පාඨලී ජාතික නායකයෙක් ත්‍රස්ත විරෝධී ව්‍යාපාරයේ පුරෝගාමීයෙක්

පොලීසියේ ආත්ම අත්තනෝමතික නිලධාරීන්ගේ ක්‍රියාවන් නිසා රජය මෙන්ම රාජ්‍ය නායකයා පිරිහෙනවා මේගැන හිතන්න හොදම වෙලාව මේකපාඨලී චම්පික රණවක කියන්නේ මේ රටේ ජනතාව ආදරය කරන බෞද්ධ නායකයෙක් එතුමා මේ රටේ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ගොඩ නැගීමේ පුරෝගාමියා චම්පික රණවක කියල මම නොබියව ප්‍රකාශ කරන්න කැමතියි

පැවති රජය පරාජය කරලා වර්තමාන රජය පත්කර ගත්තේ පැරණි දේ කරන්න නොවෙයි එම නිසා 69 ලක්ෂයේ ජනතාවගේ ජනවරමෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් එවැනි පාලනයක් නොවෙයි පාඨලී කියන්නේ රටේ සියලු අමාත්‍යංශ වල තම වගකීම ඉටුකළ නායකයෙක් ඇමතිවරයෙක්

මේ යන්නේ 88 89 කාලයට කියල අපිට හිතෙන්නේ එනිසා නීතිය හරි විදියට මිස පලිගැනීමට යෙදවීම ගැන අපේ විරෝධය පලකරනවා රට මුහුණපා තිබෙන මේ අසීරු තත්වය හමුවේ ජාතික නායකයන් අත්අඩංගුවට ගෙන සිරකිරීමෙන් වාසිය ලැබෙන්නේ කාටද කියල හිතන්න පොදු සතුරාට එරෙහිව හරි පැත්තේ ඉන්න සියලු දෙනාම ගැටුම් ඇතිකර ගැනීම නොකළ යුතුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *