ජනාධිපති අපේක්ෂකයාට සුදුසුම බැසිල් විතරයි

16 කල්ලියට අභියෝගයක්

කවුරුන් කෙසේ මොන දේ කීව ද පොදුජන පෙරමුණේ මීලඟ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා බව දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රී චම්ලි විතානාච්චි මහතා පවසයි.26  ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් ඔහු මෙසේ ද පැවසීය.

 මේ පොදුජන පෙරමුණ කියන පක්ෂය හදලා පාක්ෂිකයින් නැගිට්ටවලා ගත්තේ බැසිල් රාජපක්ෂ. ඔහු තමයි අන්තිම අඩියේ ඉන්න මන්ත්‍රීවරයාට පවා කතා කරලා ඔහුගේ දුක ඇහුවේ. දැන් මේ 16 කණ්ඩායම බැසිල් රාජපක්ෂ මහත්මයා විවේචනය කරනමින් යනවා. ඔවුන්ට මතක නෑ ඔවුන් ආණ්ඩුවට කත් අදින කාලේ මේ රටේ ජනතාව එක්ක ඉදිමින් මේ පක්ෂය හැදුවේ කවුද කියලා.

මම ඔය 16කණ්ඩායමට කියනවා ඉක්මනට අතීතය මතක් කරන්න කියලා. ඔය අය ඒ කාලේ කිව්වා ඊලඟ රාජපක්ෂවරයා හිරේ යන දවසත්. දැන් අද ඒ අයගේ හුලං ගිහිල්ලා. ඒ වගේම 16 කණ්ඩායම අපිටත් එක්ක එකතු වෙන්න එනවා නම් ඔවුන්ට කිසිම අයිතියක් නෑ බැසිල් රාපක්ෂව විවේචනය කිරීමට. ඔහු තමයි මේ ජයග්‍රහණය මේ තරමට ගෙන ඒමේ මුලිකයා.මේ පක්ෂයේ මහින්ද රාජපක්ෂ ඇරුනම රටෙ මිනිස්සුන්ගේ ගුණ අගුණ දන්න නායකයා බැසිල් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *