අපේ ක්‍රිකට් අවුරුද්දක් මේ අයට භාර දුන්නොත් නරකද??

අර්ජුන, අරවින්ද, වාස්,මාවන්,චන්දන,ප්‍රමෝද්‍ය,හෂාන්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අපලය තව දුරටත් වර්ධනය වෙමින් එංගලන්තය සමග පැවතී ටෙස්ට් තරගාවලියද 2/0 ලෙස අද දිනයේ පරාජය වෙන ලදී ක්‍රිකට් වලට රාහු ලබලාය නැතිනම් ක්‍රිකට් වලට හෙනහුරා පහත් වෙලාය තම රටේ තමන්ගේ තණතිලිවල පවා දින පහක් තරගය ඇදගෙන යාමේ අවාසනාවන්ත තත්වයට මෙරට ක්‍රිකට් පත්ව ඇත හිසරදයට කොට්ටය මාරුකිරීමේ න්‍යාය ක්‍රියාත්මක කරන මෙරට ක්‍රිකට් බලධාරීන් සිදුකරන්නේ ක්‍රීඩකයන් ඉත්තන් ඇදීමය ස්ථිර පිළියම තබාගෙන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හෙටදවස වෙනුවෙන් කලයුතුම වෙනස විනය ඇතිකිරීම පමණි වෙනත් කිසිම දෙයක් කිරීමට අවශ්‍ය නැත

එදා දොන් අනුරසිරි ක්‍රීඩා කරන්න පැමිණියේ දුම්රියෙනි තවත් බොහෝ ක්‍රීඩකයන් පැමිණියේ පොදු ප්‍රවාහන සේවයෙන් බව නොරහසකි එහෙත් අද අපේ ක්‍රීඩකයන් එන යන විදිය ගැන කථා කිරීමට වැඩ පැමිණ සිදුකරන නොහොබිනා වැඩ ගැන පසුගිය කාලය පුරාම වාර්තා වන ලදී එක තරගයක් දෙකක් ක්‍රීඩා කල පමණින් ඔහු ක්‍රීඩකයෙකු මිස දක්ෂයෙකු හෝ අති දක්ෂයෙකු නොවෙති ඔවුන් සදා ගැනීමට අවශ්‍ය දෑ බොහෝ ඇත ඒ කිසිවක් මායිම් නොකරන අපේ ක්‍රීඩකයන් තරගය අවසානයේ නයිට් ක්ලබ් එකක රාත්‍රිය ගෙවා යන තැනට අපේ ක්‍රිකට් පත්වීම අහෝ එරකි තිතකි

ඇග පුරා පච්චා ගසාගෙන නොයෙක් කොණ්ඩා මෝස්‌තර දමාගෙන මේ නටන නාඩගම් වලින් අපේ ක්‍රිකට් ඉදිරියට යන්නේ නැත කණ්ඩායමක ක්‍රීඩකයන් 11 දෙනා සහ අතිරේක ක්‍රීඩකයන් සියලු දෙනාම තරගය සමග ඒකාත්මික විය යුතුය මුදලට පමණක් ක්‍රිකට් ගසන ආත්මාර්ථ කාමී බවෙන් පිරිණු හිස උදුම්මවා ගත් අපේ ක්‍රීඩකයන් මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමට අපොහොසත් වන්නේ රට නොව තමන් පමණක් යන හැගීමෙන් ක්‍රීඩා කිරීම තුලය තමන් කණ්ඩායමේ ස්ථානය රැකෙයි නම් ඒ දේ පමණක් කරන තැනට පත්ව ඇත

අවාසනාව නම කණ්ඩායමේ බහුතරයක් ක්‍රීඩකයන් තුල ඇත්තේ මමත්වය හැර වෙන දෙයක් නොවෙති අපේ ක්‍රිකට් අද තිබෙන තැනින් ඉදිරියට ගැනීමට නම අවසාන වශයෙන් අර්ජුන රණතුංග වැනි අයෙකුට අවුරුද්දක් වත් සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් භාරදිය යුතුය. අරවින්ද හෝ දුලිප් මෙන්ඩිස් කණ්ඩායමේ කළමනාකරු විය යුතුය තේරීම් කමිටුව උපුල් චන්දන හෝ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට භාරදිය යුතුය වේග පන්දු පුහුණු කිරීම සදහා චමින්ද වාස් ද පිතිකරු පුහුණුව මාවන් අතපත්තු වෙත පැවරිය යුතුය. කණ්ඩායමේ විනය සම්පුරණයෙන් අර්ජුන අතේ තිබිය යුතුය.එදාට අපේ වුන් දක්ෂයෝ නොව අති දක්ෂයෝ වෙති තරගයක එක දිගට පන්දුවාර 10 දැමීමට බැරි එක දිගට පන්දු තිහක් හතළිහක් ආරක්ෂිතව සිටීම තරම් මනිසිකත්වයක් නොමැති කණ්ඩායමකින් ජයග්‍රහණය ගැන තබන්නේ කුමන බලාපොරොත්තුවක් දැයි ඇසිය යුතුමය

එදාට අපිට නැවත වතාවක් 1996 වගේ ලෝක කුසලානයක පහස ලැබීමට හැකිය මේ වෙනස් කම් ටික කරන්නට පක්ෂ පාට නොබැලිය යුතුය එක අවුරුදක් අපේ කණ්ඩායම ඉහත ප්‍රවීනයන් අතින් පාලනය වුවහොත් එහි සාර්ථකත්වය දැක ගත හැකිය කණ්ඩායමේ කළමනාකාරිත්වය රෝහිත රාජපක්ෂගේ මාමට දීමෙන් කණ්ඩායමට වෙන සෙතක් නැත වෙන්නේ මේ වෙන දෙය හැර අනෙකක් නොවෙති මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාට ඇත්ත වුවමනාවක් තිබේනම් ඉහත වෙනස් කම් සිදුකල යුතුමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *