රේගුවට ආරක්ෂා කරන්න බැරිනම් නැවත දුන්නේ මොකටද ???

මෙරට ජන සමාජය තුල දැඩි භීතියක් ඇතිකර ඇති පිළිකා කාරක විෂ පොල්තෙල් ජාවාරම සම්බන්ධයෙන් දංකොටුවේදී අත්අඩංගුවට ගන්නා ලද තෙල් බවුසර් දෙක යළි රේගුවට ලබාදීම සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් රකිත අබේසිංහ දංකොටුව පොලිසියට දැඩි අවවාද කර තිබේ.

මෙම පොල්තෙල් බවුසර් දෙක සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැති නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා මෙම අවවාදය සිදුකර ඇත. එසේම රේගුව බාරේ තිබුණු තෙල් බවුසර් මුදාහැරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ විශේෂ අවදානය යොමුකර ඇත.

මෙම විභාගයේදී මහේස්ත්‍රාත්වරයා “රේගුවට ආරක්ෂා කර ගන්න බැරිවුණු දේ ආයේ රේගුවට දීලා වැඩක් තියෙනවාද?” යනුවෙන් පොලිසියෙන් ප්‍රශ්න කර ඇත. මහේස්ත්‍රාත්වරයා මෙසේ ප්‍රශ්න කර ඇත්තේ අත්අඩංගුවට ගන්නා ලද තෙල් බවුසර් දෙක අධිකරණ භාරයේ තබන ලෙස නියෝග කර තිබියදී පොලිසිය විසින් නැවත රේගුවට භාරදීම පිළිබඳව පොලිසියට දෝෂාරෝපණ එල්ල කරමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *