ඇල්පිටියේ පොල් කට්ටා අභිරහස් ලෙස ඝාතනය කලේ කවුද ?

වෙඩි තැබීමක් නිසා සිදු වූයේ දැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි

ගාල්ල ඇල්පිටිය අනුරුද්ධගම ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය පවසයි.

මේ ආකාරයට ඝාතනය කර ඇත්තේ,මියගොස් ඇත්තේ කරන්දෙණිය මණ්ඩකන්ද පදිංචි තොම්මයා හකුරු සුජිත් කුමාර හෙවත් පොල් කට්ටා නැමති 42 හැවිරිදි කුරුඳු තැලූම් කරුවෙකු වන විවාහක අයෙකි.මුහුණේ දකුණු පැත්තේ වෙඩි සලකුණකට සමාන තුවාලයක් සහිතව නිවෙසේ ඇඳ මත එම පුද්ගලයා මිය ගොස් සිටි බව පොලීසිය කියයි. 119  පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් මත එම ස්ථානයට පොලීසිය පැමිණ පරීක්ෂා කිරීමේදී මිදුලේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ බවද පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයා බිරිඳගෙන් වෙන්වී මීට මාස හතරකට පමණ පෙර සිය විදේශගතව සිටින ඥාතියෙකුගේ අනුරුද්ධගම පිහිටි නිවෙසක තාවකාලිකව නැවතී සිටි බවට තොරතුරු අනාවරණය කරගත් බව පොලීසිය පවසයි.මෙම ඝාතනය වෙඩි තැබීමක් නිසා සිදු වූයේ දැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි. සිද්ධිය සම්බන්ධයෙන්, මහේත‍්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණ.

ඇල්පිටිය පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතාගේ උපදෙස් මත ඇල්පිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක අජිත් ප‍්‍රසන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *