂ්මන් යාපා මෙන්ම මහින්ද අමරවීර ද විශාල ජනකායක් සමඟින් මේ සදහා සහභාගී වී තිබිණි.

ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පළාත් පාලන මන්ත්‍රී සන්සදය පසුගිය සතියේ

මේ ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පළාත් පාලන මන්ත්‍රී සන්සදය පසුගිය සතියේ රැස්වුයේ අක්මීමණ ප්‍රා දේශීය සභාවේ දීය. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් , නගරාධිපතිවරුන් මේ සදහා සහභාගී විය. ඉදිරියටත් මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමටත් පොදුජනපෙරමුණ ලෙසම සිටිමින් ගාල්ල දිස්ත්‍රික් නායකයා ලෙස රමේෂ් පතිරණ මහතා ත් නියෝජ්‍ය නායකයා ලෙස මොහාන් පී ද සිල්වා මහතා ත් කටයුතු කර යුතු බව ඔවුන් මෙහි දී තීරණය කරන ලදී. කෙසේ නමුත් මෙම සාකච්ඡාව ආරම්භ වීමට ප්‍රථම ඔවුනොවුන්ගේ කතා බහ අනුව පසුගිය දා ඇති වු මෛත්‍රී මහින්ද දීගයට ඔවුන්ගේ එතරම් කැමැත්ක් නොමැති බව වැටහිනි. අපරාදේ මේ අවුරුදු එකහමාර ඉදලා ඡන්දෙකට ගිහිල්ලා අපේම ආණ්ඩුවක් හැදුවා නම් ඉවරයි. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කියද්දී අක්මීමන සභාපති සේන කලෙහෙවත්ත දරු වේ වෙනත් අදහසකි. ඔව් ඒකේ ඇත්තක් තියනවා. ඒ වුනාට අවුරුදු දෙකක් යනකොට රටක් ඉතිරි වෙන එකක් නෑ. ඒ නිසා මගේ මතේ නම් මේක හොදයි කියලා. අපේ මේ වෙලවේ මනාප කතා වලට යන්න හොද නෑ. තවත් සභාපතිවරයෙකු කියද්දී සේන කලෙහෙවත්ත නැවත කයට ඇරීය. මේ අපි මේ සාකච්ඡාව පටන් ගනිමු.

මේ අතර එජාපයට බලය හිමි තංගල්ල නගර සභාවේ විශේෂ රැස්වීමක් පසුගිය සතියේ කැදවා තිබිණි.

මේ අතර එජාපයට බලය හිමි තංගල්ල නගර සභාවේ විශේෂ රැස්වීමක් පසුගිය සතියේ කැදවා තිබිණි. කෙසේ නමුත් එදිනම එජාපය සිය සාමාජිකයින් කොලඹට කැදවා තිබු නිසා නගරාධිපතිවරයා ඇතුළු කිසිවෙකු නගර සභාවට පැමිණ තිබුණේ නැත. හදිසි රැස්වීමක් වු නිාසම එය සවස 2.00 ආරම්භ වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් 2.25 වනතුරු එජාප මන්ත්‍රීවරුන් හෝ නගරාධිපතිවරයා නොපැමිණි අතර පසුව ලේකම්වරයා පැමිණීමෙන් පසු පොදුජන පෙරමුණ

ශ්‍රීලංකා නිදහස් පක්ෂය, හා ජවිපෙ එක්ව තාවකිලික සභාපති ලෙස පොදුජන පෙරමුණේ විමල් දුනුවිල නම් කරන ලදී. අනතුරුව ඔවුන්ගේ ඒකමතික තීරණයක් අනුව තංගල්ල නගරයේ 700% කින් වැඩි කරන ලද කඩබදු මුදල් 30% දක්වා අඩු කිරීමට ඒකමතික තීරණය කර ඇත. ආණ්ඩු පෙරලියත් සමඟින් මේ වන විට තංගල්ල නගර සභාවේ බලය සම්බන්ධයෙන් ද පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි. එජාපයට හා පොදුජන පෙරමුණට ආසන 07 බැගින් හිමි මෙම නගර සභාවේ ශ්‍රීලනිපයට හා ජවිපෙට ආසන 02 බැගින් හිමි වී ඇත. කෙසේ නමුත් බොහෝ විට ඉදිරියේ දී තංගල්ල නගර සභාවේ බලය හුවමාරු වන බවට හා එය සිදුකරන අකාරයට සම්බන්ධයෙන් ද අදාල මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *