උද්ගෝෂණයක නිරත පෙරටුගාමීන්ට පොලීසියෙන් ප්‍රහාරයක්

පෙරටු ගාමී සමාජවාදී පක්ෂය විසින් අද දින කොල්ලුපිටිය මංසන්ධියේදී සහ ලිප්ටන් වට රවුම අසල පවත්වන ලද සාමකාමී විරෝධතාවයන් දෙකට පොලීසිය විසින් දැඩි ප්‍රහාරයක් එල්ලකරන ලදී අදාල විරෝධතාවය සංවිධානය කර තිබුනේ ඇමරිකානු තානාපති නිලධාරියෙකු මෙරටට ඇතුළු වීමට විරෝධතාවය දක්වමිනි

මෙම අවස්ථාවේ පොලීසිය විසින් අදාල විරෝධතාවය සම්බන්ධයෙන් ඊයේ දිනයේ ලබාගන්නා ලද තහනම් නියෝගයකට අනුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වන විරෝධතාවය නැවතීමට පියවර ගැනීමත් සමග දෙපිරිස අතර ගැටුමක් ඇතිවන ලදී මෙහිදී පොලිස් නිලධාරීන් විසින් විරෝධතා කරුවන් වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කල අතර අනර්තුරුව ඔවුන් පොලිස් භාරයට ගන්නා ලදී

පසුව විරෝධතා කරුවන් පිරිසක් ලිප්ටන් වටරවුම අසල සිදුකල විරෝධතාවය පවතී ස්ථානයට පැමිණ එම සාමකාමී විරෝධතා කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී විරෝධතා කරුවන් සහ පොලීසිය අතර ගැටුම හටගන්නා ලදී මෙහිදී පොලීසිය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ඇතුළු ක්‍රියාකාරීන් වෙත අමානුෂික අයුරින් ප්‍රහාරය දියත් කල අතර එම ප්‍රහාරය නිසා විරෝධතා කරුවන් අඩපණ කරමින් පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී

මෙහිදී අදාල අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් විමසීමට ගිය නීති වේදිනියක් සහ නීති වේදියෙකු ද පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර ගුණරත්නම් සහ දුමින්ද නාගමුව ඇතුළු ඉදිරි පෙළ ක්‍රියාකාරීන් සහ භික්ෂුන් වහන්සේලා ඇතුළු 42 දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී

මේ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ මහතා සදහන් කලේ ඇමරිකාව ඉදිරියේ නටුව පස්සේ ගසාගත් ආණ්ඩුව තමන් වෙනුවෙන් දැඩි මර්ධනයක් දියත් කල බවත් නිරෝධායන නීති ප්‍රභුන්න් වෙනුවෙන් නැති රටක පාලකයන් පීදතයන් පෙලා නීතිය රැකීම හාස්‍ය සහගත බවත් තම පක්ෂ ක්‍රියාකාරීන් වෙනුවෙන් ඉදිරිපත්වූ නීති වේදීන් පවා අත්අඩංගුවට ගැනීම තුලින් මේ ආණ්ඩුවේ ඉදිරිගමන පැහැදිලි බවත් තම පක්ෂය මේ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමේදී ආණ්ඩුවේ ජුන්ටාවට යට නොවන බවද සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *