යාපනයේ පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

දෙපිරිසක් අතර ගැටුමක් සමථයට පත් කිරිම සඳහා මැදිහත් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත් කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් 33 හැවිරිදි පුද්ගයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දියේ ගිලුණු පුද්ගලයෙකුගේ මළ සිරුරක් තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන යමින් සිටියදී අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ගැටුම සමථයකට පත් කිරිමට මැදිහත්ව ඇති බවයි.පොලීසිය පවසන්නේ පොලිස් නිලධාරීන්ට එහිදී කඩු ප‍්‍රහාරයක් එල්ල වූ නිසා වෙඩි තැබූ බවයි.පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය කියයි.

යාපනය, තෙලිප්පලෙයි, මල්ලාකම් මංසන්ධියේදී දෙපිරිසක් අතර, හටගත් එම ගැටුමෙන් දෙදෙනකු තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *