තිරිසන් ආත්මයක ඉපිද තම පරපුර වෙනුවෙන් සටන් කල පනාමුරේ ඇත්රජු

තම පරපුර වෙනුවෙන් සටන් කරන්න, සැබෑ සටන් කරු හදුනාගන්න,සටනේ අවශ්‍ය තාවය හදුනා ගන්න

මෙම පුවත අන්තර්ජාලයෙන් උපුටා ගත් සුවිශේෂී වන්නේ වර්තමානයේ ශ්‍රී ලංකික ජන සමාජය තම වර්ගයා සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් තම වර්ගයා කෙරෙහි දක්වන අනුපමේය ආදරය කරුණාව සම්බන්ධයෙන් නොයෙක් පුවත් මවන සමයක තම පරපුර වෙනුවෙන් ඇත්ත ඇති සැටියෙන් පෙනී සිටි තිරිසන් ආත්මයක ඉපිද එය මානව සමාජයට පාඩමක් බවට පත්කළ පනාමුරේ ඇත් රජු ගැනය

ආනන්ද රාජකරුණා ශුරීන් විසින් රචිත මා කුඩා කල ඉතා ප්‍රියකළ ගීතයකි මේ. මෙම අනගි පදවැලට ප්‍රස්තුතය වන්නේ තම වර්ගයාගේ නිදහස වෙනුවෙන් දිවි දුන් මහා හස්ති රාජයෙකු පිලිබඳවය. මිනිසුන්ගේ වීරත්වය පමණක් ඉස්මතු කරමින් පොත් පත් වෙබ් අඩවිය පිරී යද්දී බොහෝ දෙනෙකුට අමතක වූ ශ්‍රී ලාංකික නිදහස් සටන්කාමියෙකු වූ පනාමුරේ ඇත් රාජා පිළිබඳව කෙටි විවරණයකි මේ…

පනාමුරය පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටියට නුදුරුවය. මඩුවන්වෙල රටේ මහතාට අයත් වූ ඇත් ගාල තුල වනයේ නිදැල්ලේ සැරි සරු අලි ඇතුන් හීළෑ කිරීම පිණිස සිරකර තිබුණි. පසුව එහි අයිතිය මඩුවන්වෙල වලව්වෙන් මොලමුරේ වලව්වට පැවරුවේ ෆ්‍රැන්සිස් මොලමුරේ නම් ලංකාවේ පළමු කතානායක හටය. බුරුත පලු වැනි ශක්‌තිමත් දැව කඳන් යොදා ඉදිකර තිබු මේ ඇත් ගාලද වන සතුන්ට මහත් හිරිහැර සිදුකල බුඛන්වර්ල්ඩ් සිරගෙදර බඳු ස්ථානයකි. එක්‌දහස්‌ නවසිය පනහේ අගෝස්‌තු මස අට වැනිදා පනාමුර ඇත් ගාල ඉතිහාසයට එක්වන දවසක් විය. වනයේ නිදැල්ලේ කාබී රංචු පිටින් සතුටින් සිටි අලි ඇතුන්, ගාල් කර නොනැවතී , යදම් දමා ගස්වල බැඳීමට පටන් ගත්තේය. සියලුම අලි ඇතුන් නිසොල්මනේ මිනිස් අණට කිකරුවෙමින් සිටියද මහා සද්දන්තයෙකු එයට එරෙහිව සටන් වැදීමට සුදානම් විය. තම පරපුරට දිනෙන් දින අහිමි වී යන නිදහසත්, නිවහල්බවත් වෙනුවෙන් සටන හැර විකල්ප මාවතක් නොමැති බව වටහා ගත්තේය. ඇත් ගාලට කොටුවුණු අවස්‌ථාවේ සිටම මේ හස්ති රාජයා කිසි වෙකුට මෙල්ල කර ගත නොහැකි විය.

ගාලට කොටුවී සිටි පනාමුරේ ඇත්රජු තමා පමණක් නොව තම පරපුරම කොටුකර තිබු දඬු වැටට වැර යොදා හිසෙන් පහර දෙන්නට විය. කිසිදු අහරක් නොලබා දින හතරක්ම මෙලෙස ඔහු ඇත්ගාලේ දඬු වැටට පහර දෙන්නට විය. කොතෙක් ආහාර දුන්නද දිය පොදක් හැරෙන්නට කිසිවක් ඔහු පිළිනොගත්තේය. මේ හස්ති රාජයා දිගින් දිගටම සිතුවේ තමන්ටත් තම පරපුරටත් අහිමි වී යන නිදහස පිළිබඳව පමණි. මොහු මෙල්ල කිරීම පිණිස මොලමුරේ විසින් තවත් මහා දල ඇති ඇතෙකු ගෙන්වා ගත්තේය. ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පනාමුරේ ඇත්රජු වෙත තවත් ඇතෙකු මුදාහැරියේ උපායක් වශයෙනි. ක්‍ෂණයකින් බිය පත් වී මෙල්ල වේයැයි සිතු බලාපොරොත්තු සුනු විසුනු වුයේ කුන්චනාද කරමින් දල අතු වැටෙන තෙක් පහර දීමත් සමගය. පසුව මොලමුරේට යතාර්ථය අවබෝධවිය. කල හැකි එකම විකල්ප මග ලෙස ඔහු තීරණය කලේ ඇත් රජු වනයට මුදාහැරීමය. ඇත්ගාලේ දොරකඩ විවෘත වුයේ ඔහුට පමණි. තමන්ට රිසි සේ වනයේ සැරිසැරීමට , නිදහසේ කාබී සිටීමට අවස්තාව ලැබුනද ඔහු එකදු අඩියක් හෝ ඇත්ගාලෙන් පිටතට නොතැබුවේය. මේ නිදහස මාගේ පරපුරේ අනෙකුත් සගයින්ටත් දිය යුතු බවට හඬ ගා කීමට හැකියාවක් නැති වුවද , ඔහු ක්‍රියාවෙන් ඒ බව මිනිසාට පසක් කළේය. වියරු කැලඹිලි ස්‌වභාවයයෙන් තිබු ඔව්හුගේ මුහුණ වඩාත් හැඟුම්බරව තිබු බව ඉතිහාසයේ සඳහන් වේ.

තම වර්ගයාගේ නිවහල් ජීවනය උදෙසා තම ජීවිතය උවද කැප කිරීමට ඔහු සුදානම් විය. නැවත නැවතත් ඇත්ගාල වටකොට තිබු දඬු වැටට පහර පිට පහර දුන්නේය. මොලමුරේ විසින් වහාම රත්නපුර පොලිසිය කැඳ වුයේය. තම වර්ගයාගේ නිදහස වෙනුවෙන් සටන් කරන සෙන්පතියෙකුගේ හදවත හඳුනාගැනීමට තරම් ඔලමොට්ටල පොලිස් නිලධාරීන්ට නොහැකි විය. එතැනට පැමිණ සිටි අමන පොලිස්‌ භට කණ්‌ඩායම හස්‌තියාට වෙඩි තබන්නැයි කීවේය. එමෙන්ම ඔවුහු මේ දැවැන්ත හස්‌තියා එක වෙඩි පහරකින් බිම හෙළිය නොහැකි බවත් මොළමුරේගේ කනට කෙඳුරුවෝය. ඉන්පසුව මොලමුරේ විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරුවරයකුව සිටි සෑම් කදිරගාමර් ගෙන්වා ගත්හ. සිත් පිත් නැති මෘගයෙකු ලෙස ඔහු වෙඩි පිට වෙඩි තබා පනාමුරේ ඇත්රාජා මරා දැමුවේය. තමාට ලැබුණු ජීවිත වරප්‍රසාදයවත් නොතකා තම පරපුර වෙනුවෙන් සටන් වැදුණු නිදහස් සටන්කාමියෙකු මරා දැමුවේ ලෝකයේ බුද්ධිමත්ව සත්වයා යෑයි පවසා ගත් රුදුරු මිනිසුන් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *