රන්ජන්ට බැටදෙන්න ගිය නිමල් ලංසාගේ සිල්ලර ජනප්‍රියත්වයේ අවදානම

රන්ජන් රාමනායක ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකල  ප්‍රකාශයෙන්  පසු පාර්ලිමේන්තුව ඇමතු රාජ්‍ය අමාත්‍ය  නිමල් ලන්සා මහතා පිළිතුරු කථාව ඉදිරි පත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ සහ සමාජ මාධ්‍ය තුළ දැඩි කථා බහක් ඇතිකර ඇත රන්ජන්ගේ කථාව තුල වැඩි වශයෙන් කථා බහට ලක්වූයේ කුඩු සහ කුඩු මුදලාලිලා ගැනය එවැනි තත්වයක් තුල නිමල් ලාන්සා රන්ජන්ගේ කථාවට පිළිතුරු කථාවක් දීමට යාමෙන් දේශපාලන හානියක් කරගෙන ඇත අර පැරණි කියමනක් වන අබ කෑ මිනිහගේ මොළය දානවා කියන වැකිය යථාර්තයක් කිරීමකි රන්ජන් අවධාරණය කරන ලද කරුණු 100%අනුමත නොකලද එහි යම් ගතයුත්තක් තිබුණු බව සැබෑය

එසේනම් ලාන්සා වැනි අයෙකු ලවා රන්ජන්ට පහර දීම තුල එය ලන්සට සහ ආණ්ඩුවට බූම රංගයක් වී ඇත විශේෂයෙන් මීගමුවේ කුඩු ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන් සමග නිමල්ලාන්සා ගේ නම පසුගිය කාලයේ  නිතර කියැවුනි රන්ජන්ගේ ප්‍රකාශයට පිළිතුරු දීමට යාමෙන් ඇමැති නිමල් ලන්සට සිදුවුයේ පෙර වැදී තිබූ ලේබලය අළුත් කර ගැනීමකි නිමල් ලාන්සා මෙම පරකාශය හිතා මතාම පාර්ලිමේන්තුවේ sidu කලානම් එය ඔහුගේ දේශපාලන භාවිතයේ දුර්වල කමකි

ඔහු ට යම් උපදේශයක් මත ඉහත ප්‍රකාශය කිරීමට ඉදිරිපත් වූවානම් එය නිමල් ලාන්සා අමාරුවේ දැමීමට ගත් උත්සාහයකි කෙසේ හෝ රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා වෙත සමාජයෙන් සහ සමාජ මාධයෙන් ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරයක් නොවන බව කිව යුතුය  රන්ජන් ඕනෑම දේශපාලන ධාරාවකින් ඉදිරිපත් වුවද ඔහු මනාපයෙන් ඔසවා තබන බව සත්‍යකි රන්ජන් හැම කුලකයේම වීරයා නිසාය රන්ජන්ට මීළග මැතිවරණයේදී මුදල් වියදම් කිරීමකින් තොරව පාර්ලිමේන්තුවට පැමිණිය හැකිය රන්ජන් තම පදනම මැතිවරණය වෙනුවෙන් තබා අවසන්ය ඒ රන්ජගේ හැටිය

නිමල් ලාන්සා එළඹෙන මැතිවරණයේදී මනාප ලයිස්තුවේ පෙරමුණට පැමිණීම කෙසේ වෙතත් හොද ජයග්‍රහණයක්  කලයුතුය මන්ද ගම්පහ දිස්ත්‍රිකයේ ප්‍රසන්න රණතුංගගේ නමට යටින් ලන්සාගේ නම කියවෙන නිසාය අද එම තත්වය සැබෑ යථාර්තයක් වෙයිද කියා ප්‍රශ්නයක් ඇත ඒ නිමල් ලන්සාගේ ආසනය වත්තල වුවත් ඔහුගේ සැබෑ දේශපාලන පිටිය  මීගමුව ආසනය ක්‍රමයෙන් ආක්‍රමණය කරන ලදේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා විසිනි පසුගිය දින කිහිපයේ මීගමුවේ ජන හමු කිහිපයක් පවත්වන ලදී

අද වන විට ගම්පහ දේශපාලනයේ පොහොට්ටුවේ සීතල යුද්ධය ඇරඹුනා පමණි මේ සියලු තත්වයන් තුල මහ මැතිවරණයක් කැදවීමට මාස දෙකක කාලයක් තබාගෙන නිමල් ලාන්සා සිදුකරගත් දේශපාලන අවාසිය විශාලය කාලයේ වැලි තලාවට තම නම ඈදුණු සිද්ධීන් යට යන මොහොතක පැත්තක යන කථාවකට පිළිතුරු දීමට ගොස් නැතිනම් නාලිකාවක් පිනවීමට ගොස් තාවකාලික ජනප්‍රියත්වයෙන් දේශපාලනයේ දීර්ඝ හානියක් සිදුකර ගෙන ඇත එළඹෙන මැතිවරණයේදී නැවත පරණ නම ඇදීම තුළ නිමල් ලාන්සා දේශපාලනයෙන් පරාජය වනු ඇත

ඔහුගේ දේශපාලන ගමනට දැඩි බදා එල්ලවන කාලයක  ප්‍රවේසම් සහගත දේශපාලන ගමනක් යායුතුය එයට හොදම උදාහරණය ගම්පහින් පාර්ලිමේන්තුවට ගිය ඉන්දික අනුරුද්ධය ඔහුගේ නම ඈ දුනේ පස් වැලි මැටි සදහාය සැබෑවටම ඔහුගේ මුල් යුගයේ එවැනි ව්‍යාපාර තිබුණි පසුව පවුලේ උදවියට සහ හිතවතුන් එම ව්‍යාපාරයන් කරන බවට ප්‍රචලිත විය පසුගියදා රන්ජන් රාමනායක මහතාගේ  හඩ පට ගැන මාධ්‍ය වේදියෙකු ප්‍රකාශයක් ලබාදෙන ලෙස කීවද ඔහු කියා තිබුණේ මම සහ රන්ජන් අතර ආරවුලක් තිබෙන නිසා ඔහුගැන මාධ්‍යට ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි එය නිවැරදිය තම ප්‍රතිවාදියාට පහරදීමට ඕනෑතරම් අවස්ථා තිබියෙදී සිල්ලර මාධ්‍ය පිනවීමට යාමේ විපාකය නිමල් ලාන්සා අත්විදිමින් ඇත අහක යන නයි තමන්ගේ රෙද්ද අස්සේ  දාගන්න එපා යයි කියන කියමන නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍ය වරයාට කෙතරම් ගැලපේදැයි ජනතාව ඉදිරියේ ලබාදෙන ප්‍රතිචාරයන්ගෙන් දැක ගත හැකි වනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *