එක් දරු මව තිදෙනෙකු අතින් දුෂණය කර වීඩියෝ ගත කරලා

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය   

අම්බලන්ගොඩ ප්‍රදේශයේ එක්දරු මවක් යතුරු පැදියකින් කැදවාගෙන ගොස් තිදෙනෙකු සමග රැයක් මුළුල්ලේ දූෂණය කරමින් වීඩියෝ ගතකර, නිරුවත් ඡායාරූප ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනකු 2020 මැයි මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා ඊයේ (09) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කරන ලෙසත් සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරත කරන ලද්දේ බේරතුඩුව, බළපිටිය ලිපිනයේ පදිංචි ඉදිරිමුණි ගිහාන් මධුසංක (21) සහ එම ලිපිනයේම පදිංචි අළුත්මගේ රන්දික (44) නැමැති දෙදෙනාය.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි එක් දරු මවක් විසින් අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට නෙ තිබේ.

පළමු සැකකරු විසින් පැමිණිලිකාර කාන්තාව සිද්ධිය වූ දින රාත්‍රී 8.00 ට පමණ බළපිටිය, බේරතුඩුව ප්‍රදේශයේ අතහැර දමන ලද පාළු නිවසකට කැදවාගෙන පැමිණ තිබෙන බවත් ඔහු විසින් පසුව දුරකතන ඇමතුමක් දී දෙවන හා තෙවන සැකකරුවන්ද කැදවාගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පසුදින අළුයම 3.30 පමණ වන තෙක් සැකකරුවන් තිදෙනා තමා වරින් වර දුෂණය කල බවත් ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන වලින් දූෂණය කරන අවස්ථාවන් හා තමාගේ නිරුවත් සිරුර වීඩියෝ සහ ඡායාරූප ගතකල බවත් පැමිණිලිකාරිය විසින් අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.

පැමිණිලිකාරිය කුඩා දියණියකගේ මවක් බවත් සැමියා මාලදිවයිනේ රැකියාව කරන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පැමිණිලිකාරිය, පළමු සැකකරු සමග කැමැත්තෙන් ගියේද යන්න සහ දෙවන හා තුන්වන සැකකරුවන් කැදවාගැනීම මෙන්ම වීඩියෝ ගත කිරීම හා ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් පරීක්ෂණ සිදුකරන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර පුෂ්ප කුමාර, කාන්තා හා ළමා අංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂිකා දමයන්ති යන මහත්ම මහත්මීන් විසින් සැකකරුවන් අත් අඩංගුවට නෙ තිබෙන අතර පොලිස් කොස්තාපල් සදරුවන් (85277) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *