විමල්ට, ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් // මේ ප්‍රජාතන්ත්‍රවාදය ද?

පාර්ලිමේන්තුව, ප්‍රජාතන්ත්‍රවාදය, සහ එහි නියෝජිතයින්

මෙරට පාර්ලිමේන්තුවේ ගරුත්වය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයන් ඇතිවුයේ අද ඊයේ නොවේ  මෙරට පාර්ලිමේන්තු ක්‍රමය පටන්ගත් දා සිට පාර්ලිමේන්තුවේ ගරුත්වය කෙලෙසු අවස්ථා රැසක් වාර්තා වන ලදී මෙහි වඩාත්ම තීරනාත්මක ආකාරයෙන් වර්ධනය වුයේ 1978 විවස්ථාවයත් සමගය මෙහි වඩාත් ප්‍රවර්ධනය වීමක් 1994 න් පසුව ඇතිවන ලදී .මෙම අවස්ථාවන් වලදී මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම් කිරීම් සහ සභා ගැබෙන් ඉවත් කිරීම් සහ ඔසවාගෙන ගොස් සභා ගැබෙන් එලියට දැමීමද සිදුවන ලදී. මෙවන් තත්වයක් තුළ උත්තරීතර විය යුත්තේ පාර්ලිමේන්තුව ද? ප්‍රජාතන්ත්‍රවාදය ද? එහි නියෝජිතයින්ද? යන්න සම්බන්ධයෙන් රට වැසියන් විසින්ම අනාගතයේදී තීන්දු ගනු ඇත.
මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ දරුණු හැසිරීම් කිහිපයක් දක්නට ලැබුණි. ඒ 2000 දී එවකට විධායක ජනාධිපතිනිය වශයෙන් කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් උතුරු නැගෙනහිර ගැටළුවට විසදුමක් ලෙස ගෙනෙන ලද විවස්ථාව ජනාධිපතිතුමිය පාර්ලිමේන්තුවට ඉදිරි පත්කරන අවස්ථාවේ දී එවකට විපක්ෂයේ සිටි එජාපය විසින් පාර්ලිමේන්තුවේදීම ගිණි තබා විනාශ කිරීම දක්නට ලැබුණි.
එසේම 2004 දී ඒ පාර්ලිමේන්තුවේ කථානායක තේරීමේ ඡන්ද විමසීමේදී හෙළ උරුමයේ ස්වාමීන් වහන්සේලාට එල්ලවූ ප්‍රහාරයයි.එහි තවත් පියවරක් වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා CID යට කැදවූ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුළු රැයක් පුරා පාර්ලිමේන්තුවේ රැදී සිටීමයි. වර්තමාන පාර්ලිමේන්තුවේ පසුගිය වසර කිහිපය පුරාම ගැටුම් ඇනුම් බැනුම් වලින් සපිරි කාලසීමාවක් වන ලදී. කෙසේ හෝ මෙරට උත්තරීතරම ආයතනය කෝලම් මඩුවක් යයි මේරටේ ජනතාව විසින් නම් කරන තැනට පත්වන ලදී.එහි නවතම තත්වය වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන විමල් වීරවංශ ,ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ට පාර්ලිමේන්තුව තාවකාලිකව තහනම් කිරීමයි.
පාර්ලිමේන්තුවේ විනය විරෝධී හැසිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම් කිරීමට වූ යෝජනා පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇතඑක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු වන අතර ඔවුන් දෙදෙනාට තාවකාලිකව පාර්ලිමේන්තුව තහනම් කර ඇත.ඒ අනුව මන්ත්‍රී ප්‍රසන්න රණවිරට සති 04 ක කාලයක් සහ විමල් වීරවංශට සති 02 ක කාලයක් මෙසේ පාර්ලිමේන්තුව තහනම් කර තිබේ.
මාධ්‍ය නිවේදනය

පාර්ලිමේන්තුවේ විනය විරෝධී හැසිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අද දින (2018.09.21) පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ යෝජනා පරිදි ප්‍රසන්න රණවීර මහතාට සති 04ක් සහ විමල් වීරවංශ මහතාට සති 02ක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කෙරිනි.

ඒ අනූව , එම කාලය තුල අදාල මන්ත්‍රීවරුනට පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල්වීම තහනම් වනු ඇත.

මෙහිදී, ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු තහනම් කිරීම් යෝජනාවට  පක්ෂව ඡන්ද 41 ක් ලැබු අතර විපක්ෂව ඡන්ද :- 21ක් ලැබීයි

විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු තහනම් කිරීම් යෝජනාවට පක්ෂව ඡන්ද 39 ක් ලැබු අතර, විපක්ෂව ඡන්ද :- 21ක් ලැබීය.

කථානායක මාධ්‍ය අංශ්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *