බාර් ඇරියා මිනිස්සු ගියා ගත්තා ගැහුවා මොකද්ද වැරද්ද? මිනිසුන් අසරණ නොකරමු

අද දිනයේ ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මෙරට මත්පැන් අලවි සල් අසල අත්වූ සිද්ධීන් කිහිපයක දසුන් මගින් පැහැදිලි වන්නේ මෙරට ජනතාව මත්පැන් කෙරෙහි කෙතරම් ඇබ්බැහි වී සිටීද යන්නයි මෙරට ජනගහනයෙන් වැඩි පිරිසක් කුමන හෝ මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වී සිටින බව මතයක් වී ඇත නීති විරෝධී මත්පැන් අදින සහ නිෂ්පාදනය කරන රටක නීතිය තියෙන මත්පැන් බෝතලයක් ගන්න මිනිසුන්ට ගරහන්න නරකයි.

මේ බෝතලයක් බාගයක් කාලක් අරගෙන යන්නේ රජ වෙන්න නොවෙයි මේ මිනිසුන්ට ප්‍රශ්න තියෙනව වෙන්න පුළුවන් එත් ඒ මිනිස්සු ප්‍රශ්න තියෙන වෙලාවෙත් නැති වෙලාවෙත් කාපු බීපු මිනිසුන් වෙන්න ඇති මෙහෙම මිනිසුන් ලොකුවට විවේචනය කරන්න එපා එයාල කොන් කරන්න එපා සල්ලි කීයක් හරි හොයාගෙන මේ ආපු මිනිස්සු අවේ ප්‍රාඩෝ කාර් වලින් නොවෙයි යතුරු පැදියෙන් පා පැදියෙන් හෝ බසයෙන් පයින් වෙන්න පුළුවන්

මේ අපේ රටේ බහුතර ජනතාවගේ දිවි මග බව කියන්න ඕන මේකේ අමුතු දෙයක් නැහැ ලොකුවට පෙන්වන්න දෙයක් නැහැ හැබැයි අද රෑට අපේ රටේ බහුතරයක් මාධ්‍ය මේ දර්ශන රස කර පෙන්වනවා ස්ථිරයි අපි වෙනස් ඒ තමයි සමාජ මාධ්‍ය වල විදිය අපි මිනිසුන් සමග ගැටෙන සමාජයේ කොටස් කරුවෝ මිසක් පාලකයන්ගේ හෝ ධනපතීන්ගේ දන්කොඩ කන මිනිසුන් නොවන නිසා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *