මිනුවන්ගොඩ ජනතාවට අත්‍යවශ භාණ්ඩ ලැබෙන්නේ කවදාද ???

දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් තවමත් සාකච්චාවේ

මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් තදින්ම ඇති බව අප මින් පෙරද වාර්තා කරන ලදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හෝ බලධාරීන්ගේ නිසි අවධානය අද දිනයේදේ ලක් නොවන ලදී අද පස්වරුවේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කරයලයෙදී ආණ්ඩුවේ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් අතර සාකච්චාවකදී තීරණය කර ඇත්තේ සමුපකාරය ,කාගීල්ස් පුඩ්සිටි ,සතොස සහ කීල්ස් සුපර් ආයතන මැදිහත්වීමෙන් මිනුවන්ගොඩ ජනතාවට අවශ්‍ය භාණ්ඩ නිවාස අසලටම ගෙනවිත් දීමට කටයුතු කරන බවයි

ජනතාව කියන්නේ ඔය කියන ආයතන කිහිපයෙන් පමණක් මේ වැඩේ කරන්න බහ පසුගිය වතාවේ වුනා වගේ මෙවරත් තවත් වෙළද ප්‍රජාවක් මේ වැඩේට සම්බන්ධ කරගැනීම අත්‍යවශයි මිනුවන්ගොඩ විශාල ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක් ඔය ආයතන තුනට ජනතාවගේ අවශ්‍ය තාවයන් සපුරාලීමට හැකිද කියලා ඔය තීරණ ගන්න මහත්වරු කල්පනා කරන්න ඕන අනෙක මේ ම ආයතන වලින් බඩු ගන්න බලන් හිටියොත් අද ඕන බඩුව සතියකින් තමයි අපිට ගන්න වෙන්නේ මොකද ඔය කියන තරම් යාන්ත්‍රණයක් මෙම ආයතන සතුව නැහැ එහෙම තියෙනවනම් පසුගිය වතාවේ බෙදන්න තිබුනා

ගමේ සමුපකාරයේ හාල් කිලෝ පහක් ගන්න නැහැ ඉතින් කොහොමද ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට විසදුම් දෙන්නේ බොරුවට සාකච්චා කරනවා විතරයි ඕවා සංදර්ශන පමණයි ජනතාව එදා වේල සොයාගන්න ගමේ කඩේ ලග පෝලිමේ යාන්ත්‍රණය කියන්නේ කථාවට පමණක් සීමාවූ දෙයක් මිනුවන්ගොඩ මිනිස්සු විතරක් නොවෙයි දිවුලපිටියේ මිනිසුන්ගේ තත්වයක් මෙහෙම තමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *