මෙවර ජේ.වී.පී.මැයි සැමරුම දෙදිනක,දෙපලක .
මැයි දිනය 7 වෙනිදට යොදා ගැනීම තහනම් කිරීමක් නෙවෙයි.
මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුම පළමුවෙනිදා සහ 7 වෙනිදා යාපනයේදී හා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතිබව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්රකාශ කරනවා.මේ අනුව උතුරු හා නැගෙනහිර පළාත් වලට අයත් එම පක්ෂයේ මැයි දින සැමරුම යාපනයේදී හා අනෙක් පළාත්වලට අදාල සැමරුම කොළඹ බී,ආර් .සී.පිටියේදී ද පැවැත්වෙනු ඇති.මැයි පෙළපාලිය කැම්බල් පිටියෙන් පටන්ගෙන බී,ආර් .සී.පිටිය දක්වා ගමන් කිරීමට නියමිතයි. හඳුන්නෙත්ති මහතා මෙම තොරතුරු අනාවරණය කලේ කොළඹදී පැවැත්වූ ප්රවුති සාකච්චාවකදීය.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්රකාශ කලේ 7 වෙනිදා දක්වා මැයි දින සැමරුම කල් දැමීම මැයි දිනය තහනම් කල ලෙසට ඇතැම් පක්ෂ කරන චෝදනාව පිළිගත නොහැකි බවයි.