අනුන්ගේ කුණු සෝදා පිරිසිදු ජීවිතයක් පතන මිනිසුන් සොයා

නැන්දාට මම ආදරෙයි.නැන්දාගේ දුවටද ආදරෙයි.ඒ නැන්දා අතරේගත් කළ  මේ නැන්දාද ඒ නැන්දාද හැර නැන්දා රෙදි නැන්දාය. ඒ රෙදි නැන්දා හා මාමා හෙනේ මාමා සොයා අප ගියෙමු.

අප ගමේ එදා දැක්ක නැන්දලා අතර මහා රෙදි පෙට්ටනියක් හිස තබගෙන අපේ ගෙදරට එන නැන්දා රෙදි නැන්දාය.රෙදි නැන්දා අපේ ගමේ අපේ ගෙදරට ආවේ අපේ අක්කලාගේ කොටහළුවකට බැව් පසුව අවබෝධ කර ගත්තේය.නැන්දා පැමිණි විගස අක්කාට දෑ කැත්තක් හෝ පිහියක් හෝ යකඩ සහිත යමක් දී කිරි ගහක් අසලට කැඳවාගෙන යන්නේ පිරිමි ළමයින්ට පෙනෙන්නට නම් නොවේ. ඒ නැන්දාගේ රෙදි නැන්දාගේ උරුමයෙන් ලද  රාජකාරය වේ.

රෙදි නැන්දා චරිතය මුණ ගැසෙන ඉතිහාස කතාවක් ද පවතී.මහා සම්මත රජු දවස සිට පැවත එන බව සඳහන් රිදී  නමැති කුල පරම්පරාව,පෙර රජ දවස රජු සහ බිසෝවරුන්ගේ සිට සාමාන්‍ය වැසියා දක්වා රෙදිපිළි සැකසීම භාරව සිටි පරපුරක ඇත්තෝ වේ.සමාජ විද්‍යා වේ සඳහන් කල ක්‍රමයට අනුව රෙදි නැන්දා ද මේ කුලය ට අයත් වේ.

විවාහ,මල්වර වීම වැනි ලිංගිකත්වයට සම්බන්ධ කාරණා වලදී ගැමියන් විවිධ චාරිත්‍ර ඉටුකළ අතර මෙම රිදී  කුල පරම්පරාවට එහි වගකීම් දැරුවේ රෙදි නැන්දාය මෙයට සහයෝගයක් හෙනේ මාමාද ලබාදුන් බැව් දැකිය හැකි විය. එම කුළ පරම්පරාවේ ගම් ප්‍රධානියා වූ හේනේ මාමා සහ ඔහුගේ බිරිඳ රිදී නැන්දා (පසුකාලීනව රෙදි නන්දා) මේ චාරිත්‍රවල මුල් තැන හෙබවූවෝ වෙති. රිදී නැන්දා කියන්නේ රෙදි නැන්දටයි. රෙදිවල වැඩ කරන හින්දා එයාට රෙදි නැන්දා යැයි සමාජයේ කියමනකි. නමුත් ඒ තනතුරට වඩා රෙදි නැන්දාගේ චාරිතය සමාජයේ ඉහළ වගකීම් සහත චරිතයක් වු වාය.

මේ අනුව,රෙදි නැන්දා රිදී නැන්දා අද සමාජයේ දැකිය නොහැකි තරමිය.එවක සිංහල සමාජයේ එදා ගමේ හැම කෙනකුටම අවශ්‍යම කෙනෙක් වුණේ රිදී නැන්දයි. රෙදි නැන්දා එවක ගැමියාගේ සාමාන්‍ය ජීවිතයට විතරක් නෙවෙයි මඟුල්, ඉලව් ගෙවල්වලටත් නැතුවම බැරි කාන්තාවක වුවාය.මල්වර මඟුල් ගෙයක් වූ විට රෙදි නැන්දාගේ සේවය අනිවාර්ය වුවාය.රිදී නැන්දාගේ ස්වාමියා වුයේ හේනෙ මාමා ය.හේනෙ මාමත් රිදී නැන්දත් එකතු වෙලා තමා ගමේ අයට සේවය කලෝය.ඒත් රිදී නැන්දගෙන් සිදු වු උදව් උපකාර විශාලය. ගැමියාගේ දුකේදි මෙන්ම සැපේදිත් යුවළ ඉදරියෙන් සිටියෝ ය.

රිදී නැන්දා සුමානෙකට පාරක් විතර ගමේ ගෙවල්වල ඇවිදලා කිළිටි ඇඳුම් අරගෙන එනවා. එහෙම අරගෙන ආපු ඇඳුම් හොඳට හෝදලා වේලලා පොල් කටු ඉස්තිරික්කෙන් මැදලා ගෙවල්වලට ආපහු ගෙනත් දෙනවා.එහෙම ගේන රෙදි කොටස් දෙකකට බෙදනවා. වැඩියෙන් සුදු කරන්න අමාරු,කිළිටි,කහට පැල්ලම් තියෙන රෙදි වෙල්ල හැලියේ තම්බලා කහට අරිනවා. වෙල්ල හැලිය කියලා කියන්නේ රෙදි තම්බන්න පාවිච්චි කරන විශාල මැටි වළඳකටය.මෙම හැළියට රෙදි දමා තම්බලා තමයි පිරිසිදු කරන්නේය. ඒක ටිකක් අමාරු කතාන්දරයකි.

අනිකුත් සාමාන්‍ය රෙදි ගමේ වැවට හරි ගඟට හරි අරං ගිහිල්ලා ගලේ ගහලා හෝදනවා. රෙදි ගහන්න ඒ තැන්වල විශාල ගල් පතුරක් තියෙනවා.ඇළක් දොලක් ඒ ගම වැසියන් සමීපයේ තිබිණි.රෙදි පිරිසිදු කරන්නේ බෝල සබන්වලින් මෙන්ම ඔවුන්ටම උරුම වූ රේදි සේදීමේ තාක්ෂණයක් මේ අපේ කතාන්දරයේ කතා නායිකාව වූ රේදි නැන්දාගේ පරපුරට පරපුරෙන් උරුමව තිබිණි.හෝදපු රෙදි වෙල් එළියේ බඳින දිග රෙදි වැල්වල වනලා වේලනවා. ඒ කාලේ වෙල්වල මෙහෙම රෙදි වැල් බැඳලා තිබෙනු දැකිය හැකි විය.එතනින් ගමන් කරන ඈයෝ මේ රෙදි වැල් යටින් රිංගලා නම් යන්නෙ නැහැ. වැල් මඟහැරලා යන්න පරිස්සම් වෙනවා.රෙදිවැල් අස්සෙන් ගමන් කිරීම අගුණ නිසා යැයි ගැමියෝ සිතුහ.

රෙදි නැන්දට දෙන්නෙ දෙතුන් මුරයක් ගෙදර සෝදලා ඇතිවෙච්ච අඳුරු පාට නැති කරන්නයි. රෙදි නැන්දා හෝදලා දෙන ඇඳුම් සුදෝ සුදුයි. කලිසම් හෝදලා ඒවට කැඳ දාන්නෙ හොඳට රැළි හිටින්න මදින්න පුළුවන් වෙන්නයි. කැඳ දාලා රෙදි මැද්දම ඒවා පොල් කට්ට වගේ ගොරෝසුවට තිබේ.

ගෙදරටම ඇවිල්ලා එකතු කරගෙන එන රෙදි හෝදලා,මැදලා දෙනවට රිදී නැන්දා කිසිම මුදලක් ඉල්ලන්නෙ නැහැ.ඒ වුණාට ගෙදර අය දුන්නු මුදල් එපයි කියන්නෙ නැතුව කම්බාය පොටේ ගැට ගහගන්නවා.මෙයට අපේ අම්ලා හාල් තුනපහේ වාගේ දේවල් ද දෙන අවස්ථා අප දැක තිබේ. දැන් කාලේ ‘ලොන්ඩ්‍රි’ වල වගේ කිලෝ ගාණට රිදී නැන්දා අය කළේ නැති හින්දා ගමේ අයට පිහිටක් වුණා.අද කාලයේ නම් සියල්ලම සිදුවන්නේ අලුත් අලුත්ම සබන් කුඩු දමා යානත්‍රාණුසාරව බැව් දැකිය හැකිය.

රිදී නැන්දා සිංහල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා සුමානෙ ගමේ හැම ගෙදරකටම ගියා. එහෙම ගියේ අවුරුදු වියදම් ඉල්ලන්නයි. හැම ගෙදරකින්ම වාගේ තියෙන තියෙන හැටියට රෙදි නැන්දට සල්ලි කීයක්හරි මිට මෙලෙව්වෙ යමක් කන්න බොන්න දුන්නට පස්සෙයි. සමහර අය කාසි විතරක් නෙමෙයි හාල්,පොල්,තුනපහ,කරෝල වගේ කෑම පොට්ටනියකුත් ලබාදෙන ආකාරයකි.සමහර වෙලාවට තාන් චීත්ත රෙද්දක්,කම්බායක් වගේ ඇඳුමක් දෙන්නත් අමතක කරන්නෙ නැහැ.

ගමේ මඟුල් ගෙයක් වුණත් රෙදි නැන්දගෙයි හේනෙ මාමගෙයි සේවය අවශ්‍යම වේ.කෙල්ල මල්වර වු විට ඇගේ අරුංගල් ජෝඩුව රේදි නැන්දාට අයිතිය. මඟුල් ගෙදර පුටුවලට පිරුවට රෙදි එලන්න, ඉහළට උඩුවියන් බඳින්න රෙදි ගෙනාවේ රේදි නැන්දා හා හෙනේ මාමා විසින්ය.එවක ගෙවල්වල සීලිං තිබුණෙ නැති හින්දා වහලෙ ඉහළට උඩුවියන් බඳිනවා. ඒවගේම මනමාලයා ගෙට ගොඩවෙන කොට පාවඩය එළන්නෙත් රෙදි නැන්දයි. ඒ පාවඩය උඩින් එන මනමාලයා රුපියල් කාසි පාවඩයට දානවා. ඒ සල්ලි රිදී නැන්දට අයිතියි.

උපත් කිල්ල, මරන කිල්ල මාස් කිල්ටද රෙදි නැන්දා ගේ සේවය අවශ්‍යෙව්.ඒ වගේම අලුතෙන් කැන්දගෙන ආපු මනමාලිගේ පිරිසිදුකම ඔප්පු කිරිල්ලටත් රිදී නැන්දා මැදිහත් වේ. මඟුල් දා රෑ ඇඳට එළන සුදු රෙද්ද සපයන්නෙ රිදී නැන්දයි. ඒවගේම පහුවෙනිදා උදේ පාන්දර ඔක්කොටම ඉස්සරවෙලා කාමරේට රිංගලා නෑදෑයන්ට රෙදි කෑල්ල පෙන්නලා මනමාලිගේ කන්‍යාභාවය ඔප්පු කිරිල්ලේ වගකීම පැවරුණෙත් රිදී නැන්දටයි.

ඒවගේම කොටහළු මඟුල් ගෙවල්වල පාන්දර දැරිවිව නාවන්න එන්නෙත් රෙදි රිදී නැන්දයි. කිරි ගහ මුල හදපු කඩතුරාව ඇතුළට ඇය අරන් ගිහිල්ලා නැකැත් වෙලාවට වතුර කලේ වත්කරලා ඒක ගලේ ගහලා බිඳිල්ලත් කළේ රෙදි නැන්දයි. මේවගේ කාරණා හින්දා ඒ කාලේ රිදී නැන්දා ගැමියන්ට නැතිවම බැරි චරිත වුයේ රෙදි නැන්දාය.හෙනේ මාමාය.

මාමාට හා නැන්දාට කළ සැලකීම්ද සුවිශේෂ වූහ.කුඩා පුටුවක අසුන් ගන්ට දීම ද මෙහිදි දැකිය හැකිය. හේන නැතහොත් රදා කුලයේ අය සාම්ප්‍රදායික රෙදි අපුල්ලන්නෝය. ඔව්හු අදද එම සේවයේ වැඩි අධිකාරයක් හිමි කරගෙන සිටිති. හේන/රදා නමින් කලක්‍රමයේ රෙදි නැන්දා හා හෙනේ මාමා අයත්ව සිටියේ ය.

සාමාන්‍යයෙන් දැරියක් මල්වර වූ පසු ඉටුකරන චාරිත‍්‍ර වාරිත‍්‍ර රැසකි. මුලින්ම මල්වර වූ දියණිය ආරක්‍ෂිත කුටියක හෝ කාමරයක රැඳවීම සිදු කරයි.එය රෙදි නැන්දාගේ අන අනුව අධීක්ෂණයෙන් සිදු කරන්නේ ය. එහිදී කිසිම විටෙක දැරිය තනි කරන්නේ නැත. වැඩිහිටියෙක් හෝ හිතවතියක් ඇයගේ තනියට රැඳවීම සිදුකරයි. දැරිය තනිවූ විට අමනුෂ්‍ය, ප්‍රේත හා භූත දෝෂ ඇති විය හැකි යැයි වැඩිහිටියෝ විස්වාස කළහ. ඒ නිසා ඇය අසල යකඩයක් හෝ දෑකැත්තක් හෝ වැනි දෙයක් තබන්නට ද දෙමාපියෝ අමතක නොකළහ. 

මින් අනතුරුව සිදුවන්නේ,නැකැත්කරුවකු වෙත ගොස් මල්වර නැකැත සාදා ගැනීමයි. නැකැත්කරු මල්වර නැකැත ලෙස සුබ කාලය තීරණය කරයි. එය දැරිය නෑවීම සඳහා සුදුසු වේලාවයි. මීට අමතරව නැකැත්කරු, දැරිය උදෑසන ඇඳගෙන සිටි ඇඳුමේ වර්ණය, ඇයගේ ගතිගුණ, අනාගතයේ විවාහ ජීවිතය සම්බන්ධ කරුණු ද අධ්‍යාපනික තත්ත්වය ද සඳහන් කරන්නට ද අමතක නොකරයි. 

ඉන් පසුව, තෙල් වළං ළිප තැබීම චාරිත‍්‍රය ඉටු කරන්නේ දැරියගේ කිලි පාකිරීමටය. මෙහිදී පිරිසුදු මැටි බඳුනක් ගෙන දැරිය භාවිත කළ කිලිටි ඇඳුම් පැලඳුම් එම බඳුනේ දමා නෑඹිලියකින් වසයි. මෙහිදී කිලිටි රෙදි බඳුන රෙදි නැන්දා විසින් දියේ පාකරයි. මේ අනුව, ගලායන දියක මෙලෙස කරන්නේ දැරියගේ දෝෂ සහ නිවෙසට ඇතිවිය හැකි දෝෂ මගහරවා ගැනීම සඳහාය. දැරිය නැකැතට නෑවීමේදී පොල් මල් ගෙඩි හොඳින් පීදී ඇත්නම් විවාහය සාර්ථක වේ. ආර්ථික තත්ත්වය එමෙන්ම දරුඵල තිබෙන බව ද මෙයින් පෙන්නුම් කරන්නාහුය.දැරිය මල්වර වූ තැන සිට සුබ නැකැතට පිවිසෙන අවස්ථාව දක්වා පිරිමි හෝ පිරිමි ළමුන් දර්ශනය වීම වළකාලයි. මෙහිදී පිරිමි පාර්ශ්වයට අහිතකර බලපෑම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. ඇතැම් පාපකාරී ග‍්‍රහයන්ගේ බලපෑමෙන් හා මල්වර කිල්ලට හසුවීමෙන් පියාට මරණය අත්කර දීම,සහෝදරයන් හදිසි අනතුරුවලට ලක්වීම වැනි ආපදා ඇතිවිය හැකි යැයි ජනතාවගේ මතයයි.රෙදි නැන්දාගේ චරිතය හෙනේ මාමාගේ චාරිතය අද යුගයේ තාක්ෂණයට හා වෙනත් ක්‍රමභාවිතා කර මහා ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යනු   දැකිය හැකිය.රෙදි නැන්දාගේ හා හෙනේ මාමාගේ චරිතය දැන් නම් සමහර දේශපාලන පක්ෂ මැති ඇමතියෝ සිදු කරන්නේය.

අවුළුවා ළිප දමා රෙදි කැඳ වෙල්ලාවේ.මැදලා පොල්කටු ඉස්තිරික්කයෙන් පොට්ටනි ගැසුවේ.රැගෙන හිසමත හේනෙමාමා නැන්දා අපුල්ලපු රෙදි ගම ගෙට ගෙනාවේ.අද නැතේ එම කර්මාන්තය ලොණ්ඩරිය ඒ තැනට පැමිණි තිබේ.රෙදි සෝදන්නා යන තේරුම තුළ අද කාලයේ විවිධ ඉව් දක්වා පැතිරයන තේරුම් රැසකි. ජසයා සහ ලෙන්චිනා (රෙදි අපුල්ලන්නන්)වශයෙන්ද හැදින ගත හැකිය.

අද යුගයේ රෙදි නැන්ද හෝ හෙනේ මාමා නැති වුවද ඒ චරිතවලට පණ පොවන පිරිස් නම් අප සමාජයේ අදටද දැකිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *