ඇදිරි නීතියේ ක්‍රිකට් ගසයි!!පොලීසිය පන්නා දමයි!! // වීඩියෝ සහිතයි
සිද්ධිය දැනුවත් කල මාධ්‍යවේදියාට පොලීසියෙන් බැණුම්
මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල මාර්ගයේ දෙවනග ඓතිහාසික පූජා භූමිය ඉදිරිපිට වෙල්යායේ ඇදිරි නිතීය අවස්ථාවේ ක්‍රිකට් සෙල්ලම් කරන තරුණයන් පිරිසක් අප මාධ්‍යවේදියා කිසියම් කටයුත්තකට යන අවස්ථාවේ දැක ඇති අතර එම ස්ථානයේ වැඩිහිටියන් පිරිසක්ද වෙල් යායේ සෙල්ලම් කරන දරුවන් දෙස බලමින් පාර අද්දර සිට ඇත්තේ රජය විසින් ලබා දුන් නිතී රේගුලාසි කඩමිනි.
තවත් පිරිසක් පාරේ බයිසිකල් පදිමින් ඒ මෙ අත ගමන් කරන අයුරුද ඔහු දැක ඇත. පසුව එම ප්‍රදේශය අයිති පොලිසිය වන මාවනැල්ල පොලිසියේ පොලිස් නිලධාරියෙකුට අප මාධ්‍යවේදියා මේ බව දැනුම් දුන් අතර පොලිස් ස්ථානාධිපතිවරයාටද මේ බව දැනුම් දිමට අප මාධ්‍යවේදියා දුරකථන ඇමැතුමක් ලබා ගන්නා ලදි.
එහිදි ස්ථානාධිපතිවරයා විසින් මාධ්‍යවේදියාට බැන වදින පටිගත කරන ලද දුරකථන ඇමැතුමත් පසුව පොලිසියෙන් පැමිණ ක්‍රිකට් ගසමින් සිටි තරුණයින් එළවන විඩියෝවද මෙහි ඒවා ඇත.
මාධ්යකටයුතු වල නිරත වන අපට මෙසේ බැන වැදිම හෙළා දකින අතර අප මාධ්‍යවේදියාට එසේ බැන වැදි ඇත්තේ මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.ආර් රත්නායක මහතා විසිනි.