පොලීසිය නීතිය නමයි!! චම්පික නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක් බව කියයි!!

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද සවස අපරාධ පරීකෂ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයාට හෝ මහේස්ත්‍රාත්වරයාට දැනුම් නොදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් තමන්ගේ නිවසට ඇතුලු වූ බවත් මෙය නීති විරෝධී ඇතුලු වීමක් බවත් හිටපු ඇමති පාඨලී ච්ම්පික රණවක මහතා තම නිවසේදී ප්‍රකාශ කරන ලදී

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධරීන් විසින් හිටපු අමාත්‍ය වරයා දෙමටගොඩ පිහිට් අපරාධ කොට්ටාශය වෙත රැගෙන ගොස් ඇත. තමන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පවසමින් අදහස් පලකරන ලදී

මේක නීති විරෝධී ඇතුළු වීමක් අද සවස මම ස්වාමීන් වහන්සේලා හමුවෙලා නිවසට අවා විතරයි කොලඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මගේ නිවසට ඇතුල් උනා. මාව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව සදහන් කළා එහෙම අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් තියෙනවා කියලා කිව්වා. පාර්ලිමෙන්තුවට මේක දැනුම් දුන්නද කියලා ඇහුවා. පාර්ලිමෙන්තුවට දැනුම් දුන්නේ නැහැ. එලියට ගිහින් නියොජ්‍ය කතානායකතුමාට දැනුම් දුන්නා. නන්දන කියන මහත්මයා තමයි එම දැනුම්දීම කළේ.ඉන් පසුව නැවත නිවසට අතුලු වෙලා කිසිම ආකාරයකට මහේස්ත්‍රාත් වරයාට දැනුම්දීමකින් තොරව මෙතනට ඇවිත් කටයුතු කළා.මේක නීති විරෝධී වැඩක් බව අමාත්‍යවරයා පලකල අදහස් සහිත වීඩියෝව පහතින් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *