අපගේ එකම ඉලක්කය ආසියානු කලාපයේ වෛරසය තුරන් කරන පලමු රට බවට පත් කිරීමයි

දේශපාලනිකව හෝ  අන් කවර ආකාරයකින් හෝ නොබෙදී සියලුම දෙනා එකට එක්වී ක්‍රියා කර මවිබිමෙන් කොරෝනා වෛරසය තුරන් කිරීම සදහා ක්‍රියා කල යුතු කාලය එලබ ඇති බව එ.ජ. නි.ස රත්නපුර දිස්ත්‍රික් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහතා නිවිතිගල ප්‍රදේශයේ පැවති සෞභාග්‍යයේ ගෙවතු වගා වැඩසටහනකින් අනතුරුව ප්‍රකාශ කරන ලදි.

          වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කොරෝනා වෛරසය මුලින්ම තුරන් කල ආසියානු කලාපීය රට බවට පත්වීමට ඒකා මෙන් සෞඛ්‍ය අංශ දෙන උපදෙස් හා රජය වෛරසය පාලනය සදහා පනවන ලද ඇදිරිනීතිය අනුව ක්‍රියා කරන මෙන්ද රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලීමක්ද සිදු කරන ලදි. ආසියානු කලාපයේ කොරෝනා වෛරසය තුරන්කළ පලමු රට වීමේ ගෞරවය හිමි වනුයේ සමස්ථ ජනතාවට බවත්, ඒවිට අපේ ජනතාවගේ ඇති විනය ගරුක බව ලෝකයටම අවබෝධ වනු ඇතැයිද පවසන ලදි.

          මහා ධනවත්, මෙන්ම බලවත් රාජ්‍යයන් මෙම වෛරසය පාලනය කර ගැනීමට නොහැකිව අසරණ වෙද්දී අපේ රටේ සෞඛ්‍ය අංශ, සහ බුද්ධි රටේ නායකත්වය සමග අත්වැල් බැදගනිමින් දැනට මෙම වෛරසය පාලනය කල ඇති ආකාරය ඉතා විශිෂ්ඨ බවද එය ලෝකයේ කිසිදු රටකට වෛරස පාලන ක්‍රියාවලියේදී නොදෙවැනි බවද ප්‍රකාශ කරන ලදි. ඒ වගේම එහි ගෞරවයේ කොටසක් රටේ සමස්ථ පුරවැසියන්ටම හිමි බවත් ප්‍රකාශ කරන ලදි.

          11 වෙනිදාට රටම ඇදිරි නීතිය මද්දේ උවද විවර කල හැකි වනුයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු දෙපිරිසම ගැන රජය තබා ඇති විශ්වාසය නිසා බවද, ආර්ථිකමය වශයෙන් වැටී තිබෙන රට ගොඩ ගැනීම සදහා මෙම වසංගත අවස්ථාවේ උවද නොපැකිලිව සේවය සදහා වාර්ථා කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දෙපිරසමට තම හදපිරි ස්තූතිය පිරිනමණ බවද ප්‍රකාශ කරන ලදි. මෙම අවස්ථාවේ ඉතිරි සමස්ථ පුරවැසියන් නිවසටම වී කාලය ගත කරන ලෙසත් අත්‍යවශම කරුණකට හැර නිවසින් බැහැරට නොයන මෙන්ද ඉල්ලා සිටින ලදි.

          තවද ඉපැරණි රජ දවසින් පසුව මුලු ශ්‍රී ලංකාවාසී ජනතාවම සෞභාගයේ ගෙවතු වගා සංග්‍රාමය ආරම්භ කර ඇති බවත් එම සංග්‍රාමය තව දුරටත් ශක්තිමත් ලෙස ඉදිරියට පවත්වාගෙන යන ලෙසත් රජයක් ලෙස ඊට අවශ්‍ය උපරිම සහය ලබා දෙන බවත් පැවසීය. මේ අවස්ථාවට ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් සභභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *