ගාල්ලේ ග්‍රීස් යකා සොයා සිදුකල මෙහෙයුම

මෙන්න හොරෙක් අපේ වත්තට පැන්නා.මෙන්න හොරෙක් අපේ ගෙට පැන්නා.ඇඳුම් නැතුව අමු හෙළුවෙන් කව්ද මගේ කාමරයට ආවා. ශ්‍රිස් යකා අපේ ගෙදරට ඇවිත් කුස්සියට පැනලා කෑම කාලා පැනලා ගිහිල්ලා. ඇඳුම් නැතිව එන ශ්‍රිස් යක්ෂයා නිසා ගාල්ල නෙළුව හිනිදුම හා අවට ප්‍රදේශ මහත් බියෙන් අලලී ගියේ පසුගිය සතියේ ය.

මේ යකා කොරොනා යක්ෂයා යැයි ද ගම්මුන් හැදින් වූහ. කළුවර වැටෙන විටම දොරගුළු වසා නිවෙස්වලට වී සිටින ගම්වාසිහු බියෙන් නොනිදා කාලය කත කළහ. සමහරු ග්‍රිස් යක්ෂයා අල්ලන්නට පොළු මුඟුරු කඩු ලණු අත ඇතිව මහ කළු වුරේ ග්‍රීස් යක්ෂයා එන තුරු ලඳු කැලෑවල සැඟව සිටයහ.

පුදුමයකි ග්‍රීස් යකා හිටි හැටියේ මතු වන්නේය. එක්වරම ගෙයකට පැන හොරකම් කර හෝ අමු හෙළුවෙන් සිටිමින් නිවැසියන් බිය පත් කර පලා යන්නේ ක්ෂණිකවමය. මේ යකා සත්තකින්ම මිනිස් යකෙක් බැව් ගම්මු හඳනාගත්ත ද අල්ලා ගන්නට මන්තර හෝ දුම්මල හෝ පන්දම් විලක්කු වලටද නොහැකි විය. නමුත් පොලීසිය යක්ෂයා පසුපස ලුහුබදින්නට වූහ.මේ පිළිබඳව යක්ෂයා දැනගෙන සිටියේ නැත.

නමුත්,අවසානයේ ගම්මාන රැසක් බියපත් කළ මේ ග්‍රීස් යක්ෂයා නෙළුව පොලිසිය අල්ලා ගත්හ.

සත්තකින්ම නෙළුව හා හිනිදුම පොලිස්  බල ප්‍රදේශවල රාත්‍රි කාලයේ කාන්තාවන් බිය ගන්වමන් සොරකම් කිපයක්ද කරන ලද ග්‍රිස් යකෙකු බවට සැකකල  සැකකරුවෙකුවන නෙළුව පොලිස් වසමේ පදිංචි යුධ හාමුදාවෙන් පලා ආ සෙබලෙකු නෙළුව පොලිස් විශේෂ කාර්ය්‍යාංශ උප ඒකකයේ නිලධාරින්ගේ තොරතුරු මත මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව නෙළුව පොලිසිය පවසයි.

මෙම සැකකරු 1992  වසරේ වසරේ මියනවතුර දෙල්ලව මොරවක යන ලිපිනයේ උපත ලබා දෙල්ලව මහා විද්‍යාලයෙන් අටවන  ශේණිය  දක්වා අධ්‍යාපනය ලබා  ඇත. මොහු පවුලේ මල්ලිලා දෙදෙනෙක් අක්කා සහ මව පියා සමග ඉහත ලිපිනයේ පදංචිව සිට 2008.වර්ශයේදි යුද හමුදාවට බැදි ඇත. පසුව මුලතිව් ඕමන්ත නෙළුම්කුලම යුද හමුඳා කඳවුරු වල සේවය කර අවසන් සටනේ නෙළුම් කුලම හමුඳා කඳවුරට අනුයුක්තව සක්‍රිය දායකත්වයක් දක්වා ඇති අයෙකි.

පසුව මොහු  2015 වසරේ දි වව්නියාව ප්‍රදේශයේ  පදිංචියට ගොස් නැවත මොහු 2018 වසරේ මුල්ලේරියාව ප්‍ර දේශයේ  කාන්තාව සමග විවාහ වී ඇත. මොහුට වසර 03 ක් වයසැති කුඩා දරුවෙකු සිටි.ඉන්පසු 2018 වසරේ මොහු යුධ හමුදා සේවයෙන් පලා ගොස් ඇති අතර සේවයේ සිටියදි  සොරකම් කිරිම් සිදු කර ඇති බවට ප්‍රශ්ණ කිරිම් හමුවේ අනාවරනය නැගෙන ඇති බව පොලිසිය පවසයි.

මොහු අවසන් වරට 2020.05.20 වන දින බස්රථයකින් තවලම දක්වා පැමින රාත්‍රිකාලයේ සොරකම් කිරිම සඳහා නිවසක ජනෙලයකට යොදන ලද ඉටිකොලයක් කපා නිවසට ඇතුලුවිමට යාමේදි එම නිවැසියාට අවදී වී එම ස්ථානයෙන් පැනගොස් හිනිදුම පොලිස් වසමේ පොල් බිඳින කන්ද ප්‍රදේශයේ ප්‍රියන්ත නැමැති අයගේ නිවස අසලට ගොස් කළු පැහැති ටියුලිප් බෑගයක ඔහුගේ ඇඳුම් සියල්ල මුදල් පසුමබ්බිය නොකියා වර්ගයේ ජංගම දුරකථනය හා හැඳුනුම්පතේ ඡායාපිටපතක්ද දමා සඟවා තබා යට ඇඳුම පමනක් ඇඳ නිවාස පහකට ඇතුළු වී සොරකම් කිරිමට තැත් කර ඇතත් නිවැසියන් අවධිවීම නිසා එය අසාර්තක වී ඇති අතර ප්‍රදේශවාසින් සියල්ලම මේ අවස්ථාවේ ග්‍රිස්යකෙකු පැමින බවට කෑගසමින් ඒ අවට ප්‍රදේශය හිනිදුම පොලිස් නිලධාරින්ගේ සහායද ඇතිව පරික්ෂා කිරිමේදි යට ඇදුමින් පමනක් කැලැබද මාර්ග ඔස්සේ නෙළුව පොලිස් වසමට පැමින ඇත. සඟවා තබන ලද බෑගය ප්‍රදේශවාසින් විසින් හිනිදුම පොලිස් ස්ථානයට බාරදි ඇත.

ඉනපසු මොහ 2020.05.21 වන දින දිවා කාලයේ කැලැවක් තුල සඟව සිට සිය යට ඇඳුම පිටින්ම නෙවව ප්‍රදේයේ නිවාස 08 කට ඇතුලුවී ඇත. ඉන් එක් නිවසකිව රුපියල් 3000 ක් හා තවත් නිවසකින් රුපියල් 5000 ක් හා මුදල් පසුම්බියක් සොරකම් කර ඇත. එක් නිවසක ශිතකරනයේ තිබු පලතුරු සියල්ලද කා දමා ඇති මොහු ඒ ආකාරයෙන් සැරි සැරිම නිසා නෙළුව ප්‍රදේශයේ ප්‍රදේශවාසින්ද ග්‍රිස් යකෙකු පැමින ඇති බවට කලබල වී පොලිස් නිලධාරින් සමග  සෙවිමත් සමග මාහු මාවනාන ප්‍රදේශයට පැමින සමන්ත නැමැති අයගේ නිවස අසලදි ප්‍රදේශ වාසින් පැමිනිමත් සමග ගිංගඟට පැන පිනාගොස් මාවනාන ප්‍රදේශයේ සොමරත්න නැමැති අයගේ නිවසට පැමින එම නිවසේ  ගරාජයේ නවතා තිබු රුපියල් 130000 ක් වටිනා යතුරු පැදිය සොරකම් කර එම ස්ථානයේ රෙදි වැලක දමා තිබු රෙදි ඇඳ ගැනිමෙන් පසුව 2020.05.22 දින අලුයම 0400 ට පමන එම යතුරු පැදියෙන් තවලම දක්වා ගමන් කර එම යතුරු පැදිය අතහැර දමා ලංගම බස් රථයකින් උඩුගම කැටගොඩ බස් නැවතුම් පලට ගොස් බස් නැවතුම ඉදිරිපිට හෝටලයකින් පාන් සහ පරිප්පු ආහාරට ගෙන උඩුගම දෙසට පාගමනින් යාමෙදි තිරෝද රථදෙකකින් පැමිණි පිරිසක් විසින් මොහු අල්ලා ගැනිමට උත්සාහ කිරිමේදි ඒ අසල කැලයකට පැනගොස් කැටගොඩ ප්‍රදේශයේ නිවාස දෙකකට ඇතළු වි රුපියල් 35000 ක් හා රුපියල් 5000 ක් සොරකම් කර එම ප්‍රදේශයේ සැඟව සිට 2020.05.23 වන දින මුල්ලේරියාව බිරිඳගේ නිවසට ගොස් නැවත කොළඹ ප්‍රදේශයේ මේසන් වැඩ කිරිම සඳහා ගොස් ඇත.

විශේෂ නාර්ය්‍යාංශ නිලධාරියාට ලද  තොරතුරු අනුව මොහුගේ දරුවාගේ අකුරු කියවිමේ උත්සවය 2020.06.10 වන දින යෙදි ඇති බැවින් ඒ සඳහා සහභාගි වීමට පැමිනෙන බවට ලද තොරතුරු අනුව බිරිඳගේ නිවසේ ලිපිනය ලබගෙන දුරකථන පනිවිඩයක් මගින් නුගේගොඩ පොලිසියට දන්වා  ගොතටුව නිලධාරින් විසින් ආධීක්ෂණය කර මෙම සැකකරු නිවසට පැමිණී පසු 2020.06.09 වන දින මුල්ලෙරියාව පොලිස් ස්ථානයට දැනුම් දි එම ස්ථානය් නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම සැකරු අත් අඩංගුවට ගෙන නෙළුව පොලිස් ස්ථානයට භාරදි ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් අවට පොලිස් ථාන මගින් සොයා බැලිමේදි හිනිදුම බද්දේම පානදුර ඊච්චන් කුලම නෙළුව ගාල්ල වව්නියාව  යන පොලිස් වසම් වල සිදුකරන ලද අපරාධ සදහා අවශ්‍ය කරන සැකකරුවෙකු බවට හදුනාගෙන ඇත.

ශ්‍රිස් යක්කු විවිධ වේෂයන්ගෙන් පැමිණිම පසුගිය කාලයේ දැකිය හැකි වූහ.මේ යක්ෂයෝ අදටද හෙටත් පැමිණිය හැකිය මේ යක්ෂයාද ඒ යක්ෂයන් අතරේගත් කල තවත් එක් යකුෂයෙක් පමණි.

මේ යකුන්ට විවිධ අවශ්‍යතා රැසක් ඇත. සමහරු හොරකම් කරන්නට පැමිනෙති. සමහරු අසම්මත ලිංගික කටයුතු වලට හෝ තම නිරුවත පෙන්වා යම් වින්දනයක් ලබා ගැනී මේ ආශාවට තරුණ ළඳුන් සිටින ස්ථානවල සැරි සරති. සමහරු ජනතාව බියපත් කිරීමටද එක්වන්නේ ග්‍රිස් යකාගේ සරණින්ය.

මේ අය සමහරු මානසික පිස්සන් වේ. නැතිනම් යම් අසම්මත ලිංගික හෝ චර්යා රටා ඇති පුද්ගලයෝය. නැතිනම් අමු හොරුය. ජනතාවගේ මනස වෙනස් කර තමාගේ කටයුත්ත ඉටු කරගන්ට සට කපට මේ ග්‍රීස් යක්ෂයෝ නිසා සමාජය යම් බියකට කුතුහලයකට පත්වන අවස්ථාද නැතුවා නොවේ.

මෙහි විද්‍යාමක කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය පී.එන් විද්‍යාකුලපති මහතා මෙසේ සඳහන් කළේය.

තම රහසග අන් අයට හුවා දක්වන ප‍්‍රදර්ශනකාමය Exhibitionism තම රහස් අවයව අන්‍යයන්ට පෙන්වීමෙන් තෘප්තියක් ලැබීම ප‍්‍රදර්ශනකාමීන්ගේ සිරිතයි. කාන්තා නේවාසිකාගාර,බාලිකා පාසල් වැනි ස්ථාන ආසන්නයේ සිට කාන්තාවන්ට තම අවයව ප‍්‍රදර්ශනය කරන පිරිමි මෙම ගණයට අයත්වෙති. ප‍්‍රදර්ශනකාමීහු බොහෝදෙනා දුර්වල පෞරුෂයක් සහිත අය බව කියනු ලැබේ. මොවුන් ද ඉහත කී දර්ශනකාමීන් මෙන්ම පහරකෑමටත් පොලිස් අත්අඩංගුවටත් පත්වන අවස්ථා දැකිය හැක.මෙහිදි නෙවව සිද්ධියේද සිදු ඇත්තේ එවැනි කටයුත්තකි.

අවසානයේ මේ ග්‍රීස් යකුන්ට මුහුණ දීමට සිදු වන්නේ යකා ගස් කොලං කඩාගෙන හූ කියාගෙන හෝ නැතිව හෝ ගුටි බැට කා දුක් විදින්ටය. මේ යක්ෂයාද නැතිනම් අපේ කතාන්දරයේ නායකයා ග්‍රීස් යකා ගම්මාන රැසක් බියපත් කළ යක්ෂයා අවසානයේ නෙවව පොලිසට කොටුන්නේ මේ අනුවයි.

මේ අනුව,නෙළුව ප්‍රදේශය භීතියට පත් කළ ග්‍රීස් යකා නාටකය අවසන්විය.සැකකරු මුල්ලේරියාවේදී අත්අඩංගුවටපත් විය.පසුගිය දිනවිසි එකක කාලය තුල නෙළුව සහ හිනිදුම පොලිස් වසම්වල නිවාස පනස් තුනකට (53) රහසින් ඇතුළු වී නිවැසියන් බිය ගැන්වීම හේතුවෙන් ඉකුත් 04 දින පොලිස් නිළධාරීන් සියයකින් සමන්විත කණ්ඩායමක් විසින් ඔහු රැඳී සිටින බව සැක කල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර ප්‍රදේශවාසීන්ගේ බිය පහ කිරීමට හිනිදුම පොලිස් අධිකාරී සිසිල කුමාර මහතා පියවර ගත් අතර නෙළුව පොලිස් විශේෂ කාර්‍යංශයේ 37049 අජිත් නානායක්කාර මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු ඔහුගේ බිරිඳගේ මුල්ලේරියාවේ පිහිටි  නිවසේ පැවැත්වෙන උත්සව අවස්ථාවට සහභාගි වීමට පැමිනෙන බවට ලද තොරතුරු ඔස්සේ විශේෂ කාර්ංශය නිළධාරීන් එම නිවසට පැමිනෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය ( 10) අළුයම ඔහු නෙළුව පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබිණි.අදාල සිද්ධිය සමබ්නධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *