අබාධිත දරුවන්ට සෙනෙහස දුන් පොලිස් නිළ දරුවන්

හෙම්මාතගම පොලිසිය 152 වැනි පොලිස් දිනය නිමිත්තෙන්

සටහන හා සේයාරූ මාවනැල්ල සමන් විජය බණ්ඩාර

හෙම්මාතගම පොලිසිය 152 වැනි පොලිස් දිනය නිමිත්තෙන් මාවනැල්ල අශෝකපුර ළමා නිවාසයේ දරුවන් සියලූ දෙනා වෙනුවෙන් දහවල් දිවා ආහාරය ලබා දිමේ පුණ්‍ය කර්මයක්  සිදු කර ඔවුන් සමග පස්වරුවේ පැය කිහිපයක් සිංදු කියා විනෝද විය.

එම ළමා නිවාසය ( හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇත ) වෙනුවෙන් පොලිසිය මගින් සිදු කරන දානමය කටයුත්ත මින් ඉදිරියට සෑම පොලිස් දිනයකම සැත්තැම්බර් 03 වැනි දින සිදු කිරිමට එම ළමා නිවාසයේ පාලන අධිකාරිය දැනුවත් කිරිම සිදු වු අතර එය සිදු කලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා නිලධාරින්ගෙන් කල යෝජනාවට ඔවුන්ගේ එකගතාවය ලබා දිම නිසාය.

පොලිස් නිලධාරින් මෙන්ම පොලිසියේ කාන්තා පොලිස් නිලධාරින් විසින් සියලූ දෙනා එක්ම ළමා නිවාසයේ ආහාර සැකසුම සිදු කිරිමෙන් අනතුරුව කුඩා සාමනේර හිමි නමක් එම ළමා නිවාසය වෙත වැඩමවා දරුවන් අධ්‍යාපනය ලබන විශෙAෂ පාසලේ කවි බණක් ඇසීමට සැලැස්විමෙන් පසුව දිවා ආහාරය ලබා දිම සිදු විය.

විවිධ කායික අබාධිත දරුවන් 85 කට වැඩි පිරිසකට දිවා ආහාරය පිළියෙල කර ලබා දෙන අවස්ථාවේ එහි විවිධ සංවේදි සටහන් රැසක් එහි ගිය මට දැක ගත හැකි වු අතර කාකි ඇදුමෙන් සැරසි සිටි මෙ නිලධාරින් විසින් ආහාර තනිවම ගැනිමට නොහැකි දරුවන්ට ආහාර කැවිම සිදු කර අතර එම අවස්ථාවේ බොහෝ දෙනෙකුගේ ඇස් වලින් කදුළු පිදු ඛෙරි ඇස් උණු කදුළුලින් තෙමි තිබුණි.

දරුවන් කෑම කා අවසානයේ නිලධාරින් තුරුළු කර ගත් සමර කුඩා දරුවන් පොලිසියේ නිලධාරින්ට ලෙන්ගතු වු අයුරු දැක ගත හැකි වු අතර එය බලා සිටි බොහෝ දෙනෙකුගේ සංවේගය දනවන අවස්ථාවක් බවට පත් විය. සමහර නිලධාරින්ගේ සංවේගය කොතෙක්දැයි කිව හොත් ඔවුන් දිවා අහාරය පවා එදින ලබා නොගත් අතර එම සංවේදි අවස්ථාව ගැන සිහිපත් කරමින් සිටි අයුරු දැක ගත හැකි විය.

මෙහි සිදු වු තවත් සුවිශෙAෂි සිදු විමක් වන්නේ පොලිස් නිලධාරිනියන් මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලූ සියලූ දෙනා ගීත ගායනා කරමින් කුඩා දරුවන් ප්‍රබෝධමත් කර අතර ඔවුන් ගීත ගායන කිරිමෙන් පසුව එම දරුවන් අතර සිටි සමහර දක්ෂ දරුවන් ගීත ගායා නටමින් සියලූ දෙනා විනෝදමත් කලේ සුන්දර දිනක අමතක නොවෙන මතක සටහන් රැසක් එහි ගිය ආගන්තුකයන්ගේ මතයකයේ රදවමිනි.

මෙම මතක සටහන් අතරේ බොහෝ දෙනාගේ නෙතට කදුලක් එක් කරන ලද තවත් මතක සටහනක් එක් කලේ අතක් නැති පාද දෙකත් අබාධිත අමුතු වාහානයකින් සිය ගමන් බිමන් ළමා නිවාසය පුරා යන එන සවිනා සාවින්දිට මෙන්ම කටින් චිත්‍ර අදින දිනුෂා වෙතටයි. සාවින්දිට දැන් වයස අවුරුදු 05 ක් වන අතර ඇය ගීත ගායනා කිරිමට මෙන්ම චිත්‍ර ඇදිම සහ ළමා නිවාසයේ ඇති පාසලේ කැපි පෙනෙන දක්ෂ දරුවෙක් බව පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ඒ.එස්. සිරිවර්ධන මහත්මිය පැවසුවාය. දිනුෂා ( වයස අවුරුදු 11 ) කටින් චිත්‍ර ඇද සමස්ත ලංකා චිත්‍ර තරග වලින්ද ජය ලබා ඇති දියණියක් බවද විදුහල්පතිනිය පවසයි. ඇය කුඩා කාලයේ සිටම කටින් චිත්‍ර ඇදිමට සමත් දරුවෙක් බවද ඇය අප සමග පැවසීය.

හෙම්මාතගම පොලිසියේ නිලධාරින් පමණක් මෙම කටයුතු සඳහා දායකත්වය ලබා දුන් අතර ඒ ලබා දුන් දායකත්වය ගැන නිලධාරින් ඉතා කැමැත්තෙන් කථා කර අතර මෙම අවස්ථාවට සම්බන්ධ විම ගැන ඔවුන් සතුටට පත් වි සිටින ලදි. දැනට සිටින නිලධාරින් ස්ථාන මාරු ලබා ලංකාවේ කොහෝ කොතනක රාජකාරි කටයුතු වලට ගියද සැත්තැම්බර් 03 වැනි දින පොලිස් දිනය දවසේ මෙ ස්ථානයට පැමිණෙන ලෙස මෙම දානමය කටයුත්තට සම්බන්ධ වන ලෙසද නිලධාරින්ගෙන් සමහර නිලධාරීන් ඉල්ලා සිටින අයුරුද අපට ඇසුනි.

මන්ද මාන්සික රෝගින් ලංකාවේ බොහෝ පිරිසක් සිටි. එවැනි පිරිස් සඳහා සමාජයෙන් සමහර අවස්ථා වල ලැඛෙනුයේ එතරම් හොඳ ප්‍රසාදයක් නොවේ. නමුත් ඔවුන්ද ජිවත් විය යුතුයි. මෙ තත්වය පිළිබඳ තිඛෙන අඩු සැලකිල්ල නිසාම බොහෝ විචාරකයින් පවසන්නේ බෞද්ධාගමික රටක් ලෙස එදාට වඩා වර්තමානයේ ශ්‍රී ලංකාවේ සමාජ සාරධර්ම කඩා වැටිම මගින් අනාගතයේ ගැටලූ රාශියක් ඇති විමට ඉඩ කඩ ඇති බව අනතුර අගවයි. එවැනි කාල පරිච්ජේදයක 152 වැනි පොලිස් දිනය දවසේ සිදු කරන ලද මෙ කටයුත්ත ඉතා හොඳ ආදර්ශයක් බව බොහෝ දෙනා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *