වේයන්ගොඩ කුඩු රජා “හැට්ටයා”කොටුකල මෙහෙයුම

කවුද මේ “හැට්ටයා” වේයන්ගොඩ මගලෙගොඩ පදිංචිකරුවෙකු වන වන්නි ආරච්චි කංකානන්ලගේ ප්‍රියන්ත රණසිංහ නොහොත් “හැට්ටයා” අන්වර්ථ නාමය හිමි ඔහු මීට අවුරුදු 12ක පමණ කාලයක සිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදු කළ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් බව පොලීසිය හඳුනාගෙන තිබුණා මොහුට “හැට්ටයා”යන අන්වර්ථ නාමය ලැබෙන්නේ මොහු යෞවන වියේ දී තරුණයන් සමග සිටින අවස්ථාවල සහ සමාජයේ ගැවසෙන අතරතුර තමන්ගේ ටීෂර්ටය පපුවට උඩින් අඹරා කාන්තාවකගේ හැට්ටය මෙන් ටීෂර්ට් එක අඹරා තබා ගැනීම නිසා මොහුට “හැට්ටයා” යන නම පටබඳින ලදි දැඩි ස්ත්‍රී ලෝලියකු වන “හැට්ටයා” ප්‍රදේශීය කාන්තාවන් හතරදෙනකු සමග සම්බන්ධතා පවත්වන අතර තවත් කාන්තාවන් විශාල ප්‍රමාණයක් සමග ගනුදෙනු කරන බව වාර්තා වී තිබෙනවා “හැට්ටයා” මුල් වරට පොලිසියට හසු වන්නේ 2014 වර්ෂය වර්ෂයේ දී ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසියට ලැබුණු තොරතුරක් මත වේයන්ගොඩ පොලිසිය විසින් “හැට්ටයා” අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර කරන ලදී.

බන්ධනාගාරයේ දී පවා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග එක්ව ජාවාරමට සම්බන්ධ වීම සිදුකරමින් බන්ධනාගාරයේ සිටිමින් ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන “හැට්ටයා”නිදහස්ව පැමිණි වහාම තම ජාවාරම ජයටම සිදු කරනවා වේයන්ගොඩ අත්තනගල්ල මීරිගම ප්‍රදේශ වලට කුඩු ජාවාරම සිදු කරන “හැට්ටයා” තමන්ගේ ජාවාරමෙන් උපයා ගන්නා මුදලින් තම සුපිරි නිවාසයක් ඉදි කරනු ලබනවා මෙම නිවස නිවස ආරක්ෂිත වන පරිදි නවීන සීසීටීවී කැමරා පද්ධතියක් ඉදිකරනවා එමෙන්ම ලක්ෂ අසූවක් පමණ වටිනා නවීන මෝටර් රථයක් ද “හැට්ටයා” විසින් මිලදී ගනු ලබනවා මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටි බුද්ධි අංශ වන ලද තොරතුරක් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විශේෂ අධීක්ෂණය යටතේ “හැට්ටයා” අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දෙනවා.

හැට්ටය සම්බන්ධයෙන් විශේෂ බුද්ධි තොරතුරු එකතු කරන අතර පොලිසිය අවශ්‍ය සියලු දත්තයන් “හැට්ටයා”සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෑම ස්ථානයකම තොරතුරු ලැබෙනවා මේ සම්බන්ධයෙන් අවධානය සිටි මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති රොෂාන් මහේෂ් මහතා විසින් දියත් කළ මෙහෙයුමකින් “හැට්ටයා” වේයන්ගොඩ මගලෙගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්වන්නේ මීට දින දෙකකට පෙර ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ
ඔහු සතුව තිබූ ලක්ෂ 98ක චෙක්පත් සහ කෝටි 7කට අධික ප්‍රමාණයක් මුදල් ගනුදෙනු සිදුකළ බැංකු පොත් ද ඔහු සන්තකයේ තිබී හමු වෙනවා ඊට අමතරව හෙරොයින් ග්‍රෑම් 5ක් කඩු දෙකක් ජංගම දුරකතන කිහිපයක් සහ “හැට්ටයා” භාවිතා කළ නවීන මෝටර් රථය පොලිස් භාරයට පත් වෙනවා

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මැදිහත් වෙනවා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ අදාළ පුද්ගලයා දින හතක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ පොලීසිය අවසර ලැබෙනවා “හැට්ටයා” ලබා දෙන තොර තුරු අනුව ඉදිරියේදී තවත් මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් කොටුකර ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා මේ සම්බන්ධයෙන් විශේෂ අධීක්ෂණයක් යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වාර්තා වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *