නාවික හමුදාව ගාල්ල ගිංතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩ සටහනක

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ගාල්ල, ගිංතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (13) ක්‍රියාත්මක කෙරුණි.

පසුගිය දිනවල ඇද හැලුණු දැඩි වර්ෂාවත් සමග ගිං ඟගේ ජල මට්ටම ඉහළ යාමෙන් එම සැඩ පහරට හසුව ගසාගෙන එන ලද කැලි කසල සහ දැව කඳන් විශාල වශයෙන් ගිංතොට වෙරළ තීරයේ ගොඩ ගැසී තිබුණි. මෙසේ වෙරළ තීරයෙහි විසිරී තිබූ උණ පදුරු දැව කඳන් ආදි කැළි කසල සම්පූර්ණයෙන්ම ඉවත්කර ඉතා අලංකාර ලෙස වෙරළ තීරය පිරිසිදු කිරීමට නාවික හමුදාව ක්‍රියාකල බව ගාල්ල දක්ෂිණ නාවික හමුදා කදවුර කියයි.

නාවික හමුදාවේ ‘’නීල හරිත ව‍්‍යාපෘතිය’’ යටතේ දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එහි තවත් එක් අදියරක් ලෙස ගිංතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන පවත්වන ලද බවත් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කදවුරේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් පැවති මෙම පිරිසිදු කිරීමේ කටයුතු සදහා දකුණු පළාත භාර නාවික අඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් ඇතුළු දකුණු නාවික හමුදා නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *