සියලු ආකාරයේ ජාතිවාදය හා අන්තවාදය පිටු දැකිය යුතුයි. -අමාත්‍ය චන්දිම වීරක්කොඩි

ජාතික නායකයෝ එකතුවෙලා තම තමන්ගේ ජාතීන් පෙළ ගැස්විය යුතුයි.

සිංහල වේවා ද්‍රවිඩ වේවා මුස්ලිම් වේවා අන්තවාදීව ජාතිවාදීව කටයුතු කරනවානම් , මේ රටේ ගිනිදැල් ඇතිකරන්නට යම් පියවරක් ගන්නවානම් අපිට එක හඬින් කියන්න පුළුවන් වෙන්න ඕන පක්ෂ පාට ආගම් බේදය පැත්තකට දාල ඒ උදවියට විරුද්දව පියවර ගත යුතුයි කියල එහෙම නැත්නම් හෙට දින නැවත අපිට ජීවත් වෙන්නට රටක් නැතිවෙයි.අපි සිංහල බෞද්ධයෝ හැටියට අපිට අභිමානයක් තියෙනවා සිංහල බෞද්ද කම ගැන. ඒකෙන් කියන්නේ නැහැ අපි වෙනත් ජාතියක් යටපත් කරලා විනාශ කරන්න ඕන කියල.ඒ වගේම මේ රටේ සුළු ජාතීනුත් දන ගන්න ඕන හැමවෙලේම ජාතිවාදය ඇවිස්සෙන ආකාරයට මේ රටේ ලාංකීය කොටසක් ආකාරයට නොහැඟෙන ආකාරයට වැළක්විය යුතුයි.මේක ආගමික නායකයෝ එකතුවෙලා ,ජාතික නායකයෝ එකතුවෙලා තම තමන්ගේ ජාතීන් පෙළ ගැස්විය යුතුයි.

අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මේ අදහස් පලකලේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අයත් විශේෂ මෝටර් රථ පුහුණු අභ්‍යාස ආයතනය ගාල්ල බුස්ස ප්‍රදේශයේ විවෘත්ත කිරීම්මෙන් අනතුරුව පවතී උත්සව සභාවකදීය.
රුපියල් මිලියන තිස් අටක වියදමින් ඉදිකරන ලද මෙම පුහුණු මධ්‍යස්ථානට නවීනතම පුහුණු උපාංග වලින් සමන්විතය.මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීය ශ්‍රම වෙළඳ පලට ගැලපෙන ආකාරයට සැලසුම්කොට ඇති මෙම පුහුණු කටයුතු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ඇසෝ සියෙටඩ් මොටෙර් වේස් (පුද්ගලික) ආයතනය හා අල්ෆුසෙයින් ඔටෝ මෝටිව් ගෘප් ආයතනය සමග එක්වී පවත්වාගෙන යාමට නියමිතය.
මෙම විවෘත්ත කිරීමේ අවස්ථාවට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයේ සභාපති  ඉන්ජිනේරු ආචාර්ය  ලයනල් පින්ටු , ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උප සභාපති නීතිඥ තිලක් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයේ නිලධාරීන් සේවකයන් ළමුන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගී විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *