විෂ නසන කටුස්සා හෙවත් බෝදිලිමා // ගවේෂණාත්මක සටහනකි

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි කටුස්සා ගැන පසු විපරම

මක් වෙනවද වෙනස් කෙරුවට පැහැ පැවැත්මට මිස කුහක කමකට නෙවෙයි මම …. යැයි, මා සමඟ කතා කල කටුස්සා කීය.කටුස්සෝ අපි මුහුණට මුහුණලූ කටුස්සන් දෙදෙනෙකි. එකෙක් දෑස් දෙස බලා සිටී. අනිකා ඇගිල්ල දිගු කරයි. අරුමයක් නොවේ. තර්කය අවියකි. නැතිනම් ආයුධයකි. විමසන්න හැකි තරම්. චෝදනා ද එල්ල කරන්න ඇති තරම්. නමුත් තමන් දෙසට ද අනෙකාගෙන් ඇඟිලි සතරක් එල්ල වී ඇති බව අමතක නොකරන්න.

ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි QR 468 ගුවන් යානයෙන් පරිඝණකයක මුවාවෙන් මෙරටට ගෙන්වා තිබුණි.කළුතර ප්‍රදේශයේ ලිපිනයකට මෙම පරිඝනකය ඒවා තිබුණි .රේගුව අදාළ ලිපිනය පිළිබදව පරීක්ෂා කිරීමේදී අදාළ ලිපිනය ව්‍යාජ ලිපිනයක් නිසා පරිඝනකය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කිරීමේදී ඉතා සුක්ෂම ලෙස සගවා තිබු කටුස්සන් 32දෙනෙකු සොයාගන්නා ලදී.

රටකින් තවත් රටකට සතෙකු ගෙන යාමේදී ගතයුතු සහ කලයුතු ක්‍රමවේදයන් රැසක් ඇත. මෙලෙස පසු ගියදා ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට ගෙන එනලද කටුස්සන් විශේෂයක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්වන ලදී  මෙම කටුසු විශේෂය පරිඝනකයක් තුල ඉතා සුක්ෂම ලෙස සගවා මෙරටට ගෙනවිත් තිබුණි. අදාළ කටුස්සන් රේගුව භාරයට ගත්තද ඉන එහාට කිසිදු පරීක්ෂණයක් සිදුවුවා දැයි වාර්තා නොවෙති . මෙම කටුසු විශේෂය මෙරටට රැගෙන ඒමේ අරමුණ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කල යුතුමය.

කටුසු කුලයේ සතුන්ගේ විස සම්බන්ධ කරගෙන හිතකර ඖෂධ නිපදවීමට හැකියාවක් තිබෙන බව පර්යේෂකයෝ සඳහන් කරති. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ විස පර්යේෂණ ඒකකයේ ‘බ්‍රේයන් ප‍්‍රයි’ සඳහන් කරන අන්දමටසතුන්ගේ විස මොලක්‍යුල ඇත්තටම භයානකයි.

නමුත් මෙම විෂ සංයෝග මගින් උයෝගීතාවය ඇති ඖෂධ නිපදවීමේ හැකියාව තිබෙනවා’Goanna (ගොආනා) යැයි හඳුන්වන මෙම කබර ගොයි විශේෂය අයත් වන්නේ කොමඩෝ ඩ‍්‍රැගන් කුලයට මෙම සතුන් සපා කෑ විට ඔවුන්ගේ මුඛයේ අන්තර්ගත විස බැක්ටීරියා නිසා ඉදිමී දිගින් දිගට ම ලේ ගැලීම සිදු වේ.

සිංගප්පූරුවේ සත්වෝද්‍යානයේ ආරක්ෂක නිළධාරියෙක් කොමඩෝ ධ‍්‍රැගන්ට ආහාර ලබා දෙන විට ඌ සපා කෑම ද විස බැක්ටීරියාවට එරෙහිව එම පුද්ගලයා කටයුතු කළ අන්දම බ්‍රේයන් විසින් අධ්‍යනය කළේ ය.ඕස්ටේ‍්‍රලියාවේ සිටින ලේස් මොනිටර් හෙවත් ගොආනා විශේෂය ද කොමඩෝ ඩ‍්‍රැගන්ට සමානය. ඔවුන්ගේ හකු ප‍්‍රදේශයට යටින් දිවෙන විස ග‍්‍රන්ථි මගින් විස පිටකරන විට තදවීමට පටන් ගනී. මොනාප් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කටුසු කුලයේ සතුන්ගේ විස 09 ක් හඳුනාගෙන ඇත. එයින් එක් විස වර්ගයක් මේ වන විටත් හඳුනා ගෙන තිබෙන අතර ලෝකයේ සිටින සුරතල් කටුස්සන්ට මෙම විස බෙහෙවින් ම ආවේණික බව ද හෙළිවී ඇත. මීට පෙර මෙම විස අන්තර්ගත උරගයන් අතරට ඇතුලත් වුණේ රුට්ල් සර්පයා  (Rattle Snake) උරගයන් විතරයි. කටුසුකුලයේ උදවිය මෙම විස අන්තර්ගත ලැයිස්තුවට ඇතුළත් වූවාට ඔබ බිය වීමට අවශ්‍ය නැත.

මේ සතුන්ගේ විස නාගයන්ගේ තරමට ම දරුණු නැත. අනෙක මේ උදවියට විෂ පිට කිරීමට දළ පිහිටා නොමැත.පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට විස සහිත සතුන්ගේ පරිණාමය මීට අවුරුදු මිලියන 200 කට පෙරාතුව සර්පයන්ගේ සහ කටසුකුලයේ පරම්පරාවේ සිට පරිනාමය වී තිබේ.කන්න ඕන වුනා ම කබරගොයාත් තලගොයා වෙනවා කිව්වත් මෙම කණ්ඩායම සඳහන් කරන අන්දමට තලගොයාත් විස සහිත උරගයෙක් බව හදුනාගෙන ඇත.මෙම අධ්‍යනයට පෙරාතුව විස සහිත කටුසු වර්ග විදිහට හදුනාගෙන සිටියේ උතුරු ඇමෙරිකාවේ ගිලා කබරයා සහ මෙක්සිකෝවේ පබලු කටුස්සා පමණි. මොවුන් සර්ප කුලයෙන් ස්වාධීනව පරිණාමය වන්නට ඇතැයි පර්යේෂකයෝ සඳහන් කරති.වෛද්‍ය ප‍්‍රයි විස සහිත සර්පයන් සමඟ ගත කළ සමීප ආශ‍්‍රය තුළින් ගොආනා ගැන ඉතා ම සැහැල්ලුවෙන් අධ්‍යනය කිරීමට අවස්ථාව ලබා ගත්තා. ලේස් මොනි ටොර් විශේෂය තුළින් ලබා ගන්නා විස ආධාර කරගෙන රුධිර පීඩනයට සහ රුධිර කැටිති නිර්මානය වීමට එරෙහිව ඖෂධ නිර්මාණය කිරීමට හැකිය. ඔහුගේ මෙම විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් ඕස්ටේ‍්‍රලියානු පර්යේෂක කවුන්සලය මගින් ඩොලර් 1, 45,000 ක මුදලක් ද පරිත්‍යාග කර ඇත.

අලි යා මෙල්ල කළ සතා පිළිබඳව කතා කරන විට අපට ළමා කතාන්දරයක දැක්වෙන්නේ නුවණ ඇති කටුස්සා අලිරාලගෙන් පලිගත් ආකාරයයි.කටුස්සාගේ කරේ රන් මාල බැන්දා වාගේ යැයි කතාන්දරයක් තිබේ. අපේ සමහරු කටුස්සන් මෙන් විවිධ තැන්වල තම මතය වෙනස් කරන සෙයක් දැකිය හැකිය. සමාජයේ මිනිසුන් මේ ආකාරයෙන් දැකිය හැකිය. වත්මන අපේ මැති ඇමති ඇත්තෝ නම් මේ කටුසු වෙනස සිදුකරන්නේ අපේ සුන්දර කටුසන්ටද ගරුත්වයක් නැති කරමිණි. කටුස්සා නම වර්ණය වෙනස් කරන්නේ ආරක්ෂාවටයි. ඌගේ පැවත්මටයි.මේ අහිංසකයා සත්තකින්ම ආඩම්බර කාරයෙකි. කටුස්සා ගේ කතාන්දර අතර විවධ කතා අති අතර කටුසු ගතිය නිසා වලයේ (කැළය) සිටින කටුස්සන් ගැනද විවිධ කතාන්දර ඇත. එය සත්තකින්ම සුන්දර වු කතාන්දර යක් බවට පෙනි යන්නේ ඒය සුන්දරම නිසාය.

ලොව උරගයන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ. සිවුපාදී උරගයන් සහ සර්පාදී උරගයන් එම කොටස් දෙකයි. සර්පයන්,කැස්බෑවන්, කටුස්සන්, හූනන් මෙන්ම තලගොයා, කබරගොයා, ඉබ්බා වැනි විවිධ රටාසමයන් මෙම කාණ්ඩයට අයත් වේ.පොදුවේ ගත් කළ උරගයන් සතු ලක්ෂණ ගණනාවකි. ශරීරය කොරපොතු වලින් හෝ දැඩි ආවරණයකින් යුක්තවීම,වියළි සමක් පැවතීම, පෙනහළු තිබීම, බිත්තර තුළින් පැටවුන් බෝ කිරීම ඒ අතර විශේෂය. තවද පරිසරයේ පවතින උෂ්ණත්වය සමඟ තම දේහ උෂ්ණත්වය වෙනස් කර ගැනීමට ඇති හැකියාව අමතක කළ යුතු නැත.

වාර්තා වන උරග රටා සමයන් (විශේෂ) අතරින් කටුස්සන් පිළිබඳව තොරතුරු රැසකි. කවි, ගීත, චිත‍්‍ර යනාදියේ කටුස්සන් ගැන සඳහන් වී නැතත්, බොහෝ උපහැරණවල කටුස්සන් යොදා ගත් අවස්ථා තිබේ. මෙම උපහැරණ තවමත් බහුල වශයෙන් ප‍්‍රජා මූලික වැඩවල දී යොදා ගනී. කටුස්සා වගේ පාට වෙනස් කිරීම. කටුස්සාගේ කරේ රන් පැළඳුවා වගේ කටුස්සන් කාපු බැළලි වගේයන පිරුළු තවමත් අප අතර ප‍්‍රචලිතය.ආදි යුගයේ විසූ ඩයිනෝසරයන් ගේ රූප සොබාවෙන් යුතු කටුස්සන් උරග සම්භවයේ දියුණු සංධිස්ථානයකි. විදු හුරුවට අනුව කටුස්සන් බොහොඬ කුලයට එවරසන්  අයත් ය. අප රට තුළ කටුසු වර්ග17 ක් වාර්තා වන අතර, ඉන් රටාසමයන් 15 ක් මු‍්‍රළු ලොවෙන්ම අප රටට පමණක් තැන්වැතියෝ වෙති. එනම් අප රටට ආවේණිකය.

කටුසු කුලයේ හැඳුනුම් ලකුණු උරග පවුලේ සෙසු සාමාජිකයන්ට මෙන්ම, කටුසු කුලයේ සාමාජිකයන්ටත්, හොඳින් තම ශරීරය ආවරණය කර ගැනීමට කොරල් වලින් සමන්විත සිරුරක් හිමිය.එසේම සමහර කටුසු රටාසමයන්ට ඉතා අලංකාර වූ උඩු ගෙල පැසක් වැනි අවයවයක් ඇත. පැස ඉවහල් කර ගනිමින් තම ප‍්‍රතිවාදීන් පලවා හැරීම මෙන්ම තම පැවැත්මට සහකාරියක් දිනා ගැනීම ද සිදු කෙරේ.සිය ශරීරයේ පැහැය වෙනස් කිරීම අතින් කටුස්සන් වර්ග පෙරමුණේ සිටිති. උභය ජීවීන් හා සර්ප රටාසමයන් සමග සැසඳූ කළ, කටුස්සන් දක්වන නිපුණතාවය ඉතා ඉහළය.වර්ණ වෙනස් කිරීමේ ක‍්‍රියාවලිය සතුන් විසින් හිතා මතා කරන්නක් නොවන අතර, පරිසරයෙන් ලැබෙන සංඥා වලින් සහ සිරුරේ හටගන්නා කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස, හෝමෝන නිසා සිදුවන්නක් බව විදු මතයයි.

මේ සඳහා යම් ප‍්‍රමාණයකට සතුන්ගේ මැදිහත්වීමක් තිබෙන බව පෙන්වා දෙන නිරීක්ෂකයෝ ද සිටිති. පාට වෙනස් කිරීම් වේෂාන්තරණය යනුවෙන් ද නම් කරති. එයින් ජීවියාට ලැබෙන ප‍්‍රයෝජන ගණනාවකි.සතුරන්ගෙන් ආරක්ෂාවීමට ලැබෙන අවස්ථාව,සතුරන් පලවා හැරීමට ඇති හැකියාව,සහකාරියක් දිනාගැනීමට ලැබන පිටිවහල,ජීවියාගේ ළදරු භාවය සහ සුහුඹුල් භාවය හඳුනා ගැනීමට ඇතැම් විට හැකියාව ලැබීම. කටුස්සො චලතාපී සත්ව කාණ්ඩයක් වෙති. එනම් පරිසරයේ උණුසුමට අනුව තම ශරීර උෂ්ණත්වය හැඩගසා ගැනීමට හැකියාවක් පවතී. එම අවශ්‍යතාව නිසා හිරු රශ්මියෙ වැඩි වේලාවක් සිටීමට ද කැමැත්තක් දක්වයි. ප‍්‍රශස්ථ උණුසුමක් සමග කටුස්සන් ගේ හැසිරීම් රටා ද කඩිසර බවක් පෙන්වයි. දවසේ වැඩි වේලාවක් සීතල ප‍්‍රදේශවල වෙසෙන කටුස්සන් ඉතා අලස හැසිරීම් රටා පෙන්නුම් කරන බව ක්ෂෙෂ්ත‍්‍ර වාර්තා සඳහන් කරයි. එපමණක් නොව කටුස්සෙක් නවාතැන් ගෙන සිටින ගසක, වැලක හෝ යම් උපස්තරයක තිබෙන උෂ්ණත්වය කටුස්සාගේ ශරීරයේ, එම මොහොතේ පවතින උෂ්ණත්වයට වඩා අඩු අගයක් ගන්නා බව සොයා ගෙන තිබේ.

බිත්තර මගින් කටුස්සෝ පැටවන් බෝ කරති. කුරුල්ලන් මෙන් බිත්තර නොරකින අතර, හිරුගේ උෂ්ණත්වය, පොළොවේ උෂ්ණත්වය හා කොළ රොඩු අතරේ තිබෙන උෂ්ණත්වය උපකාරීව බිත්තර වලින් පැටවුන් බිහි වෙති. එහෙත් බිත්තර දැමීමේ සිට ඒවා තැන්පත් කිරීම දක්වා කටුස්සිය ඉටුකරන මෙහෙය තීරණාත්මකය. බිජුලෑමට සූදානම් වන කටුස්සිය ඒ සඳහා තරමක් තෙත්, මද අව් රශ්මිය පවතින ස්ථානයක් තෝරයි. ඉන්පසු ඉදිරි පාද වලින් තරමක් ගැඹුරු වළක් හාරා ගන්නා අතර, විනාඩි කීපයක දී බිත්තර දමා හමාර කරයි.   අනතුරුව පස් දමා හොම්බ කෙළවරින් කීප වතාවක් ගසමින් පස් තද කරයි.  අවසානයේ දී කොළ රොඩු දමා පැවති තත්ත්වයට පරිසරය සකසයි.කටුස්සන් ආහාර වශයෙන් ගන්නේ, කෘමීන්, මකුළුවන්, බත්කූරන්, පණුවන් වැනි ජීවීන්ය. විශේෂයෙන් ගොවිතැනට හානි කරන පළිබෝධකයින් කටුස්සා විසින් කා දමන නිසා ගොවියාගේ මිතුරෙකු ලෙස පිළිගනී.

නමුත් ගොවිතැනට යොදා ගන්නා රසායනික බෙහෙත් සහ රසායනික පොහොර නිසා කටුසු ගනයේ පහත වැටීමක් පෙන්නුම් කරයි. ජල අවශ්‍යතාවෙන් බොහොමයක් ගන්නා ආහාර වලින් පිරිමසා ගනී.

කටුස්සන්ගේ පැතිරීම.අප රටේ වෙරළාශ‍්‍රිත පරිසරයේ සිට පිදුරුතලාගල වැනි උස් කඳු මුදුනක තෙක් ම කටුස්සෝ දිවි ගෙවති. සර්ප රටාසමයන් වාර්තා නොවන හෝර්ටන් තැන්නේ පවා කටුස්සන් වාර්තාවීම විශේෂ සිදුවීමකි.  කටුසු රටාසමයන් 17 ක් මෙරට වාර්තා වන අතර, එයින් රටාසමයන් 15 ක් තම නිජ බිම වශයෙන් ලංකාව තොරා ගෙන තිබේ.   එම කටුස්සන් මුළු ලොවෙන්ම අප රටට පමණක් තැන්වැති වේ. ස්වභාවික පරිසර තත්ත්වයන් යටතේ දැකීමට ලැබෙන්නේ ලංකාවේ පමණි.සිරිලක කටුසු රටාසමයන් සහ විද්‍යාත්මක නම 01. පලා කටුස්සා  Calotus Calotes02. පැහැතොල් කටුස්සා Calotes Ceylonensis03. නොසිළු කටුස්සා  Calotes Liocephalus04. උරුවන් කටුස්සා  Calotes Liolepis05. කළු කොපුල් කටුස්සා Calotes Nigrilabvis06. ගරා කටුස්සා  Calotes Versicolor07. ද සිල්වාගේ පලා කටුස්සා  Calotes Desilvai08. රළු අං කටුස්සා  Ceratophora Aspera09. අර්ඩලන් අං කටුස්සා  Ceratophora Erdelenii10. කරුණාරත්න අං කටුස්සා Ceratophora Karu11. කහමුව අං කටුස්සා  Ceratophora Stoddartii12. පෙති අං කටුස්සා  Ceratophora Tennentii13. කුරු කටුස්සා  Cophotis Ceylanica14. ගැට හොඹු කටුස්සා  Lyriocephalus Scutatus15. පිනුම් තැලි කටුස්සා  Otocryptis Wiegmanni16. කළු තැලි පිනුම් කටුස්සා  Otocryptis Nigristigma17. තිත් වැලි කටුස්සා  Sitana Ponticeriana

කටුස්සන් මුහුණපා ඇති තර්ජන රැසකි.

  1. වනාන්තර පද්ධති වේගයෙන් අඩුවීම2.පළිබෝධනාශක බහුලව භාවිතය3.පස සෝදාපාළුවට ලක්වීම4. පරිසර දූෂණය5.කාර්මීකරණය6. ගෙවතු මායිම්වල පැවති ගස්වැල් කපා දමා තාප්ප ඉදිවීම7. ග‍්‍රාමීය මාර්ගවල දී මුහුණපාන වාහන අනතුරු8.කටුස්සන් ගොදුරු කර ගන්නා විලෝපිතයන්ගේ වැඩිවීම ඉහත සඳහන් සියලු තර්ජන මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් ඇති වූ දේවල්ය.

සේම ඒවායේ වර්ධනයටත් මිනිස් කටයුතු හේතු වී ඇත. නිදසුනක් ලෙස විලෝපිතයන්ගේ වැඩිවීම සලකා බලමු. කටුස්සන් ගොදුරු කර ගන්න කුරුලු වර්ග අතර, කපුටා, මයිනා සහ පොදු ඇටිකුකුලා ඉදිරියෙන්ම සිටී. ඕනෑම පරිසර තත්ත්වයකට හැඩගැසී ජීවත්වීමට සමත්කමක් මෙම කුරුල්ලෝ දක්වති. කාර්මීකරණය, පරිසර දූෂණය වැනි අභියෝග ජයගෙන තම ව්‍යාප්තිය තහවුරු කරගෙන සිටින මෙම කුරුල්ලන් නිසා කටුස්සන් මුහුණ පා ඇති තර්ජනය ඉහළ ගොස් තිබේ.

කටුස්සා මෙන් පාට වෙනස් කරන මිනිසුන්ට කිසිවකු කැමැති වන්නේ නැත. එහෙත් කටුසු පරපුරෙහි පැවැත්ම රඳාපවතින්නේ පැහැය වෙනස් කරන තරම අනුවය. උන් එකිනෙකා සමඟ සන්නිවේදනය සිදුකරන්නේ වර්ණ වෙනස් කිරීමෙනි. ලැබෙන ආලෝකය අනුව කටුස්සාගේ වර්ණ වෙනස් වෙයි. තවත් කටුසු වර්ග විලෝපිකයන්ගෙන් දිවි ගලවා ගන්නේ ද පරිසරයේ පැහැයට තම වර්ණය හැඩගස්වා ගැනීමෙනි.

තවත් වැදගත් කරුණක් තිබේ. එනම් මේ සත්ත්වයාට ජීවත්වීමට සිදුව ඇත්තේ බරපතළ තර්ජනයට ලක්වූ වාසභූමිවල වීමය.කටුස්සාගේ අරුම පුදුම බව පවතින්නේ වර්ණයේ පමණක් නොවේ. සිරුරේ දිගට වඩා දිගු දිව ඔවුනට ඇත්තේ ඈත තැනක සිටිනා කෘමියකු ඩැහැගත හැකි පරිදිය. මේ පුංචි උරගයා ස්පර්ශ කරන තැනට ගැළපෙන පරිදි පාට වෙනස් කරගන්නා බවට මතයක් පවතී.

පරිසරය අනුව වර්ණය වෙනස් කර ගන්නා බවට කතාවක් තිබුණද වර්ණ වෙනස් කිරීමට ප්‍රධානම හේතුව සන්නිවේදනය ය. වෙනත් අයුරකින් කියතොත් කටුස්සන්ට ඇත්තේ වර්ණවත් බසකි. ඔවුන් තමන්ගේ සෙනෙහස, කෝපය, ආධිපත්‍යය,තරඟකාරී බව, ආතතිය සියල්ලම කියාපාන්නේ වර්ණයෙනි.

ජීව විද්‍යා පශ්චාත් ආචාර්ය සංගමයේ ක්‍රිස්ටෝපර් ඇන්ඩර්සන් පවසන පරිදි මේ පුංචි උරගයා පිළිබඳ තවමත් බොහෝ දෙනකුගේ පවතින්නේ අසුබවාදී මිථ්‍යා මත ය. ඔවුනට තිබෙන බරපතළ ගැටලුව විද්‍යාව කෙතරම් දියුණු වුවත් දිගු දිව ගැනවත් වර්ණ වෙනස් කර ගැනීම ගැනවත් සත්‍ය හෙළිකර ගැනීමට නොහැකි වීමය. තවමත් කටුස්සා ඔවුන්ට ප්‍රහේලිකාවකි. අභිරහසකි. දැනටමත් කටුසු විශේෂ අතරින් අඩක්ම නව රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වී තිබේ. කටුසු විශේෂ වැඩි ගණනක් සිටින්නේ වඳවීමේ තර්ජනයට මුහුණපා නැතහොත් මුහුණපෑමට ආසන්නවය.නැෂනල් ජියොග්‍රෆික් කණ්ඩායම මෑතකදී දකුණු අප්‍රිකාවේ කටුස්සන් සම්බන්ධව කළ වාර්තා වැඩසටහනකදී හෙළිවී ඇත්තේ උන්ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් නැති වී ගෙන යන බවය. එම වැඩසටහනින් අලුත් කටුසු විශේෂ ගණනාවක් ද හඳුන්වා දුනි.

අප්‍රිකානුවෝ දෙආකාරයකට කටුස්සෝ හඳුන්වා දෙති. “වර්ණවත් පුංචි මිනිසුන්” (verkleurmanne tjies), “පරෙස්සමින් ගනුදෙනු කරන්නා” (trapsuutjies) එම ආකාර දෙකය.

මැඩගස්කරයේ දැනට හඳුනාගෙන ඇති කටුසු විශේෂ හාරසීයෙන් සියයට හතළිහක් පමණම ජීවත්ව සිටිති. ජාන පරීක්ෂණ මඟින් වඳ වී ගියා යැයි අනුමාන කළ කටුසු වර්ග කිහිපයක්ම සොයා ගැනීමට ලැබීම සොබාදහමේ වාසනාවකි.

කටුස්සන් සොබා විද්‍යාඥයන්ට ගැටලු මතු කරන්නේ වර්ණයෙන් දිවෙන් පමණක් නොවේ. උන් මැඩගස්කරයේ සහ අප්‍රිකාවේ සිට බටහිර රසායනාගාරවලට ගෙන යද්දී අතරමඟදී මිය යාම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මේ නිසා උන් ගැන අනුමානයන්ට එළඹීමට ඔවුහු වඩාත් පෙලඹෙති.තත්පර 0.56 කදී කටුස්සකු පළගැටියකු ගොදුරු කර ගන්නා අන්දම එක් විද්‍යාඥයකු රූපගත කළේ තත්පරයට රාමු තුන්දහසක් යොදා ගනිමිනි. කටුස්සාගේ උගුරේ තිබෙන පසුම්බියක් වැනි කොටස වටවී ඇත්තේ ඇදෙන සුලු කාටිලේජමය පටක හා මාංසපේශීන්වලිනි. ගොදුර ඉදිරියේදී දිව තෙත අවශෝෂණ කෝප්පයක් සේ ක්‍රියා කරයි. විශාල කටුස්සන්ටත් වඩා දිගු දිවක් කුඩා කටුස්සන්ට ඇත.

බොහෝ කටුසු විශේෂ දුඹුරු පැහැයේ සිට කොළ පැහැය දක්වා වර්ණ වෙනස් කර ගනී. නමුත් සමහර කටුසු වර්ගවලට ඕනෑම වර්ණයකට වහාම පරිවර්තනය විය හැකිය. මේ වර්ණ වෙනස්වීමට ගතවන්නේ තත්පර 20 ක් වැනි කාලයකි. උන්ගේ වර්ණ වෙනස් වෙන්නේ මොළයෙන් ලැබෙන සංඥාවට අනුවය. පණිවුඩය අනුව වර්ණක සෛල විශාල වීම හෝ හැකිළීම සිදුවේ. මේ ක්‍රියාවේදී වර්ණක සෛල දිය සායම් මෙන් සම්මිශ්‍රණය වෙයි. මිනිසුන්ට ද ඇති මෙලනින් වර්ණකය කටුස්සන්ගේ වර්ණය වෙනස් කිරීමට ආධාර වෙයි. ඇතැම් අවස්ථාවල කටුස්සන් වර්ණ වෙනස් කර ගන්නේ සිතට සහනයක් ලබාගැනීමටය. වර්ණ නිල් පැහැයෙන්. කොළ පැහැයට, කහ පැහැයට, තැඹිලි පැහැයෙන් රතු පැහැයට කටුස්සෝ වර්ණ වෙනස් කර ගනිති.

කටුස්සන්ගේ ඇස් පිහිටා ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක 360 කටය. මෙය බොහෝ උරග වර්ගයට නැති වරප්‍රසාදයකි. එක්වර උන්ට වෙනස් ද්‍රව්‍ය දෙකක් දෙස බැලිය හැකිය. රවුමටම ඇස් කරකැවීමට පුළුවන. මීටර් 5. – 10 ක් දුරින් සිටින සතකු පවා කටුසු ඇසට පෙනෙයි. දකින දෙය විශාල කිරීමට හැකිවීම ද තවත් කටුසු කුසලතාවකි. ඇස් දෙක එක්වර ප්‍රතිවිරුද්ධ දිශාවලට කරකැවිය හැකි ලොව එකම සත්ත්වයා ද කටුස්සාය. පෙනීම කෙතරම් දියුණු වුවත් සර්පයන්ට වාගේම කටුස්සන්ට ද බාහිර හෝ මැද කනක් නැති නිසා කන් ඇසෙන්නේ අඩුවෙනි. හර්ට්ස් 200 – 600 දක්වා වූ ශබ්ද උන්ට ඇසේ.

කටුසු පිරිමි සතුන්ට ගැහැනු සතුන්ට නැති අං වැනි කොටස් තිබේ.කාන්තාරයේ සිට වැසි වනාන්තර දක්වා සෑම පරිසරයකම කටුසු වාසස්ථාන දැකිය හැකිය. විශාලම කටුසු සාමාජිකයාගේ දිග සෙ. මී. 69 ක් (අඟල් 27) පමණ වේ. කුඩාම සාමාජිකයා මි. මී 15 ක් (අඟල් 0.59 ක්) තරම් කුඩාය. විශාල කටුස්සන් කුඩා කුරුලු පැටවුන් පවා ආහාරයට ගනී. ගොදුරට ළංවීමේ වේගය තත්පර 0.07 ක් තරම් කෙටිය.

අනෙක් සතුන් මෙන් නොව කටුස්සෝ දිවි ඇතිතුරු වැඩෙති. බොහෝ කටුසු වර්ග තම වලිගය රවුමට අත්තක ඔතාගෙන ගිමන් නිවති. මුන් හුදෙකලා ආදරවන්තයන්ය. කටුස්සියට බොහෝ විට කටුස්සන්ගේ අවශ්‍යතාවක් නැත. කටුස්සකුට තම සිරුරට අත තැබීමට කටුස්සියක අවසර දෙන්නේ කලාතුරකිනි. ඒ දුලබ අවස්ථාව ලැබෙන්නේ වර්ණවත් කටුස්සෙකුටය.

ලෝකයට අවතාර නිර්මාණ්‍ය කළ ඒ නිසාම මිනිස් සිත්හි මහත් වූ බියක් ජනිත කළා වූ සත්ත්ව විශේෂ ලොව බොහෝ රටවල දී හමු වේ. අප රට තුළ ද එය එසේ ම ය. එහෙත් යම් අවස්ථාවක දී මේ සතුන් ස්වාභාවික ලෝකයේ දී අපට හමු වුණොත්,එසේ නැත්නම් සත්ත්ව විද්‍යාඥයින් හෝ පරිසර ‍වේදීන් වශයෙන් ඔවුන් ගැන අධ්‍යයනයකට යෑමට සිදු වුණහොත් එතෙක් අප තුළ භීතියේ ප්‍රතිරූප බවට පත්ව සිටි ඒ සතුන් කොතරම් අහිංසක දැයි සිතෙනු Lyrakopfagame.Hump-nosed Lizard.Lyriocephalus scutatus_thumbඇත්තේ ලැජ්ජාශීලි සිනාවක් ද ඇති කරවමිනි. ශ්‍රී ලංකාවේ වනාන්තරවල දකින්නට ලැබෙන යක් කටුස්සා සහ බෝදිලිමා මේ සඳහා කදිම උදාහරණ වේ.

කටුස්සා යනු අමුතුවෙන් හඳුන්වා දිය යුතු සත්ත්ව විශේෂයක් නොවුණත් යක් කටුස්සා ගැන නම් එසේ කිව නොහැකිය. ගැටහොඹු කටුස්සා, කරමල් බෝදිලිමා යනුවෙන් ද හඳුනා ගැනෙන මේ සත්ත්වයා Agamidac කුලයට අයත් ය. විද්‍යාත්මක නම ලිරියොසෙෆාලස් ස්කුටවස් ය. මොවුන් සම්බන්ධයෙන් ඇති විශේෂත්වය ඔවුන් ලංකාවට ආවේණික වීමම නොවේ. ඔවුන් වසන පරිසර පද්ධතිය ද ලංකාවට ආවේණික වීමයි. මේ අනුව ඒ ගණය යටතේ විස්තර කෙරෙන්නේ මුළු ලෝකයෙන් ම එක් විශේෂයක් පමණි. ඒ අනුව යක් කටුස්සා ගැන මිනිසුන් අතර ඇති යක් ප්‍රතිරූපය ද ලංකාවට ම ආවේණික වූවක් විය හැකි ය.

නමට අනුව ‘යක්’ ප්‍රතිරූපයක් තිබුණ ද විචිත්‍ර වර්ණ විවිධත්වයක් ඇති මේ සත්ත්වයා ශරීරයේ හැඩය මෙන් ම චර්යා ස්වභාවය හේතු කොට ගෙන ද පරිසරවේදීන්ගේ වැඩි අවධානයක් දිනා ගනියි. යටිහණුව ඉදිරියෙන් පටන් ගන්නා තැල්ලක් වැනි පිහිටීම ඌට අලංකාරයක් එක් කරමින් සිරුරේ පසු පෙදෙස දක්වා ම විහිද ඇති අයුරු දැකිය හැකිය. හිස මුදුනේ ඇති මොල්ලිය දෙපසට බෙදුණක් මෙන් දැකිය හැකි ය.

යක් කටුස්සා සිය නමට නොගැළපෙන ආකාරයේ අපූර්ව වර්ණ සංකලනයකට හිමිකම් කියයි. මූලිකවම කොළ පැහැයෙන් යුක්ත වුණත්, අළු, දුඹුරු, කහ, කාකි පැහැයෙන් යුත් කොළ වශයෙන් පුළුල් වර්ණ පරාසයකින් පෙනී සිටීමට ඌට පුළුවන. මොහුව විචිත්‍ර වර්ණ අලංකාරයක් ලෙසින් රූපගත කරන්නට නම් හොඳ ඉවසීමක් ඒ ඡායාරූප ශිල්පියාට අවශ්‍ය ය. ඒ, ඌ සිය පෘෂ්ඨීය පෙදෙස ද ළා කොළ පැහැයට හරවා ගන්නා අවස්ථාව එන තෙක් බලා සිටීමට ය. එවිට උගේ උදර ප්‍රදේශය දීප්තිමත් ළා නිල් පැහැයකටත්, ගෙල හා බැඳුණු තැල්ල දිලිසෙන සුලු කහ වර්ණයකටත් හැරෙයි. දෙනෙත් රත් පැහැයෙන් දිස් වේ. කෙසේ වෙතත් මේ වර්ණ විචිත්‍රත්වය ආලෝකය සහ අඳුර අනුව වෙනස් වන බව ද දැන සිටීම වැදගත් ය. ඒ අනුව අඳුරු පරිසරයක ළැග සිටින යක් කටුස්සකු ගෙන් අපට දැකිය හැකි වන්නේ දුඹුරු පැහැයෙන් ද අළු සහ කාකි කොළ පැහැයෙන් ද යුත් දුක්මුසු වර්ණ සංකලනයකි.

වනාන්තරයක ඇවිද යන්නෙකුට තරමක් එළිමහන් ස්ථානයක දී මේ කටුසු විශේෂය දැකිය හැකි ය. ඇතැම් විට තෙත් වනාන්තර ඇසුරේ ඇති රබර් වතුවලදී ද හමුවෙතත් ඒ ඉතා කලාතුරකිනි.

මේ සත්ත්ව විශේෂය ගැන නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් පරිසරවේදී සජීව චාමිකර, වරක් සූරියකන්ද – දෙණියාය මාර්ගයේ ඉත්තකන්ද ප්‍රදේශයේ ජනාවාස ආශ්‍රිත ප්‍රධාන මාර්ගයක් අසල දී යක් කටුස්සෙකු තමාට හමුවූවායැයි පවසයි. ඒ අවස්ථාවේ දී බිය වීම නිසා වැල් සහිත ශාක වලින් වැසුණු විශාල ගසක් කරා දිවගොස් එහි කොළ අතු අතරේ සැඟවෙන්නට එම සත්ත්වයා ගත් උත්සාහය ගැන ද ඔහු සිය වාර්තාවේ ලා මෙසේ පැහැදිලි කරයි. “මෙවැනි චර්යා රටාවක් මේ කටුස්සාගෙන් මට දැකගන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.” තෙත් වනාන්තර ඇසුරේ වාසය කළත්, එළි පෙහෙළි වන තෙත් වනාන්තර හමුවේ ග්‍රාමීය ප්‍රදේශවල පරිසරවලට ක්‍රමයෙන් අනුවර්තනය වෙමින් ජීවත් වෙන සත්ත්වයෙකු ලෙසින් ද මොහු හඳුනාගෙන තිබේ.

යක් කටුස්සා බිය වූ විට දක්වන අපූරු හැසිරීම ගැන ද මෙහි දී සිහි කිරීම වටී. ඒ අනුව හදිසියෙන්ම බියපත් වූ විට සිය මුඛ්‍ය විවෘත කොට එහි අභ්‍යන්තරයේ ඇති දීප්තිමත් රත් පැහැය හොඳින් ප්‍රදර්ශනය වන අයුරින් හැසිරෙනු නිරීක්ෂණය කොට තිබේ. යක් කටුස්සා සිය සතුරු පාර්ශ්වයට යක් බව ප්‍රදර්ශනය කරන්නේ එසේ ද යන්න වෙනම විමසා බැලිය යුත්තකි. මේ අතර ඇතැම් පොත්පත්වල තදින් බියට පත් වූ අවස්ථාවලදී සිය ශරීරය දරදඬු කොට _DSC8289xගනිමින් බිමට පැන මළාක් මෙන් වැතිර සිටින්නේ යැයි සඳහන් වෙතත් ඔවුන් එසේ හැසිරෙනු තමා කිසි විටෙකත් දැක නැතැයි චාමිකර මහතා පවසයි. එහෙත් යක් කටුස්සා බිම ලැග සිටින අවස්ථාවකදී බියපත් වූ විට අර කී අන්දමට සිරුර දරදඬු කරගනිමින් එසේ මළාක් මෙන් වැතිර සිටින අයුරු නිරීක්ෂණය කළ අවස්ථා තිබේ.

යක් කටුස්සන්ගේ පිරිමි සතුන් ගැහැනු සතුන් මෙන් නොවේ. ඔවුන් කලහකාරී ය. වඩාත් ම බිය වූ විට සිය රත් පැහැ මුඛය විවෘත කොට සපා කෑමට පවා යක් කටුස්සන් යොමු වෙන බවට වාර්තා වී ඇත. ඒ අවස්ථාවේ දී යක් කටුස්සා සිය සිරුර පුම්බා ගෙන තැල්ල මෙන් ම හිස මත පැතලි මොල්ලිය ද විහිදුවාගෙන සිටිනු තමන් කන්නැලිය වන පෙතේ දී නිරීක්ෂණය කළේ යැයි පරිසරවේදී සජිව චාමිකර පවසයි.එමෙන්ම ඔවුන්ගේ ආහාර ගැනීමට අදාළව ද සජීවගේ නිරීක්ෂණය වැදගත් එකක් යැයි සිතේ.

මේ සතුන් ඉතා සෙමෙන් ගමන් කරන කුලෑටි ක්‍රියාශීලී බවින් අඩු සතුන් ලෙස බොහෝ විට දැකගත හැකි වුව ද චලනය වන ගොදුරක් පසුපස හඹා ගොස් අල්ලා ගන්නා අවස්ථා ද දක්නට ලැබී ඇත. කිතුල්ගල කැලණිවැලි රක්ෂිතය තුළ එක් අවස්ථාවක දී සිහින් වැලකින් එල්ලෙන කෝටුවක් මත පො‍ෙළාවට අඩි 4 ක් පමණ ඉහළින් ලැග සිටි මේ කටුස්සකු මීටර් 10 ක් පමණ දුරින් ස්ථානයක පොළව ආසන්නයේ පියාඹමින් සිටි කෘමි සතකු පසු, පස ක්ෂණිකව වේගයෙන් හඹා ගොස් අල්ලා ගනු දැකගත හැකි විය. ඒ අවස්ථාවේ දිගු වේලාවක් නිසොල්මන්ව ලැග සිටි කටුස්සා එක්වරම අඩි 4 ක් පමණ උසක සිට බිමට පැන වේගයෙන් දුව යනු දැකගන්නට ලැබිණි.

බෝදිලිමා යනුවෙන් අප හඳුනාගන්නේ ලොව පුරා විශේෂ 185 ක් පමණ වෙසෙන සත්ත්ව කොට්ඨාසයකි. කෙසේ වෙතත්“කැමෙලිඕ” ගණයට අයත් වන්නේ ආසියාකරයේ සහ අප්‍රිකානු කලාපයේ වෙසෙන බෝදිලිමුන් ය. සාමාන්‍යයෙන් කොළ පැහැයෙන් ශරීර වර්ණය දැකගත හැකි වුව ද පැහැය වෙනස් කර ගැනීමට ඇති සමත් බව සුවිශේෂ හැකියාවක් ලෙසින් සැලැකේ. බොහෝ බෝදිලිමුන්ගේ හිස මුදුනේ ඔටුන්නක් වැනි පිහිටීමක් දැකිය හැකි ය. විටෙක එය දිස්වන්නේ අඟක් මෙනි.

කැඕලිඕ සෙලනිකස් නමින් හැඳින්වෙන මෙරට වෙසෙන බෝදිලිමා ඉන්දියාවේ ද වාසය කරයි. කලාතුරකින් පකිස්ථානයෙන් ද හමුවන බවට වාර්තා වේ. කෙසේ වෙතත් අප රටේ වෙසෙන්න වූන් මේ වන විටත් වඳ වීමේ තර්ජනයට ලක් වූවන් ලෙසින් රතු දත්ත ලේඛනයට ඇතුළත් වී හමාරය.

සිංහල බසින් බෝදිලියා යනුවෙන් ද හැඳින්වෙන මොවුන්ට දමිළ බසින් කොම්බි යැයි කියයි. ඇතැම් අවස්ථාවල ඔන්ති වශයෙන් ද හඳුන්වයි. සාමාන්‍යයෙන් සිය ශරීර වර්ණය වෙනස් කරන සතුන්ගේ එම ක්‍රියාව ආරක්ෂක උපක්‍රමයක් වශයෙන් හඳුනාගත්තත් බෝදිලිමුන්ගේ ඒ කාර්යය හඳුනාගෙන ඇත්තේ ඔවුනොවුන් අතර සිදු කෙරෙන සන්නිවේදනයක් ලෙසිනි. එමෙන් ම සිය ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීමේ ක්‍රමෝපායක් ලෙසින් ද එය හඳුනා‍ගෙන තිබේ. මේ තොරතුරු අප ලබාගන්නේ ඩී. එම්. සමීර, එස්. කරුණාරත්න, කසුන් අමරසිංහ විසින් සකස් කළ නිරීක්ෂණ වාර්තාවකිනි. එහි දී ඔවුන් ඒ සම්බන්ධයෙන් මෙසේ ද පෙන්වා දී තිබේ. “තද පැහැය ළා පැහැයට වඩා තාපය උරා ගන්නා බැවින් උෂ්ණත්වය පාලනය කරගත හැකි චලතාපී සතුන්ට ශරීර උෂ්ණත්වය යාමනයට පැහැය වෙනස් කිරීම ඉතා වැදගත් ය.”

බෝදිලිමුන් සතුව සුවිශේෂ ශරීර අවයව තුනක් තිබේ. එකක් ඔවුන්ගේ දිගු දිව යි. අනික වාලධිය යි. තෙවැන්න අක්ෂි යුගල යි. මේවා වෙන වෙනම හඳුනා ගැනීම වැදගත් ය.

බෝදිලිමාට ඉතා දිගු දිවක් ඇත. එමෙන් ම එය මැලියම් තැවරූ කලෙක මෙන් ඇලෙන සුලු ය. ඒ අනුව ගොදුරක් දුටු සැණින් වේගයෙන් එය ඒ කරා දිව යන්නේ බෝදිලිමා නොවේ උගේ දිගු දිව යි. අවසන් ප්‍රතිඵලය වන්නේ හැන්දක් වැනි ඒ දිවේ ඇලෙන ඒ ගොදුර මුඛය තුළට වැදී අතුරුදන් වීම යි.

බෝදිලිමාගේ වල්ගය සෙසු එවැනි සතුන්ගේ වල්ගාවලට සාපේක්ෂව සුවිශේෂ කාර්යයක් ඉටු කරයි. කොහොමටත් උදාසීන බවක් පළ කරමින් ඉතා සෙමින් ගමන් කරන මොවුන් ගස්වල අතු තදින් අල්ලා ගැනීමට ප්‍රධාන වශයෙන් ම උපයෝගී කරගන්නේ වල්ගය යි. ඒ හැරුණු කල පාදයන්හි ඇඟිලිත් ඊට උපකාර කර ගනියි.

ඔවුන් ගේ ඇස්වල පිහිටීම ද විශේෂත්වයක් ගනියි. ඒ අනුව ඇස් එකිනෙකින් ස්වාධීනව චලනය කිරීමට ඔවුන්ට හැකි ය. මෙය පොදුවේ ගත් කල සෙසු සත්ත්ව වර්ගයාට නොමැති විශේෂ ලක්ෂණයකි.

බෝදිලිමුන් කෘමි භක්ෂකයින් යැයි පොදුවේ සිතා සිටියත් යට කී නිරීක්ෂණ වාර්තාවට අනුව නම් ඔවුහු උභය ජීවින් ද ආහාරයට ගනිති. සිකනලුන් හා හූනන් වැනි පෘෂ්ඨවංශිකයෝ ද ඒ අතර වෙති.

මේ සත්ත්ව විශේෂය ලංකාවේ වියළි කලාපයට සීමා වූවන් යැයි හඳුනාගෙන තිබේ. ඇහිරුණු කටු පඳුරු සහිත ළඳු කැලෑ බිම් මොවුහු සිය වාසස්ථාන බවට පත් කර ගනිති. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 100 ට වඩා උසින් අඩු ප්‍රදේශවල ඔවුන්ගේ පැවැත්ම තහවුරු වී තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයට අයත් එළුවන්කුලම – අරුවක්කාලූ වනපෙත බෝදිලිමුන් බහුලව දැකිය හැකි ප්‍රදේශයක් වුණත්, සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය හුණු ලබා ගැනීම වෙනුවෙන් මේ වන භූමිය එළි පෙහෙළි වෙමින් පවතී. ඒ නිසා තවදුරටත් එම වන ප්‍රදේශය තුළ බෝදිලිමා නම් මේ සුවිශේෂ සත්ත්වයාගේ පැවැත්ම ගැන බලාපොරොත්තු තැබීමට අපට පුළුවන්කමක් නැත. හුණු සෑරීම සඳහා එළි පෙහෙළි කෙරෙන මේ වනාන්තරයේ ඒ සඳහා ඉතා ගැඹුරට හාරන්නේ ද මයෝසීන යුගයට අයත් වසර මිලියන 5 ත් 23 ත් අතර කාල පරාසයකට අයත් පස් තට්ටුවකි. තව ද සුවිශේෂී භූ දර්ශන ඇති වියළි කලාපීය වන බිම්වලින් ද, පළින් පළ දැකිය හැකි විවෘත තැනිතලා, වැලි වැටි, කටු පඳුරු සහිත ළඳු කැලෑවලින් පමණක් නොව විල්ලු මෙන් ම තෙත් බිම් වලින් ද එය සැදී තිබේ. ඒ අනුව මෙවැනි වන පෙතක් මොන ආකාරයෙන් හෝ විනාශයට පත් කිරිම කිසිම කාරණයක් මත සාධාරණීකරණය කිරීම යුක්ති සහගත නොවේ. අනිත් අතට මෙය පුරා විද්‍යාත්මක වටිනාකමක් ද සහිත වන භූමියක් වේ. සමීර, කරුණාරත්න සහ අමරසිංහ යන පරිසරවේදීන් මේ ප්‍රදේශය පුරා ඇවිද බෝදිලිමුන් පිළිබඳව නිරීක්ෂණය කොට ඇත්තේ 2009 වර්ෂයේ අගෝස්තු මස සිට 2010 වර්ෂයේ ජනවාරි මස අතර කාලයේ දී ය.

“මේ නිරීක්ෂණය කළ කාලය තුළ දින කිහිපයක දී එක් බෝදිලිමකු විසින් තණකොළ පෙත්තන් 300 ක්, ගිනිකූරන් 20 ක්,බත් කූරන් 10 ක් ආහාරයට ගන්නා ලදී. බෝදිලිමා අප නිරීක්ෂණය කළ පරිදි නිදා ගැනීම සඳහා නැවුම් කොළ පැහැති අතු තෝරා ගන්නා අතර, රාත්‍රියේ නිදා ගනිද්දී හිස ඉදිරි බාහු දෙක මත තබාගෙන සවස පහේ සිට උදෑසන හය දක්වා නිදා ගනී. මේ සත්ත්වයා උදෑසන 10 සිට දහවල් 12 දක්වා ඉතාමත් ම ක්‍රියාකාරීව සිටින අතර, අනෙකුත් වේලාවන් හිදී ඉතාම උදාසීන ස්වභාවයෙන් පසු වේ. සමහර අවස්ථාවලදී මොවුන් පොළව මතින් මීටර් පහක පමණ දුරක් ඇවිද ගිය ද ඔවුහු ඉතා මන්දගාමී වෙති. අන්තරාකාරී අවස්ථාවන් හිදී ඔවුහු ආරක්ෂාව සඳහා මුඛය විවර කර වේගයෙන් පිඹින අතර දේහ වර්ණය ළා කොළ පැහැයේ සිට කළු පැහැයට හුරු කොළ පැහැය දක්වා වෙනස් කරති. අල්ලා ගත් විට ඔවුහු අපගේ අත් තදින් අල්ලා ගනිමින් වලිගය නිදහස් කර චලනය කරති.”

කෙසේ වෙතත් ස්වභාව ධර්මයෙන් උගත් කිසිදු ආරක්ෂක උපායකින්වත් වැඩක් නැති තැනට බෝදිලිමුන්ගේ පැවැත්ම අද වන විට පත්ව තිබේ. ඔවුන් විනාශයේ ආසන්නතාවට ගමන් කොට තිබේ. වනාන්තර එළි වීම නිසා වාසස්ථාන අහිමි වීම,හුණුගල් කැඩීම, පිපිරවීම නිසා මේ සතුන්ගේ පැවැත්ම නිහඬවම අවසන් වෙමින් තිබේ. ඇතැම් සතුන් රථවාහනවලට යට වී මිය යන ආකාරය ද නිරීක්ෂණය කොට තිබේ.

අප මුලින් කතා කළ යක් කටුස්සාගේ ඉරණම ද මීට වෙනස් නොවේ. රටකට සංවර්ධනය අවශ්‍යය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් එතැන දී නිසි අයුරින් පාරිසරික කළමනාකරණයක් කෙරෙනවා ද යන්න නම් විවාදාත්මක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *