අත්තනගල්ල ඝාතන සිද්දියේ සැකකරුවෙකු අත්අඩංගුවට

අත්තනගල්ල ප්‍රදේශයේම අයෙක්.

පෙරේදා දිනයේ අත්තනගල්ල රජමහා විහාරය අසල පැවැත්වූ සංගීත සංදර්ශනයක ආරම්භය සනිටුහන් කරමින් පොල්තෙල් පහන දැල්වීම සඳහා සහභාගීවූ අයෙකු සංගීත සංදර්ශනය අතර තුර තම රථයේ සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියා.සිද්දියෙන් ගැබිණි මාතාවක ඇතුළු හතර දෙනෙකුද තුවාල ලැබුවා.මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැක පිට අත්තනගල්ල ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.අද දින ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.මෙම වෙඩි තැබීම සඳහා යතුරු පදි දෙකකින් 4 දෙනෙකුගේ කණ්ඩායමක් පැමිණි තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *