වතු කම්කරුවන්ට කාලය හරස් වීමෙන් භාණ්ඩ ලබා ගැනීමට නොහැකි වෙලා

කොරෝනා වෛරසය හේතුවෙන් දින දෙකක ඇදිරි නිතියෙන් පසුව 23 වන දින කෙටි කාලයකට ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග බඩු භාන්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට විශාල පිරිසක් එක්ව සිටින අයුරු දක්නට හැක. වතු කම්කරු බොහෝ පිරිසකට පැවැති කාලය කළමණාකරණය කර ගැනීමට නොහැකිව මෙම තත්ත්වයට පත්ව සිටි අතර, ඇතැම් පිරිස් ඇඳිරි නීතිය පනවන ලැබු සවස 2.00 පසුවත් නගරවලට පැමිණෙනු දැකිය හැකි විය.
 
භාණ්ඩ මිලදී ගැනීමට විශාල පෝලිම්වල ගත කිරීමත්, ඇදිරි නීතිය පනවන වේලාවන් නිසි පරිදි වටහා නොගනීමත් හේතුවෙන්  වතු කම්කරුවන් මෙම තත්ත්වට පත්ව  සිටිනු දක්නට ලැබිණි.

තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ මෙන්ම ලාම්පු තෙල් ලබා ගැනිමට මෙම පිරිස මෙසේ දිගු පොලිම්වල සිටින අතර මෙම ජනතාවගේ ආරක්ෂාව සදහා හැටන් නගරය පුරා පොලිස් නිලධාරින් යෙදවිමටද පියවර ගත් බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

එමෙන්ම හැටන් නගරයේ විසබිජ හරනය කිරිම සදහා 23වන දිනද සේවකයන් යෙදවිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සදභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලදි.

හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ ගමන් පහසුව සදහා ග්‍රාමිය හා වතු මාර්ගවල බස් රථ ධාවනයට එක් කිරිමට පියවර ගත් බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු හා හැටන් පුද්ගලික බස් රථ කාර්යාලයේ නිලධාරියකුද පවසන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *