අපේ නිවසේ සාකච්චා වුයේ රටේ ආර්ථිකය ගැන පමණයි

කිසිදු විශේෂ දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ බව

භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් සමාජය පුර ලැව් ගින්නක් සේ කට කථා පැතිර යන වකවානුවක් බවට පත්ව ඇත. ඒ සදහා මැදිහත්ව කටයුතු කරන ප්‍රධාන චරිතය වශයෙන් එස් .බී දිසානායක මහතා මේදිනවල වැඩිපුර කථා බහට ලක්වීමත් එහි උච්චතම අවස්ථාව ලෙස එස්.බී ගේ නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය එහි සමාරම්භය බව දේශපාලන කරළියේ වාර්තා වෙමින් ඇත. මෙහිදී හිටපු ජනපති හා වත්මන් ජනපති අතර සිදුවූ බව කියන සාකච්චාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයින් විවිධ මත පළකරද්දී එහි ප්‍රධාන චරිතය එස් .බී දිසානායක එම හමුව සම්බන්ධයෙන් දැක්වුයේ මෙවන් අදහසකි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරු අතර තමාගේ නිවසේ කිසිදු සාකච්ඡාවක් පැවැත්වුයේ නැති බව අවධාරණයෙන් ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහෙත් තමාගේ නිවසේ පැවැත් වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බව සත්‍යයක් බවත්, එහිදී කිසිදු විශේෂ දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ බවත්, එදින සහභාගී වී සිටි අනිකුත් මන්ත්‍රීවරුන් සමඟ හුරු පුරුදු ලෙස රටේ පවතින ආර්ථික අර්බුධය හා අනාරක්ෂිත බව ගැන සාමාන්‍ය කථා බහක් ඇති වූ බවත් සඳහන් කරන එස්.බි. දිසානායක මහතා තම මාධ්‍ය නිවේදනය මාධ්‍යය හරහා ප්‍රචාරය කර තමාට සාධාරණය ඉටු කර දෙන ලෙස කාරුණික ඉල්ලීමක් ද කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *