වැඩ කරන විරුවා හරිම තැනට පනී !!නිලධාරීන් නිරුත්තර වෙයි!!

මෙරට දුෂිතම රාජ්‍ය ආයතනවලින් එකක් වශයෙන් පෙරමුණේ තිබෙන වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නිරීක්ෂණයක නිරත වන ලදී මෙම අවස්ථාවේදී එම ස්ථානයට රියදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිස තමන් විදින දුක ජනාධිපති වරයාට පැහැදිලි කරන ලදී මෙම අවස්ථාවේ අදාල ස්ථානයේ ඉහල නිළධාරීන් කිසිවෙකු නොමැති බව තහවරු වන ලදී

මෙතන සිස්ටම් එක හදන්න ඒක කරන්න ඕන ඔයාලා මම නැවත මාසෙකින් මෙතෙන්ට එනකොට සිස්ටම් එක හැදිලා තියෙන්න ඕන මේක රොකට් එකක් හදට යවන වගේ වැඩක් නොවෙයි හරිම සිම්පල් වැඩක් ඒ නිසා මෙතන සිටම් එක හරියට වෙනවද බලන්න මම නැවත එන බව ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී

මේ ආකාරයෙන් ලංකාවේ දුෂිතම රාජ්‍ය ආයතනය වන වෙවහැර මෝටර රථ ලියාපදිංචි කරන ස්ථානය සහ එම ආයතනයට සමගාමීව ක්‍රියාත්මක වන ලනකවේ සෑම දිස්ත්‍රිකයකම උප කාර්යාල වලද මෙම තත්වයම දක්නට ඇත උදැසන තුන හතරේ සිට මිනිසුන් මෙම ස්ථානවල රස්තියාදු වන දර්ශන අපමණය මෙම ස්ථානවල සේවය කරන සියලු නිලධාරීන් මහජනතාවට කථා කිරීමට පවා නොදන්නා නොමිනිසුන් කොටසකි අල්ලසට මෙම ස්ථානවලින් ඕනෑම රාජකාරියක් කරගත හැක ගම්පහ කාර්යාලයේ සේවකයින් පන්දාහේ මුදල් නෝට්ටු භාරනොගැනීම වැනි සිධීන්ද වාර්තා වී ඇත

එම නිසා වහාම මෙම ආයතන සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ කාලය එළඹ ඇත මෙම ආයතන පාලනයට අමාත්‍යවරුන් පත්කළ ජනාධිපතිවරයාටම මෙම ස්ථාන පරීක්ෂා කිරීමට සිදුවීම තුල මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ගැන තවත් කුමන තත්වයක් ද යන්න සිතිය යුතුමය මේ ආකාරයෙන් අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් සපයන සෞඛ්‍ය ,අධ්‍යාපන ,අධිකරණ අංශයේ ස්ථානද පරීක්ෂා කල යුත්ගුමය එමෙන්ම ගුවන් තොටුපලේ රෙගු අංශය ආගමන විගමන අංශය විදේශ රැකියා අමාත්‍යංශය තවත් බොහෝ ආයතන වල සිදුවන වංචා සහ දුෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කල යුතුමය මන්ද මෙරට දේශපාලකයට වඩා රාජ්‍ය නිලධාරීන් අල්ලස වංචාව දුෂණය සිදුකරන නිසාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *