නරුම රියැදුරා දරුවෙකු යටකර පලා යයි // cctv සහිතයි

පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය තල්ගස්කන්ද ප්‍රදේශයේදී

හිත් පිත් නැති නරුම රියදුරෙකුගේ වරදකින් අද සවස පලාවිය විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ 11 හැවිරිදි ඩබ්ලියු . අසිත සංජීව ලෝව් නැමති දරුවා මරණයට පත්විය. පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය තල්ගස්කන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් පැමිණි වෑන් රථයක ගැටීමෙන් මෙම දරුවා මියගොස් ඇත

මරණයට පත් දරුවා තම ඥාති සොහොයුරියක සමඟ වෙළඳසැලකට පැමිණ ආපසු නිවස බලා යෑමට මාර්ගයට පිවිසේනවාත් සමඟ අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් කුඩා දරුවා යටකර පලා යන අයුරු අසල තිබූ ආරක්ෂීත කැමරාවක සටහන් වී තිබුණි. ප්‍රදේශයේ තරුණයින් යතුරු පැදිවලින් ගොස් මාර්ගය හරස් කර වැන්රථය නවතා පොලිසියට භාර දි තිබේ. මරණයට පත් දරුවා සමඟ ගමන් කරමින් සිටි දැරිය වෑන් රථයේ ගැටී ඈතට විසිවීමේන් දිවි බේරි ඇති බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *