මුතුරාජවෙල වනසන සංවර්ධනයක් එපා

සංවර්ධනය කියන වචනය අපේ කටට සහ ජන වහරට අපූරුවට කට පාඩම් වූ වචනයක් මේ වචනයේ බොහෝ අර්ථ තිබෙනවා මුලින්ම අපි සංවර්ධනය භෞතික සංවර්ධනය සහ මානව සංවර්ධනය කියලා බෙදෙනවා අපි මානව සංවර්ධනය ගැන කොටස මේ කථාවේ මදක් පසු පසට දමන්නේ නොවැදගත් නිසා නොවෙයි ඒ කථාව වටිනාකම වැඩි නිසාත් රටක් වශයෙන් බොහෝ වැරදි කරන භෞතික සංවර්ධනය ගැන අද යුගයේ කථා කලයුතු නිසා එය පෙරට ගැනීම වැදගත් සහ අපේ කතා නායකයා එහි සැගවී සිටින නිසා ඊට වඩා වැදගත් නිසයි

මුතුරාජවෙල හොටෙල් සංකීරණයක් කියූ සැනින් කරුණු හරිහැටි නොවිමසා තල් අත්තට බෙලි ගෙඩිය වැටුණු විට හවා දිව්වා මෙන් කුලප්පු වීම නොකළ යුතු මෙන්ම වෙනත් අරමුණු ඇතිව එසේ කුලප්පු කරන පිරිසගෙන් ද ජනතාව ප්‍රවේශම් විය යුතුය මුතුරාජවෙල විනාශ වී ඇති කඩොලාන සහ පරිසර පද්ධතිය මෙල්වත්ත ප්‍රොපර්ටි ඩිවේලොපර්ස් පුගලික සමාගම විසින් නැවත කඩොලාන කැලෑවක් ඇතිකර හරිත කලාපයක් කොට ඒ තුල හරිත උද්‍යානයක් හොටෙල් සංකීරණයක් තනනුයේ නම් එහි මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය එය ජාතියේ භාග්‍යකි මෙල්වත්ත සමාගම එසේ කරනවාදැයි අපිද උනන්දුවෙන් බලා සිටිමු එසේ නොවන්නේනම් ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමට අපි කිසි විටකත් පසුබට නොවන්නෙමු

ලංකාදීප පුවත් පතේ පළවූ කතුවැකියෙන් උපුටා ගැනීමකි!!! මෙය ඉතා හොද මධ්‍යස්ත විග්‍රහයකි!!!

https://reader.magzter.com/preview/qb8s5mej18fav9tzkd9rcu5671940/567194#page/4

අපි කථාවට කෙලින්ම බහිමු

මුතු රාජවෙල අපි මේ නම ඇහෙන විටම අපේ හිත අතීතයට දිව යනවා ඒ මුතු රාජවෙල කියන නමත් අපේ ඉතිහාසයේ කොටසකුත් එහි ඉතිරි වන නිසා මුතුවන් සම්බා සහල් දුන් වෙල කියලා ඇතැමෙක් කියනවා තවත් අය ඉන්දියාවේ මුතතුර් සාමිවරයා මෙහි සිටි නිසා මුතු රාජ වෙල බවට පත්වුනා කියලා ඉතිහාසයේ කියවෙනවා එහෙත් මුතුවන් සම්බා සහල් වැඩුණු බිමක නාමය අපේ පැරැන්නන් තවමත් මුමුණන නිසා කිසිදු විවාදයකින් තොරව අපිද එය පිළිගන්නෙමු.

ඒ සුන්දර අතීතයත් සුන්දර නමවත් වලංගු නොවන තැනකට මුතුරාජ වෙල පත්වීම හරහා සිදුව ඇති විනාශය මැනිය නොහැකිය ගම්පහ සහ කොළඹ කුණු ටොන් ගණනින් දිනපතා එකතුවන බිමක මොන මුතු දැයි සිතෙන තැනක ජනතාව සිටී වර්තමානයේ මෙන්ම මීට වසර 15 ක පමණ සිට ප්‍රාදේශීය දේශපාලකයන්ගේ මඩිය තරවෙන තැනක් බවට මුතු රාජවෙල පත්ව ඇත කුණු පමණක් නොව ගලි බවුසර් තොග ගණනින් හලන මුතුරාජවෙල වත්මනේ අමුතු දුර්ගන්ධයකින් වැසී ඇත

මේ තුල කඩොලාන කැලෑවක් සහ හොටෙල් සංකීර්ණයක් ඉදිකිරීම හරහා සිදුවන පරිසර තත්වයන් කෙරෙහි සුභවාදීව සිතීමට කාලය එළඹ තිබෙයි මෙල්වත්ත ප්‍රොපර්ටි ඩිවේලොපර්ස් පුගලික සමාගම සිදුකරන මේ සංවර්ධන ව්‍යාප්තිය දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නේ ඔවුන් ඉදිකිරීම් වලට පෙර කඩොලාන කැලෑවක් නිර්මාණය කිරීමට පියවර ගැනීම නිසාය ඔවුන් සදහන් කරන පරිදි එය සාධනීය පියවරකි අපිද කියන්නේ එහෙම එන්න කියාය පළමුව පරිසර නිර්මාණය කර දෙවනුව සංවර්ධනය ගනසිතීම ගැන අපි මෙල්වත්ත ප්‍රොපර්ටි ඩිවේලොපර්ස් පුගලික සමාගම ගැන යම් සහතිකයක් දීමට පෙරට එන්නෙමු එහෙත් ඔවුන් සදහන් කරන දේවල් සිදුවිය යුතුමය එසේ නොවන පළමු තත්පරයේදී අපි මෙල්වත්ත ප්‍රොපර්ටි ඩිවේලොපර්ස් පුගලික සමාගමට එරෙහිව සටන් කරන්නෙමු එම විරෝධයේ පෙරමග සපයන තැනට අපිද ඇදී යන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *