දකුණු සභාව කබරගොයා තලගොයා කරයි!!! // මෙහෙව් රටක්

පිස්තෝලයෙන් පහරදුන් මන්ත්‍රී අහිංසකයෙක්

පිස්තෝලයක් අරං කොළඹ කටයුතු කළ දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රි එම්.කේ කසුන් මහතා හා බිරිද අහිංසකයි! දකුණු පළාත් සභා මන්ත්‍රිවරු මාසික සභාවේ දී අද 13 පැවසූහ.

දකුණු පළාත් සභාව මේවර ගාල්ල කලේගාන දකුණු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී 13 වන දින පැවැත්විණි. ඒ දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංස කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දකුණු පළාත් සභාවේ එජනිස කසුන් මහතාට බර පතල හානියක් සිදුව ඇති බවත් එම්.කේ කසුන් මන්ත්‍රිවරයාට බරපතල ආකාරයේ අසාධාරණයක් සිදුව ඇති බව,දකුණු පළාත් සභාවේ මාසික රැස්විමේ දි කතා බහට ලක්වුහ.

එජනිස දකුණු පළාත් සභා මන්ත්‍රි සම්පත් අතුකොරල පිස්තොලය අදිසි අවස්ථාවක දි ගන්නේ නැතිව කොස් කොටන්න ද? එම් කේ. කසුන් පළාත් සභා මන්ත්‍රිවරයාට මුලින්ම පහර දුන් බස් රථයේ අයිති කරුවා පාතාලයේ නායකයෙක්ගේ තමයි. මොහු දැනටත් හිර ගෙදර තමයි සිටින්නේ.මෙම බස් රථයේ මාර්ග බලපත්‍ර නෑ

එජනිස දකුණු පළාත් සභා මන්ත්‍රි  අජිත් රාජපක්ෂ මහතා මෙහි දී කිවේ තමාට නිතියෙන් හිමි පිස්තෝලය අතේ තියාගෙන කව් බෝයි වාගේ කටයුතු කරන්න හැකි ද,යන්න මම අහනවා.

එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි තෙන්න කෝන් නිලමේ මහතා කියන්නේ මේ අපට දි ඇති නිල ගිනි අවිය ධාතූ මන්දිරයක් ආකාරයට තියා ගන්න ද කියලා මම අහනවා.දෙවි වරුන්ටත් ආරක්ෂාවට පිරිස් ඉන්නවා. දිවිය ලෝකයේද සුරයෝ හා අසුරයෝ අතරද ගැටිම් ඇති වෙනවා. මේ අපගේ මන්ත්‍රි වරප්‍රසාද කඩ කරන්න එපා ලංකාවේම පළාත් සභාවේ මන්ත්‍රි වරුන්ට ආරක්ෂාව සපයා දෙන්න.

දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ  මහතා කිවේ,මේ සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ලබා දෙන්න කියලා මම කියනවා.එම් කේ කසුන් මන්ත්‍රිවරයාට මුලින්ම  පහර දුන් බස් රථයේ මාර්ග බලපත්‍රය නැ බව කියනවා.

එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි අශෝක ධනවංශ මහතා එම් .කේ කසුන් මහතාට සාධාරණයක් ඉටු කරන්න පියවරක් ගන්න.

දකුණු පළාත් සභාවේ මහ ඇමති ශාන් විජයලාල්ද සිල්වා මහතා කීවේ අමාත්‍යංශය තිරණය

එජාප දකුණු පළාත් සභා මන්ත්‍රි අශෝක ධනවංශ මහතා

චන්න සාලිය දකුණු පළාත් සභා මන්ත්‍රිතුමා හැමදාමත් පළාත් සභාව දවසට එක එක ඒවාගෙන එනවා. කබරු ගෙන එනවා. තලගොයි ගෙන එනවා . මළ මිනි විතරයි මේ සභාවට ගෙන ආවේ නැත්තේ. මේ සභාවේ විනයක් ඇතිව එන්න.සභාවේ රිතිවලට අනුව ක්‍රියා කරන්න.

එජනිස දකුණු පළාත් සභාවේ චන්න සාලිය මහතා

මේ මගේ වැඩක් මේ දේවල් පෙන්න්නේ ඒ නිසායි. මට හා අප දකුණු පළාතේ ජනතාවගේ ප්‍රශ්නයක් තියනවා.අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කලාප අධ්‍යක්ෂක වරිය මට දිගින් දිගටම පහර දෙන්න මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්න.මගේ වරප්‍රසාද ප්‍රශ්ණයක් නිසා මෙය කරුණාකර සිදුකරන්න.මහ ඇමතිතුමා මේ අධ්‍යක්ෂ තුමියට ඇගයිමක් කර සම්මානයක්ද  දී තියනවා.හොරත් ඉන්නවා බඩුත් තියනවා.දඩුවම් නෑ මේ අම්බලන්ගොඩ අධ්‍යාපන අධ්‍යක්ෂ තුමියගේ ප්‍රශ්ණය හරියට මහ බැංකු ‍කොල්ලය වාගෙයි.තිරණයක් නෑ.

දකුණු පළාත් සභාවේ ඇමති චන්දිම රාසපුත්‍ර මහතා

මම කිවා මේ කටයුතු කළ බව කියන නිලධාරිනියට ස්ථාන මාරුවක් ලබා දුන්නා.පරික්ෂණයක් සිදු කරන්න වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරනවා.

මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා

මේ උපහාර උත්සවය මම ගියා.සම්මානයක්ද මේ අධ්‍යක්ෂ තුමියට ලබා දුන්නා.

එජනිසා දකුණු පළාත් සභා මන්ත්‍රි විරසුමන වීරසිංහ මහතා  ඉදිරියේ දී වත්වන්නට නියමිත පළාත් සභා ජන්ද ක්‍රමය පැරණි ක්‍රමයට පවත්වන්න කියා මා ඉල්ලනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *