ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් අයෙක් මරුට හතරක් රෝහලට

අපරාධ කල්ලි සමාජිකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛගේ මෙහෙය වීමෙන්

අද පෙරවරුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.තුවාල ලබා සිටින අයෙකුගේ තත්වයද බරපතලය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, පසුගියදා පැවති මහ මැතිවරණයේදී මෙම ප‍්‍රදේශයේ සිදු වූ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ මෙහෙය වීමෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *