කල්ලි කණ්ඩායම් අවසන්.. නව සන්ධානය සුදානම්.. විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කරයි!!

දේශපාල කරලිය තුල බල අරගලයෙන් රත්ව ඇති දේශපාලන පිටිය තුල එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන විපක්ෂයේ නව සන්ධානයේ ජාතික සංවිධායක ලෙස හිටපු ඇමති පාඨලී චම්පික රණවක නම් කිරීමට නියමිත බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග පවසයි.ඒ අනුව චම්පික රණවක මහතා හෙළ උරුමයෙන් ඉවත්ව නුදුරු දිනකදීම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ද නියමිත බවද පැවසේ.

එම නව සංවිධානයේ මහ ලේකම් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන හිටපු ඇමති රන්ජිත් මද්දුම බණ්ඩාරව නම් කිරීමට එජාප මන්ත්‍රී කණ්ඩායම පෙබරවාරි 05 දා රැස්වී තීන්දු කර තිබිණ.එක්සත් ජාතික පක්ෂයේ කෘත්යදිකරී මණ්ඩලයේ අනුමැතිය නව සන්ධාන මහලේකම් වෙත ලැබිය යුතු බව සදහන් උවද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන පාර්ශවය සදහන් කරන්නේ එවැනි අනුමැතියක අවශ්‍ය තාවයක් නොමැති බවත් තම පර්ශාවය නම්කළ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මහලේකම් බවත් වෙනත් විකල්ප නොමැති බවත් සදහන් කරයි.

ඉදිරි මහා මැතිවරණය වෙනුවෙන් සියලු වෙනස්කම් සහිත නව සන්ධානය පෙරට පැමිණෙන බවත් එය මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සන්ධානය බවත් මන්ත්‍රීවරයා සදහන් කරන ලදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ අපි එජාපයේ බහුතර පිල බවත් අවශ්‍යනම් එම පිලට අපේ සන්ධානය සමග එකතුවිය හැකි බවත් දේශපාලන පිටියේ වාසිය සජිත් සතු නිසා ජයග්‍රහණය පිළිබද අවිශ්වාසයක් නොමැති බවත් සදහන් කරන ලදී

සජිත් ප්‍රේමදාස විසින් මෙම යෝජනා පෙබරවාරි 10 දා රැස්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් එහි අනුමැතිය ලද වහාම නව පක්ෂය ලියා පදිංචි කිරීමටත් සැලසුම්කර ඇතැයි සදහන් කරන ලදී සෑම ආසනයක්ම ආවරණය වන පරිදි විශේෂ ප්‍රචාරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බැවින් මේ සදහා අවශ්‍ය කණ්ඩායම් තමන් සමග එකතුවන බවද සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *