දුෂණ විරෝධී බලකායේ නාමල් කුමාර පොහොට්ටුවෙන්

මහින්ද රාජපක්ෂ මහතා හමුවී  සාකච්ඡා පවත්වා  එකඟතාවට පැමිණි බව

ජනාධිපති තුමන් සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හෙළිකරමින් මෙරට සමාජයට අලුත් මුහුණක් ලෙසින් පැමිණි  දුෂණ විරෝධි  බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා    මහ මැතිවරණයට  ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන්  දිගාමඩුල්ල දිස්ති‍්‍රකයට තරග කරන බවට වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය නාමල් කුමාර මහතාගෙන් කළ විමසුමකදී  ඒ මහතා පැවසුවේ තමන් ඊයේ (12)   අග‍්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා හමුවී  සාකච්ඡා පවත්වා  එකඟතාවට පැමිණි බවයි.අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමියන් මුණගැසී සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් ආශිර්වාදය ලබා ගත් බවද නාමල් කුමර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *