මාතර මංකොල්ලයේ මෝටර් රථය කළුතරින් මතුවේ

වෙඩි කරුවන් රෝහල්ට ද දමා ඇත

මාතර ප්‍රදේශයේ සිදුවූ ස්වර්ණාභරණ වෙළෙදසැල් මංකොල්ලය සඳහා යොදා ගත් බවට සැකකරන මෝටර් රථය හා එහි හිමිකරු (02) දින  උදෑසන කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.තලගල,භාවනා මධ්‍යස්ථාන පාර, මොරගහහේන යන ලිපිනයේ දී මෙම සැකකරු හා මෝටර් රථය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

මාතර මංකොල්ලය සඳහා යොදා ගනු ලැබු බවට සැක කළ CAE 4706 දරණ සුදු පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් පිළිබඳ පොලීසිය පසුගිය කාලයේ බොහෝ විමර්ශන සිදු කළ අතර එහි ලියාපදිංචි අයිතිය ඇත්තේ කාන්තාවකට බවට අනාවරණය වී තිබිණි.

කෙසේ වෙතත් දිසා අපරාධ ඒකකයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව පරීක්ෂණ කටයුතු සිදු කළ අතර, අපරාධකරුවන් මාස 4 ක පමණ කාලයක් මෙම නිවසෙහි පදිංචිව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයින් වන කොස්ගොඩ තාරක, මියගිය චාමර හා මෙම අපරාධය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වු කොස්ගොඩ ඩිල්ශාන් නැමති කොස්ගොඩ තාරකගේ ඥාති සහෝදරයා මෙම නිවසේ නතර වී සිට ඇත.

(01) දින  රාත්‍රියේ සිට අද අළුයම වෙන තෙක් දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් මෙම නිවස අසල රැක ගෙන සිට ඇති අතර, වාහනයේ ලියාපදිංචි අයිතිකාරියගේ පුරුෂයා අළුයම නිවසට පැමිණිමත් සමඟ රථය හා පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට පත් පුද්ගලයා මඩපාතගේ කපිල කුමාර නැමති වයස අවරුදු 43ක් වු පුද්ගලයෙකි.කෙසේ වෙතත් මංකොල්ලය සිදු කර අවස්ථාවේ දී පොලිස් වෙඩි පහරින් තුවාල ලැබු සැකකරුවන් තිදෙනා රෝහල් ගත කර ඇත්තේ ද මෙම මෝටර් රථයෙන් බව අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *