ඇමති ගම්මන්පිල ඉල්ලා අස්වෙන්න පොහොට්ටු ලේකම් කියයි!! රංගනයක් වෙයිද??

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිය අමාත්‍ය දුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි රජය අපහසු තාවයට පත්වන අයුරින් ඉන්ධන මිළ ඉහල දැමීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය වරයා වග කිව යුතු බවත් ජනතා වාදී රජයක් දුෂ්කරතා රැසක් මධ්‍යයේ ඉදිරියට යන අවස්ථාවක රජය අපහසුතාවයකට පත්කිරීමක් බවත් සියලු තොරතුරු සගවා තබාගනිමින් අවසන් මොහොතේ තෙල්මිල වැඩි කරන තැනට තල්ලු කිරීම හරහා රජය අපහසු තාවයකට පත්ව ඇති බැවින් වහාම අමාත්‍ය උදය ගම්මන්පිල සිය අමාත්‍ය දුරයෙන් ඉලා අස්වීම සිදුකල යුතු බව සිය නිවේදනය මගින් සදහන් කරයි

මේ සම්බන්ධයෙන් අප විපක්ෂයේ ජනතා නියෝජිතයෙකු ගෙන් සිදුකල විමසීමේදී සදහන් කලේ වැඩිකළ ඉන්ධන මිල හමුවේ ජනතාව දැඩිව බැටකන බවත් මේ වැඩි කිරීමේ තත්වය රජයට හිතකර නොවන නිසා දේශපාලන ගැටුමක් මැවීම තුලින් එම මිළ අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් මෙවැනි ප්‍රකාශ හෝ නිවේදන සිදුකරන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *