නිවාඩු පැමිණි ගාල්ලේ නාවික සෙබළුන් 20 ට කොරෝනා නැහැ

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

වැලිසර නාවික හමුදා කදවුරේ   රාජකාරිකොට නිවෙස්වලට පැමිණි නාවික සෙබලුන් 20 දෙනෙකු පසුගිය දින දෙකේ පි.සි.ආර් පරික්ෂණවලට ලක්කළ බවත්  ඉන් කිසිදු නාවික සෙබලෙකුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි  ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

 මෙකි නාවික සෙබලුන් ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.   මෙම නාවික සෙබලුන් වැලිසර නාවික හමුදාකදවුරට අනුයක්තව රාජකාරිකරණ  අතර ඔවුන් නිවාඩු ලබා නිවෙස්වලට පැමිණ සිටියහ.නාවික කදවුරේ සෙබලුන් පිරිසකට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවිම නිසා මෙකි නාවික සෙබලුන්ද පි. සි..ආර් පරික්ෂණයට යොමු කිරිමට පියවරගත් බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

  මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මෙසේද කිවේය.

 මෙම නාවික සෙබලුන් නිවාඩු ලබා පැමිණි අය මෙන්ම ආසාදිත වු සෙබලුන් සමග සම්බන්දතා පැවැත්වු අය ද ඉන්නවා. එකට ප්‍රවාහනයේ යෙදුණු අය.එක කදවුරේ ඉදලා නිවාඩු ලබාගත් අය. සිටියා. ඒ අනව පසුගිය දින දෙකේ ගාල්ල දිස්ත්‍රික්කයේ එම නාවික සෙබලුන් 20 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණයට ලක්කළා.ඒ කිසිදු  නාවික සෙබලෙකුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරු වි තියෙනවා.කෙසේවුවද මෙකි නාවික සෙබලුන් හා පවුලේ අය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

නිවාඩු ලබා  නිවෙස්වලට පැමිණි  මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පදිංචි නාවික සෙබලුන් කිහිප දෙනෙකුගේ සාම්පල්  පි.සි.ආර් පරික්ෂණ සදහා අද දින  ලබා ගැනිමට නියමිතව තිබු බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය මෙකි පි. සි ආර් පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකෙරේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *