“ඔක්සිජන් තිබුනට ටැංකි නැහැ” ඔක්සිජන් රෝගියා ලගට ගතයුතුයි!!ප්‍රමාණවත් තාක්ෂණයක් තිබෙනවාද??

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිවේදනය සඳහන් කරයි.

අවාසනාවකට මෙම තත්වයට හොදින් මුහුණ දීමට සාධනීය ක්‍රියාමාර්ග ගැනීමේ තත්වයක් තවමත් පෙනෙන්න නැහැ අද අපේ අසල් වැසි ඉන්දියාව තුලින් අපි පාඩම් ඉගෙන ගත යුතුයි අපි ඉන්න තත්වය ගැන සැහීමකට පත්වෙන්න බැහැ නියත බෙහෙතක් නොමැති කොරෝනාවෙන් අසාධ්‍ය වන රෝගීන් මියයන්න නොදී තබාගන්න ඔක්සිජන් අවශයි තාක්ෂනය අතින් ඉහල ඉන්දියාවේ පවා මේ තත්වය ඇති වීම තුල අපි කොහොමද ඔක්සිජන් ප්‍රශ්නය කළමනා කරණය කරන්නේ කියලා වහාම පිළියම් සෙවිය යුතුයි. සෞඛ්‍ය ශේස්ත්රයට ඔක්සිජන් සපයන සමාගම් දෙකක් තිබෙනවා එම නිෂ්පාදන ප්‍රමාණයෙන් අඩකට වඩා පාවිච්චි කරන්නේ සෞඛ්‍ය ශේත්රයෙන් පිට කර්මාන්ත සදහා ඒ අනුව ඔක්සිජන් සැපයීම සහ නිපදවීමේ ප්‍රශ්නයක් නැතිවෙන්න පුළුවන් එහෙත් එම ඔක්සිජන් රෝගියාගේ ඇද ලගට ගෙනියන්න අවශයි ලංකාවේ විශාල වශයෙන් ඔක්සිජන් රැස්කිරීමට හැකි ටැංකි 28 යි තියෙන්නේ එම ටැංකිවල ද්‍රවීය ලීටර් 3000 සිට 20000 දක්වා තබාගන්න පුළුවන් එහෙත් 20000 ටැංකි දෙකයි තියෙන්නේ ඒ කොළඹ ජාතික රෝහලේ සහ පේරාදෙණිය මහා රෝහලේ පමණයි එම රෝහල් වල ඔක්සිජන් අවශ්‍ය රෝගීන් විශාල ම්පිරිසක් සිටිනවා කොරෝනා රෝගීන් එම රෝහල් වෙත ගන්නේ නැහැ ස්නේක් ටැංකි විශාල ප්‍රමාණයක් තිබෙන්නේ කොරෝනා රෝගීන් නොසිටින රහල් වලයි දැන් අපට සිදුව තිබෙන්නේ ජම්බෝ ටැංකි මගින් කොරෝනා රෝහල් වෙත ඔක්සිජන් ලබා ගැනීමයි එම සිලින්ඩර් බරයි එම සිලින්ඩරයක් හසුරුවන්න දෙදෙනෙකු අවශයි ජීවිතය බේරාගැනීමට ඔක්සිජන් අවශ්‍ය රෝගියෙකුට මෙවැනි විශාල සිලින්ඩරයකින් ඔක්සිජන් ලබා දිය හැක්කේ පැය කිහිපයක් පමණයි කොළඹ මහා රෝහලේ මෙවැනි සිලින්ඩර් 300 ක් පමණ තියෙනවා අනෙක් රෝහල් වල අඩුයි

ඉන්දියාවේ තත්වය මීට දෙවැනි නැහැ ඉන්දියාවට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ඇති එහෙත් ඔක්සිජන් රෝගීන් වෙත ගෙනයාමට නොහැකි නිසා රෝගීන් මහමග මියයනවා අපිටත් මේක වෙන්න පුළුවන් කොළඹින් පිට කොහොමද ඔක්සිජන් ගෙනියන්නේ කෙතරම් කාලයක් යනවද මේ සියල්ල ඉන්දියාවෙන් පාඩම් කියා දෙනවා

ඔක්සිජන් නිෂ්පාදනය කරලා සිලින්ඩර් වලට දමලා රෝගියා ලගට ගෙනයාමේ ක්‍රියාවලිය වහාම විදිමත්ව සැලසුම් කල යුතුයි ඒ සදහා අදාල ශේෂ්ත්‍රයේ දැනුම තිබෙන ප්‍රවීනයන් දේශපාලන බේදයකින් තොරව තෝරාගත යුතුයි මිතුරන් පමණක් ලංකරගෙන මේක කරන්න බැහැ මේ දේ අපිට කරගන්න බැරිනම් වෙන්නේ අපි අසමත් වීමට සැලසුම් කිරීමයි

මේ සියල්ල දිහා බැලු විට අපට පෙනෙන කරණය තමයි රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට වඩා රෝගය වැළක්වීමේ සැලසුම් කිරීමයි මෙම රෝගය පැතිරීම බාල කිරීමට කිසියම් lockdown ක්‍රමයක යායුතුයි එය නොකරම සිටීම කිසිසේත්ම කරන්නේ නැහැ කියන දැඩි මතය හොදම ක්‍රමය නොවෙන්න පුළුවන්
මේ සදහා නිවැරදි තොරතුරු සෞඛ්‍ය අංශ මගින් දේශපාලන ශේෂ්ත්‍රයට ලබාදිය යුතුයි .මෙය නිසියාකාරව සිදු නොවන බව අපගේ විශ්වාසයයි අවශම දත්ත නිවැරදි නැහැ සියල්ල අසම්පුර්ණයි ලෝකයේ කොවිඩ් ජයගත් රටවල් ඒ සදහා කෙතරම් බුද්ධිමත් තීරණ ගත් බවට සොයන්න රටේ සියලු සෞඛ්‍ය අංශවල එකතුවක් අවශ්‍යම වෙලාවක් එම නිසා වාද බේද දුරුකර සියලු කොටස් නිවැරදිව නිශ්චිත කරමු මේ මොහොතේ අපි කොරෝනා උවදුර වෙනුවෙන් කැපවෙමු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය නිවේදනය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *